Breaking News
Home / ප්‍රධාන පුවත් / පසුගිය ජනාධිපතිවරණය නීතියේ අභියෝගයට!

පසුගිය ජනාධිපතිවරණය නීතියේ අභියෝගයට!

 44444

2015 වසරේ පැවැති ඉකුත් ජනාධිපති වරණයේදි ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පත්වීම ඒ මහතා උක්ත මැතිවරණය සදහා ඉදිරිපත් වු නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නිත්‍යානුකූල තත්වය පිළිබද වර්ථමානයේ උදාවී ඇති නීතීමය ප්‍රශ්නයක් හමුවෙ නීතියේ අභියෝගයට ලක්වී ඇති බව නීති විද්වතුන් පවසති.

හංසයා ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හරහා ඉකුත් ජනාධිපතිවරනයට ඉදිරිපත් වී ජයග්‍රාහණය කල වත්මන් ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය හිමි අදාල පක්ෂයේ සභාපති ලෙස කටයුතුකර ඇති පුද්ගලයා ජාත්‍යන්තර මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්විමත් සමග සහ ඔහු මෙරට පුරවැසියෙකු නොවන බව නීතිය හමුවේ හෙළිදරව් වීම හරහා මෙම තත්වය උද්ගතව ඇති බව පෙන්වා දෙන නීතිවේදීන් කිසියම් ආකාරයකින් මෙරට පුරවැසියෙකු මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ක්‍රියාමාර්ගයක් ගැනීමට පියවර ගතහොත් ඉහත් කී තත්වට උදාවන බව අවධාරණය කරති.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයේ හිමිකාරත්වය දරන්නේ හිටපු විදේශ ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ නියොජ්‍ය නායක රවී කරුණානායක වන අතර එම පක්ෂයේ සභාපතිත්වය දරමින් පක්ෂය මෙහෙයවා ඇත්තේ අදාල ජාත්‍යන්තර මුල්‍ය වංචාවට අත් අඩංගුවේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වු ශලීල මුණසිංහ යන අයය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණ කොමිෂම හමුවේ ලියාපදිංචි කිරිමේදී එහි සභාපතිවරයා ලෙස ශලීල මුණසිංහ ව්‍යාජ තොරතුරු ලබාදී ඇති බව සනාථවන බව ඔහුගේ විදෙස් පුරවැසි භාවය හරහා දැනටමත් ඔප්පුවී ඇති බැවින් මැතිවරණ කොමිෂම පවත්වන පරීක්ෂණයකින් පසූ ඉදිරී නීති කටයුතු සදහා පියවර ගැණෙනු ඇති බවත් ජාතික මැතිවරණ නිරික්ෂණ සංවිධානය කැෆේ සංවිධානය සහ නීති විශාරදයින් මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසුහ.

 

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *