Home / නවකතාව / වසන්ත ගිතයයි ඔබ දුර ඈත ගිම්හානයේ – 84

වසන්ත ගිතයයි ඔබ දුර ඈත ගිම්හානයේ – 84

 Untitled-1

අදාල මැණික් ඉඩම සම්බන්ධ රජය සමග නඩු කීමට යාම එතරම් නුවණක්කාර ක්‍රියාවක් නොවන බව මාලිංග අරංගවිලට අරවින්ද රත්නායක නිතිඥයෙකු ලෙස උපදෙස් දුන්නේය අරවින්ද රත්නායක ලංකාවේ ඉතා ප්‍රසිද්ධ දක්ෂ නීත්වේදියෙකු බැවින් රටේ ඉහළ පෙළේ පුද්ගලයින් නිරතුරුවම ඔහු සොයා එන්නට පූරුදුව සිටියේය නෝසේනම් ඔහු හා බෙහෙවින් හිතෛෂී ඇසුරක් පවත්විමට නිරතුරුවම උත්සහ ගත්තේය .

අරංගවිල ව්‍යාපාරයේ හිමිකරු වු මාලිංග අරංගවිලද එවැන්නෙකු වු අතර ඔහු තම අතීත පෙම්වතිය වු නිම්සරා සමග විවාහ වී සිටිම හරහා ඔවුන්නොවුන් අතර වඩා සබැදි මිත්‍රත්වයක්ද ගොඩනැගී පවතීන නිසා සමහර අවස්ථාවල නීතිමය උපදේසකත්වයෙන් එහා ගිය මිත්‍රශීලී අදහස්ද අරවින්ද සහ මාලිංග අතර හුවමාරු විය.

මාලිංග සහ නෙත්සරා විවහා වී වසර විස්සකට වඩා කාලයක් ඉක්මව ගොස් තිබුණේය.

ඒ කාලය තුලදී අරවින්දට අනේක විට නිම්සරා පිළිබද මතක අවධිව ආවද එත් ඒවා සිතිවිලි වලින් එහාට ගෙනයන්නට ඔහු උත්සහ නොගත්තේය.

නිම්සරාද අරවින්ද රත්නායක තම යෞව නයේ දුටු සෙනෙහෙබර පෙම්වතා ලෙස ඔහුව පිලිනොගත්තා සේය

තම ස්වාමියාගේ ව්‍යාපාරික කටයුතුවලදි ඔහුට සහය වන නීතිඥයා ලෙස පමනක් ඔහුගැන සිතන්නට හෙතෙම නිරන්තරව උත්සුක වු අතර සමහර අවස්ථාවල අතීතයේ නටඹුන් සිහිගැන්වු අවස්ථාවලදී වහා තම සිතිවිලි ඉන් බැහැර කරගන්නට ඇය නිරන්තරවම ක්‍රියා කලාය.

මාලිංග අරංගවිල නම් වු සුප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයාගේ බිරිද ලෙස සහ අරංගවිල ව්‍යාපාරයේ පුර්ණ විධායක ලෙස තමන් සිටින ස්ථානය සහ සමාජයෙන් ඒ හරහා ඇයට ලැබී ඇති ස්ථානයනි නිම්සරා අරංගවිල මහත්මිය වඩා ත්‍රිව වදගත් කමක් ආරුඪ කර තිබුණා යැයි ඇය නිරතුරුවම කල්පනාවට ගත්තේය.

කෙසේ නමුත් කාළයා විසින් අරවින්ද නිම්සරා සබැදියාව නටඹුන් වු අතීතයක සිමා කොට තිබුනාද නො එසේනම් ඔවුන් අන්තර්ග්‍රාහනය වු ජීවන රටාවේ සමාජ වටිනාකම සහ කාර්ය බහුලත්වය මානව හැගිම් පරයා ඔවුන්නොවුන්ගේ ජිවිත ආක්‍රමණයකර තැබුවද යන්න වර්ථමානයේ මිතුරන් ලෙස හෝ තම ව්‍යාපාරයේ නීතීමය කටයුත්තකට හෝ හමුවන අවස්ථාවකදීවත් අරවින්ද අභියසදී අතීතය සිහිකරන්නට නිම්සරාගේ සිත්මානයට සිතිවිල්ලක් වත් නොපැමිණි අතර ඇයගේ ඒ පුදුමාකාර වෙනස්වීම මුලදි ඉතා කටුක සිතිවිලි ඝහණ විදවිල්ලක් ලෙස තම හුදකලා ජීවිතය ආක්‍රමනය කරනු ලබූ අවස්ථාවන් විරළ වෙද්දී නිම්සරාගේ එකි හැසිරිම් රටාවට සමගාමිව තම සිතද ඒ අතීතයට වැට මායිම්තබා බැද ගන්නට අරවින්දද පියවර ගත්තාය.

ආ ඒක නෙමේ මිස්ටර් අරංගවිල ඔබතුමාගේ වාසගම තියෙන අළුත් නිතිඥවරියක් මා ගාව පුහුණු වෙනවා!අළුත් යමක් සිහිවුනා සේ අරවින්ද මාලිංග සමහ කියන්නට විය.

ආ එහෙමද! එහෙනම් ඉස්සරහට මගේ නීතිකටයුතු එයාට දෙමු දෙදෙනා කොක් හඩලා සිනාසෙමින් එසේ කියනා විටම ෆයිල් කරව කීපයක් රෑගෙන අරවින්ද අසලට සමදරා පැමිණෙනු මාලිංග දුටුවේය.
ඇය ඉතාම ප්‍රියංකර ලෙස තමා සමග සිනාහාසෙනු දුටු මාලිංගගේ සිතට ඒ රුව තම මතකයේ තිබෙනු සිහිවීමත් සමග ඔහුගේ මුවෙහි වු සිනාහව වෙනුවට ඊට කුතුහළය දනවන අන්පේක්ෂිත හැගිමක් ආරුඪ වු අතර ඒ වෙනස අරවින්ද මෙන්ම සමදරාටත් හොදින් දුටුවාය.

රෑළි ගැන්වුණු දෙඇස් බැමි මතින් තම උපැස් යුවළ මදක් පහලට හෙළු මාලිංග වඩා හොදින් සමදාරා දෙස නිහඩව බලා හිදිනු දුටු අරවින්ද

ආ මිස්ටර් අරංගවිල මේ තමයි ඔබතුමාට කියපු නිතිඥ නෝනා අර ඔබතුමාගේ වාසගම තියෙන්නේ!
ආ.. එහෙමද ඔබතුමිය රත්නපුර පැත්තේමද යැයි මාලිංග සමදරාගෙන් විමසන්නට වුයේ ඉතාම ලෙන්ගතුකමකින් යුතුවය.
නෑ! සර් මම අනුරාධපුරේ ඇය සිහින් හඩින් මාලිංග දෙසත් බලමින් පවසන්නට විය.

ඇය අනුරාධපුරේ යයි පැවසිමත් සමග මාලිංගට ක්ෂණිකව කල්පනීව සිහිවන්නට විය.

ඇය තමන්ගෙන් වෙන්වී අනුරාධපුර ප්‍රදේශයේ ජිවත්වන බව මාලිංගට දැනගන්නට ලැබී තිබුණේ ඔහු නිම්සරා සමග විවාහවී කාලයක් ගත වු පසුවය තවදුරටත් කල්පනී පිළිබද සොයා බලන්නට හෝ ඇය සොයා යන්නට ඔහුට උවමානාවක් ඇති නොවුනේ කල්පනී තමාගෙන් වසන්වී එසේ පලා ගියේ තමන් කෙරෙහි අනුකම්පාවක් හෝ ආදරයක් නොමැතිකමින් බව නිමිසරාගෙන් ආක්‍රමණය වු සිය ජිවිතයට ඒ වනවිට මාලිංග අනුගතවෙමින් සිටි නිසාය.

ඔබතුමීයගේ දෙමාපියන් කවුද? මාලිංග සමදරා දෙස  බලමින් අසන්නට විය
මගේ තාත්තා අනුරාධපුරේ වාරිමාර්ගේ වැඩකලේ එයාගේ නම නානයක්කාර අම්මා ගුරුවරියක්!
එතකොට අරංගවිල නම ආවේ කොහොමද? මාලිංගගේ ඊ ලග ප්‍රශ්නය විය.
ඒක නම් මම දන්නේ නැ අපේ අම්මගෙන් තමයි අහන්න වෙන්නේ සමදරා මුවගට නගාගත් ව්‍යාජ සිනහවකින් යුතුව මාලිංග  සමග පවසන්නට වුහ.

අම්මගේ නම මොකද්ද? මාලිංග සමදාරා තුලින් ස්මතුවන කල්පනීගේ හඩරුවවට වශී වු දැසින් විමසන අතරතුර අරවින්ද ඔවුන් දෙදෙනා දෙසම බලා සිටියේ කිසියම් විනිස්චයක් අපේක්ෂිත අන්පේක්ෂිත සිතිවිලි ඝහනවය

මගේ අම්මාගේ නම කල්පනී යැයි සමදරා පවසත්ම තම හිද වුන් අසුන ඉබේ පසෙකට තල්ලු වු අයුරින් ඉන් නැගිටගත් මාලිංග දෙනෙතට උණන උණු කදුළැලි අතරින් සිය දැත සමදරා වෙත දිගු කරන්නට වුයේ කිසිවක් නොකියාමය දෙවියනේ!! මේ මගේ දුව අරවින්ද! මේ මගේ දුව! ඔහු දෙවෙනි වරට මදක් වේගයෙන් පවසන්නට විය.

ලබන සතියට……..

 

 

 

 

About SirilakaNews

Check Also

Untitled-3

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 81

ඉද හිට හමන සුළගින් සළිතවන අඹ ගසේ වියළි කොළ කීපයක් ජනේළයෙන් කාමාරයට වෑටී ඈති බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *