Breaking News
Home / දේශපාලන / එක්සත් ජනතා සන්ධානය දෙකඩ වන ලකුණු!

එක්සත් ජනතා සන්ධානය දෙකඩ වන ලකුණු!

Untitled-2

ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමේදී ජාතිවාදයෙන් තොර වංචා දූෂණවලට සම්බන්ධ නොමැති කණ්ඩායම් සමග සන්ධානගත වීම වැදගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ මාමඩුව ධීවර ගම්මානයේ “වැවක් සමග ගමක්” වැඩසටහන දියත් කෙරුණ අතර ඇමතිවරයා එහිදි   ඉහත කී ප්‍රකාශය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවලට පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂයක් නොවන බවය.

“හුඟක් කට්ටිය ඉන්නවා එහෙම. ඡන්දෙට යන්න පක්ෂයක් ඕන, ඡන්දෙන් පස්සේ ස්වාධීන වෙන්න ඕන. අර මැක්කට බල්ලා නැතුව ගමනක් නැහැ වගේ ඡන්දයක් එනකොට පක්ෂයක් ඕන. එහෙම පක්ෂයේ ඡන්ද අරන් ඊට පස්සේ තනියෙන් හඬ නගන්න පටන් ගන්නවා” යනුවෙන් කී ඇමතිවරයා වීරවංශ මන්ත්‍රීවරයාගේ එම ඉලීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ එහි බලතල කප්පාදු කිරීම පිළිබඳ තීන්දු කිරීමේ බලය පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව සතු බව කී ඇමතිවරයා යම් හෙයකින් ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ නම් ඒ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තරග කළ යුතු බවට රට තුළත් පක්ෂය තුළත් මතයක් පවතින බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර පසුගියදා බිහි වූ පොදුජන පෙරමුණත් ඇතුළු ඒකාබද්ධ විපක්ෂය තවත් පුළුල් කරමින් අනාගතයේ අලුත් සන්ධානයක් යටතේ දේශපාලන සටන් සඳහා සහභාගී වීමේ හැකියාව පිළිබඳ දැනට සාකච්ඡා කෙරෙමින් ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියි.

මාධ්‍ය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ මහජන එක්සත් පෙරමුණේ නායකයා, දැනට ඇති සන්ධාන පරමාර්ථවලට පටහැණිව කටයුතු කරන්නේනම් අලුත් සන්ධාන ගොඩනැගීමේ ගැටළුවක් නොමැති බවත් කියාසිටියේය.

ඒකාබද්ධ විපක්ෂය තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂ වෙනම ස්වාධීන කණ්ඩායම් හැටියට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට තුඩුදුන් දේශපාලන පසුබිම පිළිබඳව  විමසීමක් කළවිට ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, තමා විපක්ෂයේ බහුතර කණ්ඩායමට නායකත්වය දෙමින් සිටියත් මන්ත්‍රී සංඛ්‍යාව අඩු පිළිගත් විපක්ෂයට දෙන පාර්ලිමේන්තු කාලය තමන්ට නොලැබෙන බව පෙන්වා දුන්නේය.

“පසුගියදා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඉදිරිපත් කළ යෝජනාවකදී ඔහු විනාඩි අනූවක් කතාකළා. ඔහුගේ පක්ෂයට විනාඩි 120 ක කාලයක් ලැබුණා. නමුත් බහුතරය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට ලැබුනේ විනාඩි විස්සයි”මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි.

එවැනි තත්වයක් යටතේ ඒකාබද්ධ විපක්ෂය තුළ නියෝජනය වෙන දේශපාලන පක්ෂ ස්වාධීනව කටයුතු කිරීමට සාකච්ඡා මගින් තීන්දු කළ බව කියාසිටි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ලබන්නේ කතානායක වරයා විසින්ම සිදුකරන ලද දැනුම් දීමක් අනුව බවත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව පිළිගත් දේශපාලන පක්ෂ හැටියට පෙනී සිටීම මගින් පාර්ලිමේන්තු විවාදවලදී සහ කාරක සභා තුළ ඒකාබද්ධ විපක්ෂයට දැනට වඩා වැඩි අවස්ථා ලබාගැනීම තම ඉලක්කය වන බවත් ඔහු පෙන්වාදෙයි.

About SirilakaNews

Check Also

z_p01-No-threat-1

ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

ආණ්ඩුව පස්කු ඉරිදා සිදුවු ඛේදවාචකය සමග රටේ ජනතාවගෙන් එලලවන චෝදනා හමුවේ අන්ද මන්ද වී සීටී. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *