Breaking News
Home / කලා / බොංචි ගෙදර ඉන්ද්‍රජාල සවාධීන රුපවාහිනියේ.

බොංචි ගෙදර ඉන්ද්‍රජාල සවාධීන රුපවාහිනියේ.

 170223-news-5

ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ ළමා කතා මාලාව බොංචි ගෙදර ඉන්ද්‍රජාල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල සවස හයට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

ප්‍රදීප් ධර්මදාස, රොඩ්නි වර්ණකුල, හයිසින්ත් විජේරත්න, නිරෝෂා තලගල, ලුඩ්මිලා කිරිල්ලෝවා, කුමාරි මුණසිංහ, ප්‍රසාදිනි අතපත්තු ගාමිණී ජයරත්න, කලණ ගුණසේකර, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, තුසිත ලක්නාත්, මධුශාන් නානායක්කාර, ශානි එස්. ස්ටයින්වල්, විහඟ නදිත් තත්සිලු, මලීෂා මිහිසර, සෙනුක බිම්සෙත්, පසල් හිවිත්, චේතනා දිනෙත් මෙහි චරිත රංගනයේ යෙදෙයි.

තිර රචනය මංජුල වෙඩිවර්ධනගෙනි. චින්තක සෝමකීර්ති කැමරා අධ්‍යක්ෂවරයාය. අජන්ත අලහකෝන් කලා අධ්‍යක්ෂණයෙන් ද, නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, වස්ත්‍රාභරණ නිර්මාණයෙන් ගීතානි සෙනවිරත්න ද දායක වේ. ලක්රුවන් ද සේරම්ගේ සංස්කරණයකි. විශ්ව සංකල්ප සංගීත අධ්‍යක්ෂවරයාය. ගායනයෙන් විශාරද එඩ්වඩ් ජයකොඩි දායක වේ. නිෂ්පාදන කළමනාකරණයෙන් ජීවන මනරම් දායක විය. හසිත රාජපක්ෂ සහාය අධ්‍යක්ෂවරයාය.

About SirilakaNews

Check Also

khgkhkg

ස්වර්ණවාහිනි සේවකයන්ගේ වෘත්තීය අයිතීන් රකින්න – මාධ්‍ය සංවිධාන ඉල්ලයි! Protect professional rights of Swarnavahini employees – Media organizations

ස්වර්ණවාහිනි ආයතනයේ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම හේතුවෙන් උරණ වූ සේවකයන් පහළොස් දෙනාගේ වැඩ තහනම් කිරීම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *