Breaking News
Home / ප්‍රධාන පුවත් / සුන්දර හන්තාන කදු ශිඛරය ගිලා බැසිමේ අවදානමක!

සුන්දර හන්තාන කදු ශිඛරය ගිලා බැසිමේ අවදානමක!

download (3)

හන්තාන කඳුවැටිය ආශ්‍රිත උඩවෙල කොටසේ ස්ථාන ගණානාවක පොළව ගිලා බැස නායයෑමේ අවධානමක් මතුව තිබෙන අතර මේ හේතුවෙන් පවුල් 500 කට අයත් පුද්ගලයන් 2000 කගේ පමණ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇත.

හන්තාන උඩවෙල මාර්ගයේ ස්ථාන රැසක් අඩියක පමණ පළලින් යුක්ත පැලීම් සමඟ ගිලාබැසීමට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය ද මුළුමනින්ම ඇනහිට තිබේ. කඳුවැටියේ කිලෝ මීටරයක පමණ භූමි ප්‍රමාණයක් පුරා මෙම පැලීම් සමඟ ගිලාබැසීම් දක්නට ලැබෙන බවත් මෙහි නායයෑමක් සිදුවුවහොත් අරණායකට වඩා වැඩි පිරිසකගේ ජීවිත පස්වලට වැළලී යනු ඇති බවත් ප්‍රදේශවාසීහූ පවසති.

මෙවැනි අවදානමක් පවතිත්දීත් බලධාරීන් ඊට විධිමත් පියවරක් නොගන්නා බවටද ඔවුහූ චෝදනා කරති.

හන්තාන උඩ කොටසේ මෙවැනි ගිලාබැසීම් සමdownload (2)ඟ පැලීම් පෙනෙන්ට තිබියදී ඊට පහළින් වතුකම්කරුවන් තේ දලු නෙළීමේ නිරතව සිටිනු එහි ගිය අපට දැක ගන්නට ලැබිණි.

මෙම ගිලා බැසීම් ඇති ස්ථානයට පහළින් පිහිටි වතුනිවාස කිහිපයක බිත් ති පුපුරාගොස් තිබෙන බවද ඒවාහි පදිංචිකරුවෝ පවසති.

අදාළ තත්ත්වය පිළිබඳ මහනුවර ආපදා කළමණාකරණ ඒකකයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතාගෙන් කළ වීමසීමකදී මෙම ස්ථානය අවාරණය වන පරිදි භූමි පරීක්ෂණයක් සිදුකිරීමට පියවරගෙන තිබෙන බව පැවසීය.

හන්තාන ප්‍රදේශයේ නායයෑමේ ලක්ෂණ දක්නට ලැබෙන ස්ථානවල පදිංචිව සිටි පවුල් 55 කට අයත් පුද්ගලයන් 214 දෙනකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *