Breaking News
Home / Uncategorized / 1930 නාසි වසරින් පසු ලෝව දරුණුම වසර 2016 බව ජාත්‍යන්තර ඇම්නෙස්ටි වාර්තාව කියයි.

1930 නාසි වසරින් පසු ලෝව දරුණුම වසර 2016 බව ජාත්‍යන්තර ඇම්නෙස්ටි වාර්තාව කියයි.

 _94795165_logo

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය විසින් ප්‍රකාශයට පත්කරන ලද අලුත්ම වාර්තාවෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ,තුර්කි, හංගේරියානු සහ පිලිපීන නායකයන් හෙලාදකිනු ලැබ ඇත.

එම නායකයන් ප්‍රජාව අතර ඇතැම් ජන කණ්ඩායම්වලට වැරදි පටවමින් අමානුෂික ලෙස ඔවුන් ගොදුරුකර ගැනීමේ නපුරු වැඩපිළිවෙලක් තුළ කටයුතු කරමින් සිටින බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ බලය අල්ලා ගත් 1930 දශකයෙන් අනතුරුව, ලෝකය තුළ භීතිය සහ වෛරයේ කුරිරු කතන්දර දරුණු මට්ටමින් වාර්තා වූ වසර 2016 බව ඇම්නෙස්ටි වාර්ෂික වාර්තාවේ දැක්වෙයි.

වර්ගවාදයට සමාව දීම සහ සමලිංගිකයන් නොරිස්සීමේ පිළිවෙත ද ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ දෝෂදර්ශනයට ලක්වෙයි.
තවදුරටත් කරුණු පැහැදිළි කරන ඇම්නෙස්ටි වාර්තාව, ලෝකයේ ආණ්ඩු දේශපාලන අරමුණු සඳහා අනාථයන්ගේ ප්‍රශ්නය පාවිච්චි කරන බවත් පෙන්වා දෙයි.

 

About SirilakaNews

Check Also

h_53528502

ශ්‍රීලංකාවේ කාන්තා භික්ෂුත්වය පිළිනොගන්නේ ඇයි? Why is Sri Lanka not accepting women’s monak rights?

අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *