Breaking News
Home / ක්‍රීඩා / ජාතික ඔලිම්පික්‌ කමිටු නිලවරණය පැවැත්වීමට සුදානම්! ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර කියයි.

ජාතික ඔලිම්පික්‌ කමිටු නිලවරණය පැවැත්වීමට සුදානම්! ක්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර කියයි.

 59004749219_main_dayasiri

වසර ගණනාවක්‌ පුරා පැවැත්වීමට නොහැකිව තිබෙන ජාතික ඔලිම්පික්‌ කමිටු නිලවරණය ක්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වීමට සියලු කටයුතු සකස්‌ කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා  පවසා සිටියේය.

ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ මෙම මස 31 වැනිදාට පෙර පැවැත්වීමට නියමිතව තිබුණද විගණන වාර්තා නිකුත් කිරීම ප්‍රමාදවීම හේතුවෙන් ලබන මස 14 වැනිදාට පෙර අනෙකුත් ක්‍රීඩා සංගම් නිලවරණය පැවැත්වීම කෙරෙහිද ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර සිටියි.

කෙසේ වෙතත් මෙරට ක්‍රීඩාවේ ප්‍රධානතම නිලවරණයක්‌ බවට පත්ව තිබෙන ඔලිම්පික්‌ නිලවරණය ඉකුත් වසරේ සිට පැවැත්වීමට නීති රීති සහ කෙටුම්පත් සම්පාදනය කළද විවිධ හේතූන් මත එය කල් ගොස්‌ තිබේ. නමුත් මෙම වසරේ අගභාගය වන විට ඔලිම්පික්‌ නිලවරණය පැවැත්වීමට තමා කටයුතු යොදන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියි.

“අපි අනිවාර්යෙන්ම ඔලිම්පික්‌ නිලවරණය මේ වසරේදී පවත්වනවා. ක්‍රීඩා සංගම් නිලවරණ සියල්ල අවසන් වීමෙන් පසුව තමයි ඔලිම්පික්‌ නිලවරණය පවත්වන්නේ. විගණන වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් සමහර නිලවරණ කල් යා හැකියි. නමුත් සියලුම නිලවරණය කල් නොදමා පවත්වන්න හැකි උපරිම උත්සහය ගන්න අදාළ පාර්ශව වලට දන්වලා තියෙනවා. ඒ සියල්ල අවසන් වුණාට පසුව ඔලිම්පික්‌ නිලවරණය නියත වශයෙන්ම පවත්වනවා.” යෑයි ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

වත්මන් ඔලිම්පික්‌ කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා එළැඹෙන නිලවරණයට තරග නොකරන අතර ඔහුද ඔලිම්පික්‌ නිලවරණය පැවැත්වීමට හැකි සියලු කටයුතු කඩිනමින් සකස්‌ කරන බව මීට පෙර පවසා සිටියේය. ඒ අනූව ජාතික සංගම් නිලවරණ පැවැත්වීමෙන් අනතුරුව ඔලිම්පික්‌ නිලවරණය සඳහා නාම යෝජනා කැඳවන බවත් එය බොහෝ විට නොවැම්බර් මසට ප්‍රථම පැවැත්වීමට හැකි වෙතැයි ක්‍රීඩා ඇමැතිවරයා ඉඟි පළ කර සිටියේය.

About SirilakaNews

Check Also

ASFDHC

ජගත් ක්‍රිකට් කිරුළ අභියස ශ්‍රී ලංකාවට අසාධාරණයක්! An injustice to Sri Lanka in the wake of the World Cup

ජගත් ක්‍රිකට් කුසලානය ඇතුළු තමන් මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *