Breaking News
Home / ප්‍රධාන පුවත් / බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම අක්‍රියයි!

බුද්ධි අංශය සම්පූර්ණයෙන්ම අක්‍රියයි!

 Untitled-1

බලවත්ව තිබූ ආරක්‍ෂක බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

දැන් යන ආකාරයට තත්ත්වය එතරම් සුබදායී නොවන බව පෙනෙන බව ද ගුණරත්න මහතා කීවේය.

වියත්මග සංවිධානයේ වාර්ෂික සමුළුව අමතමින් මේජර් ජෙනරාල්වරයා මේ බව කීවේය. මෙම සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සවස බොරලැස්‌ගමුවේ ගෝල්ඩන් රෝස්‌ හෝටලයේදී පැවැත්විණි.

මම සොල්දාදුවෙක්‌. මම අත්දැකීම් සහිත වගකීම් සහිත නිලධාරියෙක්‌ වෙලා හිටියා. මට පේනවා මට දැනෙනවා. මට එලාම් එක දෙන්න පුළුවන්. අපේ බුද්ධි අංශ එදා ඉතා බලවත් තත්ත්වයකට ගෙනාවා. ඒකට හොඳම උදාහරණය මැලේසියාවෙ හැංගිල හිටපු කේ. පී. ව රහසේම මැලේසියාවෙදි අත්අඩංගුවට අරන් ලංකාවට ගෙනාපු එක. ඒ වගේ බුද්ධි ක්‍රියාන්විත කරල තියෙන්නෙ ලෝකයේම සංවිධාන එකක්‌ දෙකක්‌ පමණයි. එවැනි බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇතැයි ද කමල් ගුණරත්න මහතා කීවේය.

අද වෙලා තියෙන බුද්ධි අංශ සංහාරය අනුව අපේ බුද්ධි අංශවල නිලධාරීන් හා සෙබළුන් කියන්නේ මොනවටද සර් රට, ජාතිය වෙනුවෙන් වැඩ කරන්න ගිහින් නිකං හිරේ විලංගුවෙ වැටෙන්නේ කියලයි. දෙන දෙයක්‌ කාල කියන දෙයක්‌ අහගෙන ඉන්න තත්ත්වයට ඔවුන් පත්ව ඇති බව ද මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තවදුරටත් කීවේය.

About SirilakaNews

Check Also

emblam-1

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණය කරයි. The UNICEF Children’s Fund has decided to remove From his logo the mother for Sri Lanka.

යුනිසෙෆ් ළමා අරමුදළ ශ්‍රීලංකාව සදහා සිය ලාංජනයෙන් මව ඉවත් කිරිමට තිරණයකර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *