Breaking News
Home / පුවත් / බංගලාදේශයේ මහ බැංකු ගිණුමට හොරෙන් රිංගා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදලක් සොරකම් කිරීම පිටුපස ශ්‍රීලාංකිකයෝ!

බංගලාදේශයේ මහ බැංකු ගිණුමට හොරෙන් රිංගා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදලක් සොරකම් කිරීම පිටුපස ශ්‍රීලාංකිකයෝ!

Untitled-2

බංග්ලාදේශයේ මහ බැංකු ගිණුමට හොරෙන් රිංගා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන එකක මුදලක් සොරකම් කිරීමට, අවස්ථා 35කදී අන්තර්ජාල තොරතුරු ජාල පද්ධතියට හොර රහසේ රිංගූ දත්ත මංකොල්ලකරුවෝ උත්සාහ දරා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙසේ හොර රහසේ බංග්ලාදේශ මහ බැංකු ගිණුමට  ඇතුළත්වූ දත්ත මංකොල්ලකරුවෝ අතර ශ්‍රීලාංකිකයෝ කීප දෙනෙකු සහ පිලිපීන ජාතිකයින්ද සිටින බව ඉන්ටර්පොල් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මොවුන් සුකෂම ලෙස පරිඝනක තාක්ෂණය යොදාගනිමින් ඩොලර් මිලියන 101ක මුදලක් ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ පුද්ගලික ගිණුම්වලට මාරු කිරීමට සමත්වී තිබේ. මේ හොරකම අවස්ථා 35දීම සාර්ථක වූවේ නම් එහි අමෙරිකානු ඩොලර් බිලියන එකක් වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරගෙන ඇත.

මේ දත්ත හොරුන්ට නිසි පරිදි මේසා විශාල මුදලක් ගිණුම්වලට මාරු කිරීමට නොහැකි වී ඇත්තේ මේ ක්‍රමවේදයේ පවතින ඉහළ තාක්ෂණික කළමනාකාරිත්වය නිසා බව ද මහ බැංකුව කියයි.

මේ වසරේ පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේ මහ බැංකුවේ නිලධාරින් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටි මංකොල්ලකරුවෝ ඩොලර් මිලියන 101ක මුදලක් නිව්යෝර්ක් ෆෙඩරල් රිසව් බැංකුවෙන් ලබාගෙන තිබේ.

මේ කොල්ලකෑම් වැලැක්වීමට හැකිවීම පිළිබඳව වසර 2015 මහ බැංකු වාර්තාවේ කරුණු දක්වා තිබේ.

About SirilakaNews

Check Also

shutterstock_1324901444-375x200

සෞඛ්‍ය අමාත්‍යංශය මුලික ප්‍රමිතියවත් නැති ඖෂධ රෝහල්වලට ලබාදිලා! The Ministry of Health has given medicines to hospitals which are not even up to standard.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මුලික ප්‍රමිතියවත් නැති ඖෂධ රෝහල්වලට ලබාදිම හරහා දියවැඩියාව,හෘද රෝග,පිළිකා සහ වකුගඩු රෝගීන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *