Breaking News
Home / ක්‍රීඩා / ක්‍රීඩාවෙන් සුපිරිතම ධනවතුන් වු ක්‍රිඩකයෝ!

ක්‍රීඩාවෙන් සුපිරිතම ධනවතුන් වු ක්‍රිඩකයෝ!

ක්‍රීඩාව යනු අද ලොව ධනවතුන් බවට පත්විය හැකි තවත් එක් මාlionel-messi-2ර්ගයකි. ඒ ක්‍රීඩාවෙන් ඉහළම මට්ටමකට යාමට හැකියාව තිබේ නම් පමණකි. එවැනි ධනවතුන් වූ සුපිරිතම තරු රැසක්ම මේ වන විට ක්‍රීඩාලොව සිටිති. ඒ වාර්ෂිකව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙනි.

සුප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික සඟරාවක් වන ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩා තරු පිළිබඳ වාර්තාවක් නිකුත් කරයි. ඒ අනුව 2016 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩකයන්ගේ වාර්තාවට අනුව ලොව පළමු සහ දෙවන ස්ථානයන් සුපිරි පාපන්දු තරු යුගලයක් වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ සහ ලියොනල් (ලයනල්) මෙසි හට හිමි වී තිබේ.

මෙහිදී අදාළ ක්‍රීඩකයා ඉපයූ මුළු ආදායම සකස් කරනු ලබන්නේ ක්‍රීඩා කිරීමෙන් ලැබෙන මුදලත් වෙළෙඳ අනුග්‍රාහකත්වයෙන් උපයා ගනු ලබන මුදලුත් එකතු කිරීමෙනි.

01. ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ
(පෘතුගාලය / පාපන්දු)
අමෙරිකානු ඩොලර් මිලියන 88

1985 පෙබරවාරි මස 05 වැනි දින උපත ලැබූ රොනල්ඩෝ සිය වාර්ෂික ආදායමෙන් අමෙරිකන් ඩොලර් මිලියන 56 ක්ම උපයා ගෙන තිබෙන්නේ ක්‍රීඩා කිරීම තුළිනි. ඉතිරි මිලියන 32 වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් මඟිනි. ඔහු මේ වන විට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ් කණ්ඩායමට ක්‍රීඩා කරයි.

රොනල්ඩෝ 2004 යුරෝ අනුශුරතාව, 2006 ලෝක කුසලාන සිවුවන තැන සහ 2016 යුරෝ ශූරතාව හිමිකරගත් පෘතුගාල කණ්ඩායම්වලට ක්‍රීඩා කළේය. මින් 2016 නායකයාය.

2. ලියොනල් මෙසි
(ආර්ජන්ටිනාව / පාපන්දු)
අ. ඩො. මි. 81.4

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමට ක්‍රීඩා කරයි. සිය වාර්ෂික ආදායමෙන් මිලියන 53.4 ක්ම ක්‍රීඩා කිරීමෙනි. වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් මඟින් මිලියන 28 කි. 1987 ජුනි 24 උපත ලැබීය. 2008 ඔලිම්පික් රන් සහ 2014 ලෝක කුසලාන අනුශූරතා හිමිකර ගත්තේය.

3. ලිබ්‍රොන් ජේම්ස්
(අමෙරිකාව / පැසිපන්දු)
අ. ඩො. මි. 77.2

1984 දෙසැම්බර් 30 උපත ලැබීය. උස අඩි 6 අඟල් 8 කි. ක්‍රීඩා කිරීමෙන් මිලියන 23.2 ක් සහ වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් මගින් මිලියන 54 ක්ද උපයයි. වෘත්තියම වශයෙන් මයාමි හීට් සහ ක්ලෙව්ලන්ඩ් කැවලියර්ස් පිල්වලට ක්‍රීඩා කළේය. තවද ඔලිම්පික් ද්විත්ව රන් පදක්කම් (2008/12), ලෝකඩ පදක්කමකද (2004) හිමිකකරුවෙකි.

4. රොජර් ෆෙඩරර්
(ස්විස්ටර්ලන්තය / ටෙනිස්)
අ. ඩො. මි. 67.8

ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල 18 වන ශූරතාව මෙම වසරේදී හිමිකර ගත්තේය. ක්‍රීඩා කිරීමෙන් මිලියන 7.8 ක් 2016 වසරේදී ඉපයීය. වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් තුළින් මිලියන 60 කි. 1981 අගෝස්තු 08 උපත ලැබීය. වත්මන් ලොව අංක 06 ක්‍රීඩකයාය.

5. කෙවින් ඩුරාන්ට්
(අමෙරිකාව / පැසිපන්දු)
අ. ඩො. මි. 56.2)

ක්‍රීඩා කිරීමෙන් මිලියන 20.2 ක් සහ වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් හරහා මිලියන 36 කි. 1988 සැප්තැම්බර් 29 උපත ලැබීය.

අඩි 6 අඟල් 9 ක් උසැතිය.

ඔක්ලහෝමා සිටි තන්ඩර් සහ ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් ක්‍රීඩා කළ කණ්ඩායම්ය. ද්විත්ව ඔලිම්පික් රන් පදක්කම්ලාභියෙකි. ඒ 2012 සහ 2016 වසරවලදීය.

6. නොවැක් ජොකොවිච්
(සර්බියාව / ටෙනිස්)
අ. ඩො. මි. 55.8

මින් මිලියන 21.8 ක් ක්‍රීඩා කිරීමෙන්ය. ඉතිරි මිලියන 34 ක මුදල වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් මඟින්ය. 1987 මැයි 22 උපත ලැබීය. වත්මන් ලොව අංක 02 ක්‍රීඩකයාය. ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල (තනි) ශූරතා 12 ක හිමිකරුවෙකි.

7. කැම් නිව්ටන්
(අමෙරිකාව / අමෙරිකානු පාපන්දු)
අ. ඩො. මි. 53.1

මිලියන 41.1 ක් ක්‍රීඩා කිරීමෙනි. ඉතිරි මිලියන 12 වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් තුළිනි. 1989 මැයි 11 උපත ලැබීය. අඩි 6 අඟල් 5 ක් උසැතිය.

කැරොලිනා පැන්තර්ස් පිලට ක්‍රීඩා කරයි.

8. ෆිල් මිකෙල්සන්
(අමෙරිකාව / ගොල්ෆ්)
අ. ඩො. මි. 52.9

මිලියන 2.9 ක් ක්‍රීඩා කිරීමෙනි. ඉතිරි මිලියන 50ම වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් හරහාය. ෆිල් 1970 ජුනි 16 උපත ලැබීය. අඩි 6 අඟල් 3 ක් උසය. ප්‍රධාන ශූරතා 05 ක් හිමිකරගෙන තිබේ.

9. ජෝර්ඩන් ස්පියිත්
(අමෙරිකාව / ගොල්ෆ්)
අ. ඩො. මි. 52.8)

1993 ජූලි 27 උපන් තවමත් 23 හැවිරිදිය.

මිලියන 20.8 ක් ඉපයුවේ ක්‍රීඩා කිරීමෙනි. ඉතිරි මිලියන 32 වෙළඳ අනුග්‍රාහක ගිවිසුම් හරහාය. ප්‍රධාන ශූරතා දෙකක් ජය ගෙන ඇත.

10. කෝබි බ්‍රයන්ට්
(අමෙරිකාව / පැසිපන්දු)
අ. ඩො. මි. 50

ගිය වසරේදී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. මිලියන 25 බැගින් ක්‍රීඩා කිරීමෙන් ද වෙළෙඳ අනුග්‍රාහක ගිවිසුම් තුළින් ද උපයා ගත්තේය. 1978 අගෝස්තු 23 උපත ලැබීය. අඩි 6 අඟල් 6 ක් උසැතිය. ලොස් ඇන්ජලිස් ලේකර්ස් පිලට ක්‍රීඩා කළේය.

2008 සහ 2012 ද්විත්ව ඔලිම්පික් ශූරයෙකි.

About SirilakaNews

Check Also

ASFDHC

ජගත් ක්‍රිකට් කිරුළ අභියස ශ්‍රී ලංකාවට අසාධාරණයක්! An injustice to Sri Lanka in the wake of the World Cup

ජගත් ක්‍රිකට් කුසලානය ඇතුළු තමන් මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *