Breaking News
Home / ප්‍රධාන පුවත් / නව ව්‍යවස්ථාවක් එපා කියන්නේ මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ගේ අනුදැණුම මතයි මහ සංඝයා වහන්සේලා යළි අවධාරණය කරයි!

නව ව්‍යවස්ථාවක් එපා කියන්නේ මල්වතු අස්ගිරි නායක හිමිවරුන්ගේ අනුදැණුම මතයි මහ සංඝයා වහන්සේලා යළි අවධාරණය කරයි!

 _DSC7840

නව ව්‍යවස්ථාවක අනවශ්‍ය බව මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ කාරක සංග සභා ප්‍රකාශ කලේ දෙපාර්ශවයේම මහ නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ උපදෙස් අනුව බව අස්ගිරි පාර්ශවයේ මහ ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසයි.

උන් වහන්සේ මේ බව ප්‍රකාශකලේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැති බෙදුමාදී ව්‍යවස්ථා එපා මැයෙන් වු සම්මන්ත්‍රණයක් අමතමිනි.

අස්ගිරි මල්වතු ව්‍යවස්ථා වීරෝධී තිරණය සම්බන්ධයෙන් ආයෙත් මෙම බෙදුම්වාදී ව්‍යවස්ථාකාරයෝ ඇවිස්සී ඇති බව පසුගිය හැටලක්ෂයේ ජනදයට හොර උප්පැන්න සහතික හදාගත් එන්ජීඕ නඩයක් කරන ප්‍රකාශ වලින් පෙනී යන බව පවසන උන් වහන්සේ

ව්‍යවස්ථා මණඩලයේ ප්‍රධානී ලාල් විජේනායක අස්ගිරි මල්වතු සංඝයා වහන්සේලාගෙන් ව්‍යවස්ථාව සදහා අදහස් ලබාගත්තා යැයි කියන ප්‍රකාශය සත්‍යයෙන් තොර යැයිද එහිදී ප්‍රකාශ කරයි.

මාධ්‍ය හරහා අප සංගයා වහන්සේලා ඒකමතිකව ගත් තීරණයට අගමතිවරයාද කළබලයට පත්ව ඇති බවක් ඔහු මේ හා සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියේ හැසිරෙන ආකාරයෙන් දක්නට ලැබුණු බව පවසු මැදගම ධම්මානන්ද හිමියන් රට බෙදන බුදු දහම නැති කරණ ව්‍යවස්ථාවට එරෙහිව සමස්ථ සග පරපුර ඒකරාශී කරන බවද අවධාරණය කලහ.

පුජ්‍ය ඕමාරේ කස්සප හිමිපාණන් වහන්සේද මෙම සම්මන්ත්‍රණය ඇමතීය.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *