Breaking News
Home / ජාත්‍යන්තර / ඇමෙරිකා උතුරු කොරියා ‘‘කුණාටුවකට පෙර තිබෙන සන්සුන් සමය’

ඇමෙරිකා උතුරු කොරියා ‘‘කුණාටුවකට පෙර තිබෙන සන්සුන් සමය’

 image_ef6363e319

උතුරු කොරියාව සමඟ රාජ්‍ය තාන්ති‍්‍රක අයුරින් අර්බුඳ විසඳීමට ගත් සෑම උත්සහායක්ම අසාර්ථක වූ බවත් ඒ නිසා දැන් දැන් ඉතිරිව ඇත්තේ එක් කි‍්‍රයාමාර්ගයක් පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ප‍්‍රකාශ කරයි.

පසුගිය දින කිහිපයේදීම ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියා නායකයා අතර උණුසුම් වචන හුවමාරු දක්නට ලැබුණු අතර ඔවුන් දෙදෙනා එකිනෙකාට අපහාස හා උපහාස කරන අයුරු ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන රටවල් දෙකම න්‍යෂ්ටික අවි ආයුධවලින් සන්නද්ධය.

‘‘ජනාධිපතිවරු සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැති සෑම පරිපාලනයක්ම වසර 25ක් තිස්සේ උතුරු කොරියාව සමඟ සාකච්ඡා කළා. ගිවිසුම් අත්සන් කළා. විශාල වශයෙන් මුදල් ගෙව්වා. අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් නිසි අයුරින් කි‍්‍රයාත්මක වූයේ නැහැ. අත්සන් තබන ලද ගිවිසුම්වල තීන්ත වියළි යන්නටත් පෙර ඒවා උල්ලංඝණය වුණා. ඇමෙරිකා නියෝජිතයන් මෝඩයන් බවට පත් කරලා. කනගාටුයි කියන්නේ. මේ අර්බුදය නවතා දමන්නයි එක් දෙයයි වැඩ කරන්නේ’’ යැයි ’’ යැයි ජනාධිපති ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩ දෙකක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

සෙනසුරාදා දිනයේදී රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා පසුගිය ඇමෙරිකානු පරිපාලන විවේචනයට ලක් කළේය. උතුරු කොරියා අර්බුදය සම්බන්ධයෙන් පැවැති පරිපාලන ප‍්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකළ බව ද ඒ මහතා  එහිදි කීය.

‘‘මේ ප‍්‍රශ්නය මීට වසර 25කට ප‍්‍රථම විසඳන්න තිබුණා. එය මීට වසර 10කට පෙර විසඳන්න තිබුණා. මෙය ඔබාමා පරිපාලනය සමයේදී විසඳන්න තිබුණා’’ යැයි රූපවාහිනි වැඩසටහනේදී අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපතිවරයා කීය.

මේ අතර පසුගිය දිනකදී ඉහළ පෙළේ හමුදා නිලධාරීන් හමු වී ඉරානය, උතුරු කොරියාව සහ අයි.එස් සංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවෙමින් වත්මන් කාලපරිච්ඡේදය ‘‘කුණාටුවකට පෙර තිබෙන සන්සුන් සමය’’ යනුවෙන් පවසා තිබේ.

මේ අතර නියමුවන් විරහිත ඇමරිකානු යුධ යානා දකුණු කොරියාවේ සිට උතුරු කොරියා ගුවනේ සැරි සැරිම මේ වන විට ආරම්භ කර ඇති බව වොෂින්ටන් පුවත් පවසයි.
තම ගුවන් සිමාවට අණවසරයෙන් ඇතුළුවී ඇමරිකාව ඉතිහාසයේ හොදම පාඩම ඉගෙන ගන්නා බව උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය උපුටාදක්වන් එරට පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී -055)

About SirilakaNews

Check Also

Untitled-1

ලොව වියදම් වැඩිම නගර ප්‍රංශයේ පැරිස්‌ නගරය, හොංකොං සහ සිංගප්පූරුවයි! The world most expensive cities are Paris, France, Hong Kong and Singapore.

ලොව වියදම් වැඩිම නගර ලෙස ප්‍රංශයේ පැරිස්‌ නගරයත්, හොංකොං සහ සිංගප්පූරුවත් සමීක්‍ෂණය මගින් තෝරාගෙන තිබේ. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *