Home / නවකතාව / වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 82 වන කොටස

වසන්ත ගීතයයි ඔබ දුර ඇත ගිම්හානයේ 82 වන කොටස

Untitled-2

කිසියම්ම කරුණක් සිහිවුණු අර්ථයෙන් මාලිංග නිම්සරා දෙසට හෑරුනේය. දෙතුන් වතාවක් ඇගේ දුරකථනය නාද වුවත් ඊට ප්‍රතිචාර නොදක්වා ඇය එය විසංදි කරනු දුටු මාලිංගට ඒ පිළිබදව දෑණුනු කුකුස නිසා ඒ පිළිබද විමසිමේ උවමනාව මාලිංගගේ වු අවධානය තුල විය
මලිංග තමන් දෙසට හැරුණේ කුමන අරමුණෙන්ද යන්න වැටහුණු අයුරින්  නිම්සරා තම අතවු දුරකථනය නිවා දමමින් සිය බැගයේ දමා ගත්තේ මේ යළුවෙක් කවද්ද කොළඹ එන්නේ කියල අහනවා! පවසමින්ය.

නිම්සරා එසේ කිවත් ඒ කිව්වේ සත්‍යක් නොවන බව මාලිංග ට ඇගේ හැසිරීමෙන් වැටහිගිය හෙයින් ඔහු තමා එය විශ්වාස කල බව ඇයට මවා පැවේය.
සිය පියාගේ අවමංගල්‍ය කටයුතු කරගැනිමට සිරිපාල අංකල් තමාට දැක්වු සහයෝගයට මාලිංග නිම්සරාට ස්තුති කළේය.

ඔවුන් දෙදෙනාම කනත්තේ තෑන තෑන රෑස්ව සිටි පිරිස අතරින් නිම්සරාගේ පවුලේ උදවිය සිටින තෑනට පියවර මෑන්නේය
පලතේ උසස් පොලිස් නිළ්ධාරීන් කීප දෙනෙකු සමග කතාකරමින් සිටි පොලිස් අධිකාරි සිරිපාල සුභසිංහ තම දියණියව සහ ඇයව විවාහකර ගෑනිමට අපේක්ෂිත සිය අනාගත් බෑනා ලෙස මාලිංගව හදුන්වා දෙනු ලැබීය.


හදිසියේ වසන්තා කීප වතාවක තමන අමතා ඇති බව දුටු කල්පනී ඇයව නැවත අමතන්නට කීප වතාවක් උත්සහ ගත්තත් ඉන් පලක් නොවුනේය.

ඇය දිගු සුසුමක් පිට කරමින් මුළුතැන්ගේය වෙත යන්නට වුයේ හෙට දෙවෙනි වතාවටත් තම ජිවිත කතාව තීන්දුවන දිනය උදාවන නිසා තම පියාගේ අණින් නිවසේ ලක ලැස්තියට අනුගත වීම සදහාය
මුළුතැන්ගෙහි කුළී කාන්තවන් කීප දෙනෙකු රස කැවුළි හදමින් සිටියේය ඔවුන්ට විවිධ උපදෙස් දෙමින් සිටි කල්පනීගේ පියා මුළුතැන්ගෙට පිවිසෙන සිය දියණිය දැක ඇයට් අතින් සංඥා කරමින් නිවස තුලට ඇය කැටිව ගියේය.
දුව දන්නවද! අරංගවිල මුදලාලි නැතිවෙලා! කල්පනී දෙස සෘජු බැල්මක් හෙළමින් මුත් මදක් පහත් හඩින් මුතුබංඩේ පවසන්නට විය.
මද තැතිගැන්මක් ක්ෂ්ණිකව මනස තුළට ආවද ඒ සැනින් මාලිංග පිළිබද මතකය ඇගේ සිතපුරා යළි අවදි වුවේය.
තම දරුවාත් තමනුත් ජිවිතයේ තනි කරන්නට සිත් පිත් නැති මිනිසෙකු ලෙස මාලිංගගේ පියාත් තම පියාට හවුල් වු හැටි ඇයට සිහිවිය.
පුරා වසර කීපයක් කල්පනී මාලිංගට උරුම සිය දියණියත් සමග තනිවි දුක්විදිද්දී මාලිංග ඇය සොයා නොපැමිණියේ ඔහුද සිය පියාට අවනත වු නිසා බව ඇයට සිතුනේය.
දෑන් සිය දියණියට අවුරුදු හයත් ඉක්ම ගොසිනි කෙදිනක හෝ මාලිංග තමාවත් දියණියවත් සොයා එනු ඇතැයි කල්පනී සිතා සිටියේය එහෙත් ඒය සිහිනයක් වි ගියේ මාලිංග විවාහ විමට යන බව ඇයට වසන්තා දැන්වු දිනයේය. වසන්තගේ සැමියා විසින් වසන්තාට පවසා සිටි අයුරු ඔහු සේවය කරන පොලිසියේ උසස් නිළධාරියෙකුගේ දියණියක් සමග මාලිංග විවහාවිමට යන බව කල්පනීට දැනගන්නට ලැබි තිබුණේය.

මාලිංගගේ පියාගේ වියෝව තමාට සුළු තැති ගැන්මක් ගෙනාවේ මාලිංග සහ තම ජිවිතය සබැදි කතාව හමාර වුයේ ඔහුගේ කැමැත්තටම පමණක් විම නිසා යැයි ඇය සිතුවේය.

එහෙත් ධර්මදාස අරංගවිල යනු තම දියණියගේ සීයා බවද කල්පනීට සිය සිත පසුබැස්සු සිතුවිල්ලක් ලෙස මෙනෙහි වන්නට විය.

මෙතෙක් කලක් මාලිංග තමා සහ තම දියණිය සොයා එනු ඇතැයි කල්පනී සිටි උපකල්පනයෙන් මිදී සිය ඉතිහාසයේ ප්‍රේමණීය වුත් අනන්ත දුක විදි ආදරණීය කදුළු කතාවේත් ඉම කොනට සපැමිණ සිටියේය.
ඇය සහ මාලිංග විවාහ වී සිටියේ සිය පියා හෝ මාලිංගගේ පියා වු ධර්මදාස අරංගවිල හෝ කිසිවෙකු නොදැනය සිය දරුවාට තම දරුවා ලෙස අරංගවිල වාසගම ඇදී තිබුණද තමන් මාලිංගගේ නිත්‍යානුකුල බිරිද බව සිය පියාටද වසංව තබා ගැනිමට කල්පනී පියවර ගෙන තිබුණේ ඒය දැනගත හොත් සිය අප්පච්චි ඊට උත්තර සෙවිමට සොයායන මාර්ගවල පල විපාක තමන්ටද විදින්නට සිදුවන බව ඇය දැන සිටි නිසාය
කෙසේ නමුත් මාලිංගගේත් තමන්ගේත් දියණියගේත් ජිවිතය සිය පියාගේ සහ ධර්මදාස අරංගවිලගේ ව්‍යාපාරයක් ලෙස මුදලින් තක්ෂෙරුව අවසන්වී තිබෙන බව කල්පනී දැන උන්නේය.

හෙට දිනයෙන් පසු තම ජිවිතය තවකෙකු සතුවන බව කල්පනී දැන උන්නේය.

කමල් වරක් විවහා වී සිය බිරිද අකාලයේ මියගිය දරුවන් විරහිත පුද්ගලයෙකි. ඔහු කල්පනීගේ ජිවිතයට පැමිණෙන්නේ ඇය අනුරාධපුර නව නගරයට පදිංචියට ආ අළුතමය ඔහු වරිමාර්ග දෙපාර්තුමේන්තුවට අයත් තිසා වැව කාර්යාලයේ  වැඩ පරික්ෂකයෙකු ලෙස සේවය කරයි තිසා වැව් තවුල්ලේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන යන ළදරු පාසැලේ ගුරුවරියක ලෙස සේවය කරන කල්පනී කමල්ට මුණ ගැසෙන්නේ ඒ සොදුරු වැව් තවුල්ලේ පැවැති සිගිති අවුරුදු උත්සවයකදීය.

ඇය මවක් වුවද සැමියා අහිමි සුන්දර කාන්තාවක් බව සිය නෙත්සර පැහැරගත් දින සිටම කල්පනී ගැන සෙව් කමල්ට දැනගන්නට ලැබූණු තැන පටන් ඔහු ඇය ගැන උනන්දුවිය.

එහි අවසානය ජිවිතයේ විකල්පයක් ලැබෙන තුරු සිටියාවන් දෙදෙනෙකු ආසන්න එකම රේඛාවකට දෛවය විසින් රෑගෙන විත් තිබිමය.

එතැන් ඉක්බිතිව කල්පනීගේ පියාගේ පුර්ණ් කැමැත්ත දක්වා වු තැනට පැමිණ් ඔවුන් දෙදෙනා හෙට විවාහවිමට සැරසෙන්නේ තවත් ජිවිතකතාවක සමාරම්භයකින් යුතුවය.

මින් තෙමසක් ඉක්මගිය පසු මාලිංග අරංගවිල සහ නිම්සරා සුභසිංහ යුවළගේද විවාහය රත්නපුර අරංගවිල නිවසේදි පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් ඉතා චාම්ව සිදු කෙරුණේය.

ජිවිතය බලාපොරොත්තු ගොන්නකි. ඉපිද වියැකෙන අනන්ත බලාපොරොත්තු ජිවන ගග දිගේ ඔහේ ගලාගෙන යන්නේ සහස් දියබුබුළු විලසය ජිවිතයේ යෞවනය කැමැත්තේ අපේක්ෂාව සොරාගෙන සිත්මානයේ මවන්නාවු චමත්කාර සිහින සිහිනයක්ම වී සිදීයන වාර අපමනය අතීතය මවා දෙන සමහර වේදනාවන් වර්ථමානයට සොදුරු දුක්ය.

විරහාව ජිවිතයම අදෝනාවක්ය එය අත්විදි ජිවිත එය මනාව දනිති මාලිංග කල්පනීත් නිම්සරා අරවින්දත් ඒ සංකල්පයේ නිමක් නැති අසරණ සිතිවිළි ඝහණව සිටියේය ඔවුහු අත්විදි වර්ථමානය හෙට අනාගතයේද ඒ සිත් මානයේ උපකල්පනය වනු නොවනු මානය

මේ සිව් කොන් විවාහයන් සිය මතය සහ කැමැත්තට අනුගත නොවුනද ජිවිතය ලබා දෙන දේ සමග ජිවත්විමට ඔවුහු සිතට අනුගතවී සිටියේය.

ලබන සතියට

About SirilakaNews

Check Also

Untitled-3

වසන්ත ගීතයයි ඔබ දුර ඈත ගිම්හානයේ 81

ඉද හිට හමන සුළගින් සළිතවන අඹ ගසේ වියළි කොළ කීපයක් ජනේළයෙන් කාමාරයට වෑටී ඈති බව ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *