Breaking News
Home / Hotnews / රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා නියමිත සංඛ්‍යාවට අඩුවෙන් සිසුන් බදවා ගැනේ!

රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා නියමිත සංඛ්‍යාවට අඩුවෙන් සිසුන් බදවා ගැනේ!

 Edulink-Courses-Slider-02-1140x385students

රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත්  වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප‍්‍රකාශ කරයි.

රජය මගින් නිසි ප්‍රතිපාදන ලබා නොදීම මීට හේතුව ලෙස ගෙන හැර දක්වන මහාචාර්ය වරයා මේ අනුව  සෑම වසරකම සිසුන් 5000 කට අධික පිරිසකට අවස්ථා අහිමි වන බව ද හෙතෙම කියයි.

එසේ තිබියදිත් පාසල්වල විද්‍යා විෂය උගන්වන ගුරුවරුන්ගේ බරපතල හිඟයක් පවතින බවත් මේ වනවිට සමහර පාසැල්වල විද්‍යා විෂය ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීමෙන් විද්‍යා අංශ වසා දැමීමේ තත්ත්වයක් මතු වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සමාජ ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

About SirilakaNews

Check Also

download (1)

දිවයිනේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසැල් 54 ක්! 54 schools with only one teacher in the island.

ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ එක් ගුරුවරයකු පමණක් සිටින පාසල් 54ක් තිබෙන්නේ යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *