Home / Uncategorized / වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 83

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 83

 was83

අලුත් කාර්යාලයේ මේසය මත වු මල්බදුනට කිසිවෙකු විසින් නැවුම් සුවැදැති මල් පොකුරක් දමා තිබෙන බව කාර්යාලයේ දොරටුවෙන් ඇතුළුවන විටම වයොවෘද ජනාධිපති නිතිඥයාගේ නෙත ගැටුනේය.
ඔහු හෙමින් සිරුවට තම කොට් කඹාය ගලවා අසළවු බොල කුඩුවේ එල්ලුවේය.
තම මේසය මත වු නාම පුරුව අතටගත් හෙතෙම එහිවු නම කියවා බලන්නට වුයේ සිතපුරා පහළ වු උද්දාමයකට වඩා නිහතමානි වු හැගිමකින් යුතුවය
එහි ජනාධිපති නිතිඥ අරවින්ද රත්නායක යනුවෙන සදහන්ව තිබුණේය.

කාර්යාල සහකයා විසින් රෑගෙන ආ කෝපි කොප්පය පිරිසිය මත තබා මේසයේ තබන අතරවාරයේ අරවින්ද තම අසුනේ සිටම කාර්යාල සහකරුවාගේ උරහිසට උඩින් තම කාර්යාල විදුරු දොරෙන් ඉන් එපිට සිසාර බැළුවේ අද තමන් හමුවන්නට පැමිණ සිටින පිරිස කොතෙක්ද යන්න විනිස්චය කර ගැනිමටය.

එහිවු බොහෝ අය තමන්ට නුහුරු නුපුරුදු වුවන් බව හෙතෙම වටහාගත්තේය.
සේකර අද ඇවිල්ලා ඉන්න අයට එන්න කියන්න එගොල්ලෝ වේලාව වෙන්කරගෙන තියන විදිහට එවන්න අරවින්ද කාර්යාල සේවකයාට අණ දුන්නේය.
මහත්තයා අර පුහුණු වෙන්න එන නෝනා මැණියන් එක්කම ඇවිත් ඉන්නවා උන්දැට මහත්තයව හම්බ වෙන්න ඕනෙලු සේකර ඉතා යටහත් පහත් ලෙස අරවින්දගේ මුහුණ නොබලාම පැවසීය
හොදයි එන්ඩ කියන්න අරවින්ද දොරෙන් එපිට තම හමුවිම අපේක්ෂාවෙන් සිටින වුවන් දෙස යළි බලමින් පැවසීය.

නීති විද්‍යාලයෙන් පිටවු නවක නිතිඥවරුන් කීප දෙනෙකු තමා යටතේ පුහුණුවීම අරවින්දගේ නඩු කටයුත්වලට මහත් සහනයක් විය.
රටේ ඉහළ පිළිගැනීමකට ලක්වු තම සේවය නිසා ලද මහත් ජනප්‍රියතාවය ඔස්සේ තමන් වෙත ඉතා විශාල නඩු කටයුතු ප්‍රමාණයක් ලැබීම ආර්ථික වශයෙන වාසි දායක වුවත් ඒවයේ කාර්යබහුල බව ඔහුට ජිවිත ස්පාසුවක් සදා නොදුන්නේය.

අතීතයේ විදි කටුක අත්දැකිම් තමජිවිතය සන්තකයේ තවමත් පවතින බව අරවින්දගේ මනසට තවත් වරක් මතක්කර දුන්නේය
පැලියගොඩ ලැලි ගෙවල් වල ගෙවි ජිවිත කාලය ඔස්සේ පිටකොටුවේ ත්‍රිවිල්පාක් එකේ රස්සාව දක්වා ක්ෂණිකව ඔහුව රෑගෙන ගියේය.
ඇසිල්ලෙන් ඔහුගේ මතකයට නිම්සරා ආවේය ඒ සැනින් සෙව්වන්දිදඔහුට සිහි ගැන්විය යෞවනයේ තම ජිවිතය ආක්‍රමනය කොට තිබු ඒ දයාබර සෙනෙහස ජිවිතයෙන් තමාටත් හොරා නික්මගියේ කෙසේ දැයි වයොවෘද ඉම තෙක් තමාටද නොවැහැටුනු කාරණය අරවින්ද දහස්වාරයක් අත්විදින වේදනාවක් ලෙස සිහිකරන්නට විය.

 විශ්ව විද්‍යාලයෙන් ඉක්බිතිව හෝ අරවින්දට විවාහයක් ගැන හිතන්නට හිත් නොදුන් අතීත පසුතැවිල මියෙන මොහෝත දක්වා තමා පසුපස එන බව හෙතෙම කල්පනා කලේය.

තම මේසය අසළ සිටීන යුවතිය සහ ඇගේ මව අරවින්දගේ පියවි නෙත ගැටුනේ ඔහු සිහිකල්පනාවේ සිටී අතීත කතාව අතරතුරය
ආ වඩිවෙන්න!ඔහු කෂණිකව පැවසුවේ තමා අභියස සිටින්නවුන්ගෙන් සමාව අයැදිම ඉක්මවගිය ගෞරව හඩකින් යුතුවය.
ඉතා හුරුබුහුටි තරුණියක වු නවක නිතිඥවරිය සිය ගුරුවරයා වන්නට යන ජේෂ්ඨ නිතිඥ මහතා ඉදිරියේ අසුන් ගැනිම නොකොට සිය මවට එහි වු අසුන පෙන්වා අසුන් ගන්නා ලෙස කීවේය.
තරුණ නිතිඥවරියගේ සිත්ගන්නා සුළු හැසිරිම අරවින්දගේ සිත් ගත්තේය. ඔහු ඇ දෙස කාරුණිකව බලා ‘කමක් නෑ දුවත් වාඩිවෙන්න යැයි’ ඉතා කාරුණිකව පවසනවිට ඇගේ මව ගෞරවය මුසු අනුකම්පාවකින් යුතුව අරවින්ද දෙස බලාසිටින්නට විය.
මොකද්ද මේ අපේ නිතිඥ නොනගේ නම කිව්වේ අරවින්ද ඔවුන් දෙදෙනා දෙසම බලමින් විමසන්නට විය.
සමදරා අරංගවිල සර්!යුවතිය පිළිතුරු දුන්නේ සිය මවදෙසද බලමින්ය
අරංගවිල !!ප්‍රසිද්ධ මැනික් ව්‍යාපාරික නමක් නේ ඔබතුමියගේ ඥාතීද? අරවින්ද යුවතියගේ මව දෙස බ්ලමින් විමසන්නට විය.

ඊට කිසිත් නොකි කල්පනී නිතීඥවරයා දෙස බලා මද සිනහාවක් පා ඉවත බලා ගත්තේ  විමසිය කරුණක් නොවන බව අගවන ඉරියව් මුහුණේ ස්මතුකරමින්ය.
ඊට මද සිනහාවක් පෑ අරවින්දට අරංගවිල නම ඇසිමත් සමග යළි නිම්සරා මතකයට ආවේය.ඔහු සිය මේසය මත වු සීනුව නාද කොට සේකර කැදව්වේය
මෙන්න මේ නෝනට එයාගේ ඔෆිස් එක පෙන්නන්ඩ යැයි සේකරට පැවසු ඔහු හොදයි දුව වැඩ පටන් ගන්න යයි සමදරාට පවසමින් තම අසුන පසුපසට තල්ලුකොට නැගී සිටියේ ඔවුන් අතරවු සාකච්ජාව් හමාරවුවායැයි හගවන රිසින්ය.

 

තවත් ලිය සංකල්පනාවකට මං ඉම සොයමි………..

 

About SirilakaNews

Check Also

maxresdefault

කෝටි දශලක්‌ෂ පනස්‌දාහක්‌ ණයට ගෙන මහින්දලා චන්ද්‍රිකාලා රනිල්ලා රටට මොනවද කලේ?ජවිපෙ නායකයා ජනතාවගෙන් අසයි!

  රටේ ආර්ථිකය විශාල ලෙස කඩා වැටීමකට ලක්‌ව ඇති බවත්, ලංකා ඉතිහාසයේ මෑත කාලයේ මතුව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *