Breaking News
Home / නිදහස් පන්හිද / එදිරිව අන්තවාදයේ (Barbarianism vs. Fundamentalism) ගැටීමේදී පොදු මනුෂ්‍යත්වය දියවේ.

එදිරිව අන්තවාදයේ (Barbarianism vs. Fundamentalism) ගැටීමේදී පොදු මනුෂ්‍යත්වය දියවේ.

 alt-59d2a447764e9-4319-6e30621b5f8862b459f943d6425391a7@1x

ආගමික අන්තවාද මේ වන විට ලෝක සාමයට වැඩිම බලපෑමක් කරමින් සිටී. ඉරාන-ඉරාක අර්බුදය, ඇෆ්ගන් අන්තවාදී ගැටුම, ඉන්දියාවේ ආගම විසින් ජනිත කළ (හිංදු ස්වෝත්මවාදය විසින්) කුළභේදය, මෙරට 30 අවුරුදු යුද්ධයටත් ආගම කරපින්නාගත් දේශපාලන අධිපතිවාදය අඩුවැඩි වශයෙන් හේතු විය. මේවා අපට ඉතා ආසන්න අත්දැකීම් ය. සෑම ආගමක්ම යම් විශ්වාස පද්ධතියක් මත ගොඩනැගෙන නිසා,එම විශ්වාසය ඉදිරියේ තර්කය ප්‍රතික්ෂේප වෙයි. එමනිසා තර්ක-විතර්ක, සංවාද මත නීති පැනවූවත් ආගමික අන්තවාදය පරාජය කිරීමට ලෝක සංවිධානවලට මේ ලියන මොහොත වන විටත් අපහසු වී තිබේ. මේ තත්වය තේරුම්ගත් එක්සත් ජානීන්ගේ සංවිධානයේ ආරම්භක ස්ලෝගනය වූයේ “යුද්ධය ඇතිවන්නේ හදවතේය. එම නිසා සාමයේ පවුරු නිර්මාණය කළ යුතු වන්නේ හදවතේ ය” යන්නයි.

මෙහි වර්තමාන නිදර්ශනය මියෙන්මාරයේ රෝගින්ග්‍යයා සුළු ජන කොටසට මහ ජන කොටසකින් එල්ලවන ජීවිත තර්ජනයි. මෙම ශෝකාන්තය ලංකාවට සමීකරණය වන්නේ රෝගිනග්‍යයාවරුන් පිරිසක් රටින් පිටුවහල් කරන ලෙස බලකිරීමට සංඝයා වහන්සේ ඇතුළු පිරිසක් ඉදිරියට ඒම නිසයි. බෞද්ධ භික්ෂුව විසින් මීට බොහෝ කලක සිට බුදු දහම ක්‍රියාත්මක කරන්නේ ආගමක් ලෙස මිස (දර්ශනය මත නොවේ) සංස්කතිය විසින් හදුන්වාදෙනු ලැබූ යම් විශ්වාස පද්ධතියක් රැකගැනීමටය. එම විශ්වාසය බරපතල ලෙස බෞද්ධ ජනතාවගේ මන්සේ කිදාබැසගෙන තිබේ දර්ශනයකට වඩා විශ්වාසයක් ජනගත කිරීම ඉතා පහසුය. මන්ද තර්කයක් නොමැති තැන බෞද්ධ සංඝයා ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේ එම කවන්ධ විශ්වාසයයි නැතහොත් භක්තිවාදයයි.

මහාචාර්ය අර්ජුන පරාක්‍රම මෙම අදහස මෙසේ ඉදිරිපත් කරයි.

“විශ්වාසයක් අපගේ කතිකා කර්මය තුළ හැසිරෙන්නේ ඇදහීමක් වශයෙන්. අප විසින් සාක්ෂි හා තර්ක භාවිත කරන නමුත් මෙම සාක්ෂි විශ්වාසයට මූලික නොවේ. සමහර විටෙක විශ්වාසයක් තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කරනු ලැබිය හැකි වුවත් එය රදා පවතින්නේ සාක්ෂි මත නොවේ. තර්කයක් සාක්ෂි මත පදනම් වුවත් විශ්වාසයක් වන්නේ වෙනත් තැනකදීය…. කෙනෙකුගේ විශ්වාසයට විරුද්ධ වීමේදී ත¾කය ප්‍රමාණවත් හෝ සාධනීය නැහැ. ඊට හේතුව විශ්වාසයන් අපහට ග්‍රහණය වන්නේ තාර්කික ක්‍රියාවලියක් මත නොවන නිසයි.”

(ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ ‘දෙමළාගේ ප්‍රශ්නය’ කෘතිය දොරට වැඩීමේ උත්සවයේදී කළ දේශනයෙන්)

විශ්වාසය පෙරටු කරගත් බෞද්ධ සංඝ සමාජය කෙතරම් දේශපාලනිකව ආන්තීකරණය වුවත් පාත්‍රයෙන් මුදල් පිළිගත්තත් වෙනත් ආගමක් මතකියනවා මිස නැතහොත් අප්‍රසිද්ධියේ විවේචනය කිරීම විනා බෞද්ධ සමාජය ප්‍රසිද්ධියේ විචාරය කිරීමක් නොකරයි. එවිට සිදුවී තිබෙන්නේ මෙරට සීමාන්තික භූමි ප්‍රදේශය, බෞද්ධ භික්ෂුවටත් බෞද්ධයාටත් අසීමාන්තික රජදහනක් වීමයි. එවිට දර්ශනය මත පිහිටිය යුතු බුදුදහම හදු ආගමක තත්වයට වැටේ. එසේම අවසානයේදී කර්මයෙන් ආගම ද අන්තවාදී වීමට පටන් ගනී.

මුස්ලිම් දහමද අද ලෝකයේ ක්‍රියාත්මක වන්නේ තර්කයක් මත නොපිහිටි අන්ධ භක්තිවාදය මත පදනම් වු විශ්වාස ධාරාවක් මතය. ශරියා නීතිය තනිකරම විශ්වාස පද්ධතියක් මත පිහිටා ඇත. විශේෂයෙන් ම වයස අවු. 12 ක තරම් කුඩා දැරියක් වුවත් නිදහසේ විවාහ කරගැනීමට මෙරට ව්‍යවස්ථාවෙන් (16 වගන්තිය) හා දණ්ඩ නීති සංගහයෙන් (363 වගන්තියේ ව්‍යතිරේකය) මුස්ලිම් සමාජය ලබාගෙන ඇති ඉඩ නිදර්ශන සේ දැක්විය හැක. සිරියාවේ ISIS සංවිධානය පෝෂණය වන්නේ තරුණයන් හා පාසල් සිසුන් වටාය. පාසල් විෂය මාලාවෙන් මුලින්ම ඉවත් කරන්නේ සාහිත්‍යය, ඉතිහාසය, ගණිතය වැනි මානව චින්තනය අවධි කරන විෂයන් ය. ඒ වෙනුවට අදේශ කරන්නේ ජිහාඩ් අන්තවාදයයි. ඔවුන් සිතන්නේ මානව ශාස්ත විෂයන් යනු ශිෂ්‍යයා තවදුරටත් ප්‍රශ්න කිරීමට යොමු කිරීමක් බවයි. ඔවුන් ප්‍රශ්නකාරී වනවිට (තර්කය නිසා) ඔවුන්ගේ අරමුණු වෙතට ඇදගෙන යාමට නොහැකි බවයි. ඒ වෙනුවට විශ්වාසය හා භක්තිවාදය මුවහත් කරන ඉගැන්වීම් තව තවත් පෝෂණය කරන්නේ අන්ධ භක්තිය සුමට කිරීමේ රැෂනාලය මතයි.

මුස්ලිම් අන්තවාදයේ ගෝලීය ස්වරූපය නිසා ලෝකය ඔවුන් දෙස බලන්නේ සැකයෙනි. රුසියානු ජනපත් පූටින් කියා සිටියේ රෝගින්ගයාවරු යා යුත්තේ අන්තවාදය ක්‍රියාත්මක වන සෞදිඅරාබිකරයට මිස වෙනත් රටවලට නොවේය යන්නයි සිංහල බෞද්ධ සමාජය ද ඔවුන් දෙස බලන්නේද ඊට සමානාකාර දෘෂ්ටියකිනි. ලංකාව 30 අවුරුදු කුරිරු යුද්ධයකින් බැටකෑවේය. දැන් අප ගත කරමින් සිටින්නේ පශ්චාත් යුධසමයක් වුවත් යුද්ධයෙන් තම ජීවිත බේරා ගැනීමට ගව් ගණන් දිවූ අය තවමත් උතුරේත් දකුණේත් සිටී. එනම් ලංකාවාසීන් බහුතරය යුද්ධයේ අති-අමානුෂික බවේ දුරස්ථ හා සමීප සාක්ෂිකරුවන් බවයි.

රෝගින්ග්‍යයාවරුද ලංකාවට එන්නේ තම ජීවිත බේරා ගැනීමටය. ඔවුන්ගේ ජීවිත ගැන දේශපාලනික වශයෙන් සංවේදීවන්න්ට මේ අවස්ථාවේදී ආණ්ඩුවට හැකිවුවද සිංහල බෞද්ධ හෙජමොනිකත්වය ආණ්ඩුවේ මෙම ක්‍රියාවලියම නිෂ්කීය කළේය. බෞද්ධ සමාජය පෙරේදා විරුද්ධ වූයේ ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියටයි. ඔවුන් වක්‍රව කීවේ “උඹලට මොනව උනත් අපිට මොකද? මෙහෙන් පලයව්!” වැන්නකි.

ගෝලීය වශයෙන් මුස්ලිම් දහම ගෝත්‍රීයකරණය වී තිබේ. මෙරට බුද්ධාගම ද භික්ෂු සමාජය හා දේශපාලනික ගතිකයන් විසින් අන්තවාදී කර තිබේ. රෝගිනග්‍යයාවරුන්ගේ දුක අපට නොතේරෙන්නේ අන්තවාදයන් දෙකක (බෞද්ධ හා මුස්ලිම්) තෙරපුමට අප සමාජය හසුවී තිබෙන නිසාය. ගෝත්‍රිකත්වයට එදිරිව අන්තවාදයේ (Barbarianism vs. Fundamentalism) ගැටීමේදී පොදු මනුෂ්‍යත්වය දියවේ. රෝගින්ග්‍යයාවරුන් රටින් පන්නා දැමීමට පෙළගැසුන අය ගේ හැසිරීමේ යටිපෙළ ඇත්තේ එම ශෝකාන්තයයි.

මුලාශ්‍ර අන්තර්ජාලයෙනි.

About SirilakaNews

Check Also

big-noses-on-interenet

මම ස්ත්‍රියක සමග සරණබන්ධනය වු විට! When I get married to a woman

ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංගික වෙනස කියන්නේ මේ ‍ලෝකෙ පවතින සියලු ජීවී පදාර්ථයන්ට පොදු වූ එක් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *