Breaking News
Home / ක්‍රීඩා / අමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි ශුරතාවය දිනාගත් ඉජිප්තු අඹු සැමි යුවළ!

අමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි ශුරතාවය දිනාගත් ඉජිප්තු අඹු සැමි යුවළ!

 10

ඒ 2017 වසරේ ඔක්තෝබර් මස 14 වැනිදාය. අමෙරිකානු විවෘත ස්කොෂ් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි කේවල (තනි) අවසන් තරග පැවැත්වූ ඉතා තීරණාත්මක දිනය එදින විය.

එදින ඊජිප්තුවට වැදගත් එමෙන්ම සුවිශේෂි වූයේය. එනම් මෙම කේවල අවසන් තරග දෙකට සුදුසුකම් ලබා සිටි සිවුදෙනාම ඊජිප්තුව නියෝජනය කරන ලද බැවිනි.

මුලින්ම පැවැති කාන්තා කේවල අවසන් තරගයේදී නුර් එල්. ටායෙබ් විසින් තරග වට 3 – 2 කින් රානීම් එල්. වෙලියිලි පරාජය කිරීමට සමත් වූවාය.

පසුව පිරිමි අවසන් තරගයේදී අලි ෆරාග් ජය ගත්තේ තරග වට 3 – 0 කිනි. එහිදී පරාජය වූයේ මොහොමඩ් එල්. ෂොර්බාගිය. මෙම ජයග්‍රහණය නූර් සහ ෆරාග්ට සුවිශේෂිතය. ඒ වාර්ෂික ස්කොෂ් ලෝක තරගමාලාවේදී ඔවුන්ගේ ප්‍රථම ජයග්‍රහණයන් එයවීම නිසාය.

එමෙන්ම එය අපූරු ලෝක වාර්තාගත ජයකුත් විය. එනම් නුර් සහ ෆරාග් අඹුසැමියන් වීමය. ඒ සමඟම ලෝක ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රධානතම තරගාවලියක එකම ශූරතා (කේවල) එකම දිනකදි ජය ගත් ලොව ප්‍රථම සැමියා සහ බිරිය බවට ඔවුන් පත්වීමයි. ඔවුන් විවාහ වූයේ 2016 දීය.

“මගේ තරගය අවසන් වූ විට මට ඕනෑ වූයේ ඔහු ක්‍රීඩා කරනවා බැලීමටයි. ඒ වගේම මට චකිතයකුත් තිබුණා. මෙය සිහිනයක් වගේ. ඔහු සෑම දිනකම දැඩි වෙහෙසක් ගෙන පුහුණු වෙනවා මම දකිනවා. ඇත්තටම මෙය ඉතා විශේෂයි. ඒ අපේ ප්‍රථම ලෝක තරගාවලි ජයග්‍රහණ එකටම අත්කර ගැනීමට හැකිවීම ගැන.” 24 හැවිරිදි නුර් ජයග්‍රහණයෙන් අනතුරුව පැවසුවාය.

“අපිට මීට වඩා හොඳ සතියක් තවත් නැහැ. ඒ වගේම අපිට මේ වගේ සිදුවීම් මාලාවක ආරම්භය මෙය වේ කියලා මම බලාපොරොත්තුවෙනවා.” 25 හැවිරිදි ෆරාග් ද පසුව පැවසීය.

ඉකුත් කාලයේදී නුර් සහ ෆරාග් මෙන්ම ජාත්‍යන්තර ජයග්‍රහණ එකම ක්‍රීඩාවකින් අත්කර ගත් අඹු සැමියන් කිහිපදෙනෙක්ම සිටිති.

බ්‍රිතාන්‍යයේ ගැබී සහ ක්‍රිස් ඇඩ්කොක් බැඩ්මින්ටන් ක්‍රීඩා කරති. මේ යුවළ 2014 පොදු රාජ්‍ය මණ්ඩල සහ 2017 යුරෝපීය ශූරතාවලියන්හි රන් පදක්කම් හිමිකර ගත්තේ මිශ්‍ර යුගල ඉසව්වෙනි.

මේ අතර 2016 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පාපැදි ධාවන පථ ක්‍රීඩාවේදී බ්‍රිතාන්‍යයේ ජේසන් සහ ලෝරා කෙනි අගෝස්තු මස 16 වැනිදා එකම දිනයකදි රන් පදක්කම් හිමිකර ගත්හ. නමුත් ඒ වන විට ඔවුන් විවාහ වී සිටියේ නැත. ඔවුන් විවාහ වූයේ ඊළඟ එනම් සැප්තැම්බර් මාසයේදීය.

අලි ෆරාග් 1992 අප්‍රේල් 22 වැනිදා උපත ලැබීය. ඔහුගේ උස අඩි 6 කි. දකුණතින් ක්‍රීඩා කරයි. 2009 වසරේදී වෘත්තීයමය තරග දිවිය ඇරඹීය. හෙතෙම මේ වන විට කේවල ශූරතා 05 ක හිමිකරුවෙකි. වත්මන් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව අංක 08 ක්‍රීඩකයාය.

හෙතෙම 2014 වසරේදී කාර්මික ඉංජිනේරු විෂයෙන් සිය උපාධිය හිමිකර ගත්තේ අමෙරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙනි. ෆරාග් ස්කොෂ් ක්‍රීඩා ලොව ජනප්‍රිය තරුවකි. ඊට ඔහුගේ ක්‍රීඩාශීලිත්වයත් බලපා තිබේ.

නුර් එල් ටායෙබ් උපත ලැබුවේ 1993 වසරේ මාර්තු 08 වැනිදාය. 2007 සිට ඇය වෘත්තියමය වශයෙන් තරග කරන්නීය. ඇයත් දකුණතින් ක්‍රීඩා කරන්නීය. මේ වන විට කේවල ශුරතා ත්‍රිත්වයකි.

එමෙන්ම වත්මන් ශ්‍රේණිගත කිරීමේදී ඇයට අංක 12 හිමිය. කලක් ඇය ලොව අංක 05 ක්‍රීඩිකාවයි. මීට අමතරව කණ්ඩායම් ලෝක ශූරතාවලියන්හිදී 2012 රන් සහ 2014 ලෝකඩ පදක්කම්ලාභිනියකි.

ඇගේ පියා වනුයේ ස්කොෂ් ක්‍රීඩා කළ මහාචාර්ය වෛද්‍ය මොහොමඩ් එල්. ටායෙබ්ය. වයස අවුරුදු 05 දී නූර් ක්‍රීඩාව ඇරඹුවාය. 2009 වසරේදී ලෝක කණිෂ්ට අනුශුරියත් වූවාය. එමෙන්ම 2015 අමෙරිකානු විවෘත කේවල අනුශූරිය වූයේත් ඇයමයි.

About SirilakaNews

Check Also

bba661353c11fbd76119261765043e65-046-klmE-U100581638470xPH-620x349@Gazzetta-Web_articolo

දකුණු ආසියා පාපන්දු ශුරතාවය බංගලදේශයේදි ඇරඹේ! South Asia football championship commences in Bangladesh.

නේපාලය සහ පකිස්ථානය අතර තරගයෙන් 12 වැනි දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන (සාෆ්) පාපන්දු තරගාවලිය ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *