Breaking News
Home / ප්‍රධාන පුවත් / යෝජිත නව ව්‍යවස්ථාව හරහා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට ශ්‍රීලංකාව දෙකඩ කිරිමට නියතවම මග පැදෙනවා!

යෝජිත නව ව්‍යවස්ථාව හරහා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයට ශ්‍රීලංකාව දෙකඩ කිරිමට නියතවම මග පැදෙනවා!

 Untitled-1

යෝජිත නව ව්‍යවස්ථාව හරහා ක්‍රියාතමක විමට නියමිත පරිපාළන ව්‍යුහය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් නෛතික තත්වයක් උතුරු නැගෙනහිර දෙපලාත සහ මෙරට දමිළ ජනතාවට අනාගතයේදි සොභාවිකවම හිමිවන බැවින් ශ්‍රීලංකාව තුල වෙනත් රාජ්‍යයක් ඇතිවිම වලක්වාගත නොහැකි බව දේශපාලන විද්වතුන් පෙන්වාදෙයි.

දේශපාලන සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් මඩුල්ලක් විසින් කොළඹ ගලධාරි හෝටලයේ යෝජිත නව ව්‍යවස්ථාව සහ අනාගත ශ්‍රීලංකාව මැයින් පවත්වන්නට යෙදුනු විද්වත් හමුවකදි මේ බැව් අනාවරණය කෙරිනි.

අදාල නව ව්‍යවස්ථාව ක්‍රියාත්මකවිමේදි එහි ක්‍රියාකාරිත්වය ශ්‍රීලංකීක සියළු ජන කොටස්වල සර්වසාධාරණ අයිතින් වෙනුවෙන් යැයි හුවා දැක්වුවද එකී ව්‍යවස්ථාවේ අභ්‍යන්තර සමහර කරුණු අධ්‍යනය කිරිමේදී මෙරට තුල බිහිවන අන්තර් පාළන පරිපාළන රටාව(පෙඩරල් රාජ්‍ය ) දිවයිනේ වෙනත් පලාත්වලට කෙසේ වෙතත් උතුරු නැගෙනහිර එක් කර නිර්මාණයවිමට නියමිත අන්තර් පාලන සභාව හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ස්වාධීන රාජ්‍යයක්  ලෙස වෙන්වයාමට අවැසි එක් සුදුසුකමක් ලෙස සලකන අතර

දෙවැන්න ලෙස දැනටත් රටේ ආරක්ෂක හමුදාවට එල්ලවන යුධ අපරාධ චෝදනා දෙවැනි සුදුසුකම ලෙස රටක අභ්‍යන්තර වෙනස් සංස්කෘතියක් හිමි ජාතියකට එල්ලවන සංහාරය යන චෝදනාවට යටත් කොට සපුරා ගැනීමට බෙදුම්වාදයට හැකියාව ලැබෙනු ඇත.

මේ අනුව ව්‍යවස්ථාව ස්ථාපිතවන අද දිනයට වඩා එහි අනාගත ක්‍රියාකාරිත්වය මත අපේක්ෂිත කුප්‍රකට උපායමාර්ග අඩංගුව පවතින බව අවධාරනය කරන දේශපාලන විද්වතුන් එහි සමහර වගන්තිවලට වඩා මානුෂික ස්වරූපයක් හුවා  ඒවා ස්මතුකරමින් අදාල ව්‍යවස්ථාව හරහා රටත් ජාතීයත් ඉතිහාසයේ නින්දිතම පවාදිමට බදුන්කර ඇති බව සහ ත්‍රස්තවාදය හරහා වසර තිහක් අමානුෂික ක්‍රියා මගින් ලබාගැනිමට නොහැකිවු බෙදුම්වාදී ඉලක්කය වත්මන් පාළනය විසින් බන්දේසියක තබා ඔවුන්ට ලබාදිමට ගන්නා උත්සහයක් ලෙසත් හදුනාගනී.

වඩා වැඩි සමාජ කථිකාවතුල මීට එරෙහිව පවතින මති මතාන්තර හේතු කොට ගෙන රජය අදල ව්‍යවස්ථාවට මානුෂික මුහුණුවරක් ලබාදිම සදහා විවිධ දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් ජාත්‍යන්තරප්‍රජාවේ පුර්ණ අනුග්‍රාහය යටතේ ක්‍රියාත්මක කොට ඇති බව පෙනෙන්නට ඇතත් අදාල ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිම සදහා රජය කල්යල් බලමින් සිටින්නේ පවතින ව්‍යාකුලතාවයට අනුව රජයට සියතින් බෙල්ල කපා ගැනිමට සිදුවෙතැයි යන බියෙන් යුතුව බවද එහිදී පලවු විද්වත් අදහස්වල නිගමනය ලෙස හුවා දැක්විය.

SLN/17/10 HE

 

About SirilakaNews

Check Also

CG_b7298a7f-9image_story

මෙවර ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 700 ක්! 700 million rupees for the presidential election!

පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 700 දක්වා වැඩිවනු ඇතැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *