Breaking News
Home / නිදහස් පන්හිද / නියගය මෑදින් පිනට මතු වු දිය උල්පත.

නියගය මෑදින් පිනට මතු වු දිය උල්පත.

sith-14-1_0

බඩගින්නෙ ඉන්ඩ පුළුවන්. ඒත් වතුර පොදක් නැතිව ඉන්ඩ බැහැනෙ.”

මාස ගණනාවක සිට වැසිපොදක සේයාවකුදු නැති කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශය ඇතුළු අවට ගම්මාන රැසක ජනතාව පසුවනුයේ මහත් අපහසුතාවකිනි.

බීමට වතුර පොදක් අහිමිව යන තරමට පෑවිල්ලෙන් ළිං ජලය පමණක් නොව උස් කඳු මුදුන් අරාගත් ජල මූලාශ්‍රය උල්පත් ද සිඳී සහමුලින් වියැළී ගොසිනි.

කඳු අතරින් ගලා එන ජල පහර අතර එළූ ජලනළ මඟින් සපයා ගත් පානීය ජලය ද මේ වනවිට නැත්තට ම නැති වී ගොසිනි. දිය බඳුන් අතැතිව දියපොදක් සොයමින් දුරකතර ගෙවා යන වැසියන් දිය කඳුළක් වෙනුවෙන් හෙළන දහදිය අපමණය. උදෑසන සිට ගම්මුන් දිය සොයා ඒ මේ අතර ඇවිද යන දසුන අදත් සුලභය.

බුලත්කොහුපිටිය – පිට්ටෑගම ප්‍රදේශයේ පදිංචි ධම්මික නන්දකුමාර මහතාට මේ අතරදී පෙර පිනකින් සේ කිසියම් ජල මූලාශ්‍රයක් පෑදුණේ ගම්මුන්ගේ වාසනාවටය. මෙතෙක් ඔහු ද ජල අවශ්‍යතා සපුරාගත්තේ කඳු අතරින් වෑස්සෙන ජල පහරවලිනි. ධම්මිකගේ වත්තෙන් හදිසියේ මතු වූ ඒ දිය උල්පත ගමේ සැමගේ දිය පවස සංසිඳවීමට සමත් වෙතැයි කවුරුත් නොසිතූහ.

පිට්ටෑගමින් මතු වූ මේ අගනා දිය උල්පත පිළිබඳ කන වැකුණු ගම්මුන්ගේ සිත් තුළ මහත් බලාපොරොත්තු රැසක් පොදි බැඳිණ. “අනේ… සාධු… අපට දැන් වතුර හොයාගෙන ඈත යන්න වෙන එකක් නෑ.”

ධම්මිකගේ වත්තෙන් මතු වූ දිය උල්පතින් අවට සැමට දිය ගැනීමට මුල් වූයේ ගමේ තරුණයන් කිහිපදෙනෙකි.

‘අපි ඉල්ලීමක් කරන්ඩ ආවේ. අහලකවත් වතුර පොදක් නැතිව හැම ගමකම ඈයො පුදුම දුකක් විඳින්නෙ. ඔබතුමාගෙ වතුර ලයින් එකෙන් ඒ මිනිස්සුන්ටත් වතුර ඩිංගක් ගන්ඩ අවසර දුන්නොත් මහා පිනක්” ඔවුහු ධම්මිකගෙන් ඉල්ලූහ.

තම දිය උල්පතෙන් ගමට වතුර දීම ගැන දෙවරක් නොසිතු ධම්මික මහතා කාටහරි වතුර පොදක් ලැබෙනවා නම් ඒක මොන තරම් දෙයක් ද මං කැමතියි. ඔයාලගෙ ඉල්ලීමත් මං අගය කරනවා” යැයි පවසමින් තරුණයන්ගේ අදහස මල්ඵල ගැන්වීමට සහාය දුන්නේය.

තරුණ පිරිස ඔහුට අනේක වරක් පින් දී ප්‍රධාන බරපැන යොදවමින් කෑගල්ල – බුලත්කොහුපිටිය ප්‍රධාන මාර්ගයේ පිට්ටෑගම දක්වා ජලනළ එළන්නට වෙහෙසුණහ. වැඩි දිනක් යෑමට මත්තෙන් ඔවුහු කාටත් ළඟාවීමට පහසු තැනක් දක්වා ජලය නළ මඟින් ගෙනැවිත් කරාමයක් ද සවි කළහ. ආරංචියට තටු ලැබුණාක් මෙන් ත්‍රිරෝද රථවලින් හා කැන්ටර් රථවලින් හිස් බඳුන් රැගෙන ගම්මාන රැසක වැසියෝ පිනා ගිය සතුටින් යුතුව දිවා රෑ නොබලා දැන් එතැනින් පානීය ජලය රැගෙන යති.

තුම්බාගේ ගම පිහිටියේ බුලත්කොහුපිටිය සිට කිලෝ මීටර අටක් පමණ දුරකිනි. කේ. ඇසිලින් මහත්මිය ද ත්‍රිවිලරයක ආධාරයෙන් වතුර රැගෙන යන්නට පැමිණ සිටියදී අපට මුණ ගැසිණ. ඇය මෙතෙක් වතුර රැගෙන ඒමට දිනපතා කිලෝමීටර් 4 – 5 ක් දුර ගෙවුවාය.

“අනේ ආත්ම ගානක් පින් උතුරන වැඩක් මේක. අපේ ගම් පළාත්වල වතුර පොදක් නෑ. වැඩ ඇරිල මේ ආපු ගමන් දුර නොබලා ආවෙ වතුර ටිකක් ගෙනියන්ඩ, පිට්ටෑගම තරුණ අය ගැන කියන්ඩ වචන නෑ. අනුන් ගැන හිතන ළමයි. ගොඩාක් පින්.”

බුලත්කොහුපිටිය ගම මැද පාරේ සරත් විජේසිංහ මහතා මේ සත්කාර්යට දායක වූ තරුණ පිරිස ගැන කීවේ මෙලෙසටය.

“මගෙ කකුලක් ආබාධ වෙලා දැන් මාස ගානක් ඇ‍‍ඳේ ම ඉන්නෙ. මං හැර දුවන්න පනින්ඩ පිරිමියෙක් මේ ගෙදර නැහැ. පිට්ටෑගම තරුණයො හරිම ආදර්ශයක්. වතුර නැතිව දුක්විඳින අයට පිහිට වෙන්න මේ කරපු උපකාරය හරිම වටිනවා. ඇවිදගන්න බැරිව ඉන්න මගේ ගෙදරටත් ත්‍රිවිලර්වලින් වතුර බැරල් පුරවලා ගෙනැත් දෙනවා.

මේ තරුණයො මට විතරක් නෙමේ පිරිමි අය නැති ගෙවල්වලට වතුර පහසුකම ළඟට ම ගිහින් දෙනවා. මුකුත් බලාපොරොත්තු වන්නෙත් නැහැ. හරිම අගෙයි. ගමේ වතුර ගෙන ඒමට යෑමට අපහසු අයට නිවෙසට ම වතුර රැගෙන විත් දීමට සැදී පැහැදී සිටින අයෙක් ද වෙයි. ඔහු ඒ සඳහා යොදාගත්තේ තමන්ගේ ම ත්‍රීවිලර් රථයයි. තැපැල් කන්තෝරුවේ කුලසිරි මල්ලී කියූ පමණින් නොදන්නා කෙනෙකු එහි නොමැත.

දුර්භික්ෂයකට පිට්ටෑගම ගම මුහුණ පා බොහෝ අය ලෙඩා දුකා වෙද්දී තම තමන්ගේ මුදල් එකතු කොට ගම මැද මණ්ඩපයක් තනවා ගමටත්, ගමේ රෝ දුකට ගොදුරු වූවනටත් සෙත් සුව පතා ගමේ විහාරස්ථානයේ නායක හිමි ශාස්ත්‍රපති මාමිණියාවේ සීලරතන හිමි වැඩමවා දම් දෙසුම් පවත්වා, සෙත් පිරිත් සජ්ජායනය කරවා දානමය පින්කම් ද සිදුකරනු ලැබුවේ පිට්ටැගම මේ තරුණ පිරිසමය.

වසර විස්සකට ආසන්න කලක සිට පිට්ටෑගම පොසොන් පොහෝදා පැවැත්වෙන රොටී දන්සැල ද මහත් ප්‍රසිද්ධය. එයද මේ තරුණයන්ගේ මහඟු කාර්යයකි.

පිට්ටෑගමට කි.මීටර හතක දුරකින් පිහිටි කබගමුව ගමේ ලාල් විජයසේන මහතා ද සිය වෑන් රියෙන් බැරල් කිහිපයක් රැගෙන විත් සිටියේ රාත්‍රියේය.

“කොහේවත් වතුර නැහැ. හැම තැනට ම වහිනවලු. ඒත් අපේ පළාත්වලට නැහැ. මේ විදිහට වතුර ටිකක් ගෙනයන්ඩ අවස්ථාව සලසල දීපු තරුණ පිරිසට මේ පිනම ඇති. වතුර ටික ඇති ඉඩමෙ ධම්මික මහත්තයටත් පින්. අ‍ෙන් මේවා තමයි මහත්තයෝ කුසල් වඩනවාය කියන්නෙ. මේ වතුර තියෙන බව දැනගෙන එක එක ගම් පළාත්වලින් වතුර ගෙනයන්න එන ඈයො පිට්ටෑගම ගමේ හොඳ හිත මිනිස්සු ඉන්නෙ කියල සදහට ම මතක තියාගන්න ම ඕනා. නැත්නම් ගුණමකුවො වෙනවා.”

කෙතරම් බැරල් ගණනින් වතුර පුරවා ගෙන ගියද මිනිසුන්ගේ පෙර පිනකට හෝ හාස්කමකින් හෝ වැඩි වැඩියෙන් එහි ජලය උතුරා යද්දී ඇතැමුන් දිය පිරවූ කළයට, බැරලයට දෑත එකතුකොට වරක් වැඳ ඔසවාගෙන යති.

කාගේත් පැසසුමට බුහුමනට ලක්වූ පිට්ටෑගම තරුණ පිරිස සිය සත්කාරය පිළිබඳ අප සමඟ පැවසූයේ මෙබන්දකි.

අන්තර්ජාලය ඈසුරෙනි.

About SirilakaNews

Check Also

jgcnbbv,j

නිව්ටන්ගේ පළමු නියමයේ පවතින සාවද්‍ය කරුණු NASA ආයතනයේ දුරස්ථ විද්‍යාඥ ආචාර්ය ගිරසී විජේසූරිය හෙළිකරයි! Newton’s first term about the False was revealed by NASA physicist Dr. Girci Wijesuriya.

ආචාර්ය ගිරසී විජේසූරිය වන ඇය ‘‘නාසා ආයතනයේ දුරස්ථ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි.” ‘‘භෞතික හා තාරකා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *