Breaking News
Home / ප්‍රධාන පුවත් / දිනකට වාහන 1858ක් අලුතින් මහා මාර්ගයට!

දිනකට වාහන 1858ක් අලුතින් මහා මාර්ගයට!

දිනකට වාහන 1858ක් අලුතින් මහා මාර්ගයට එකasia-thailand-bangkok-traffic-jam-traffic-congestion-road-roads-car-C8FBJTතු වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය වසරේදී පමණක් අලුතින් වාහන 668907ක් ලියාපදිංචි කර ඇත. මේ අතුරින් මෝටර් රථ 105628ක්, ත්‍රිරෝද රථ 129547ක්, යතුරුපැදි 370889ක්, මෝටර් කෝච් 4140ක්, කැබ් රථ 26899ක්, ද්විත්ව-කාර්ය වාහන 12557ක්, ලොරි රථ 5356ක් හා ට්රැක්ටර් 9977ක් ලියාපදිංචි කර තිබේ.

ඒ අනුව මාසයකට ආසන්න වශයෙන් වාහන 55742ක් ලියාපදිංචි කර ඇත. ඉතිහාසයේ වැඩිම වාහන ලියාපදිංචි වී ඇත්තේ පසුගිය වසරේ වන අතර, එය 2009 වසරේදී පැවතී ඇත්තේ 204075ක් වශයෙනි. ඒ අනුව වසර 6ක පමණ කාලයක් තුළ වාහන වැඩි වීමේ ප්‍රතිශතය 325%කටත් වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ පෙබරවාරි මස මැද භාගය වන විට අලුත් වාහන 32801ක් අලුතින් ලියාපදිංචි වී ඇත. 2015 වසරේදී වාහන සඳහා අධික බදු පැනවුවද ආනයනික වාහන සංඛ්‍යාවේ බලාපොරොත්තු වූ අඩු වීමක් සිදුව නැති බව මේ අනුව පෙනී යයි.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *