Breaking News
Home / දේශපාලන / සංහිඳියාවේ මාධ්‍ය චාරිකාව සාමය හා සංහිඳියාව පිළිබඳ යහපත් බලාපොරොත්තු දල්වන්නකි.

සංහිඳියාවේ මාධ්‍ය චාරිකාව සාමය හා සංහිඳියාව පිළිබඳ යහපත් බලාපොරොත්තු දල්වන්නකි.

දකුණේ සියලු ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් තෙදිනෙහි මාධ්‍යවේදීන් විශාල පිරිසක් උතුරේ මාධ්‍යවේදීන් හමුවන “සංහිඳියාවේ මාධ්‍ය චාරිකාව” සාමය හා සංහිඳියාව පිළිබඳ යහපත් බලාපොරොත්තු දල්වන්නකි. අන්තර් සංස්කෘතික අධ්‍යයනය හා සන්නිවේදනය විෂයයෙහි වැදගත් වන ක්‍රියාකාරකම් රැසක් මේ වැඩ සටහනට ඇතුළත් ය.

මේ සඳහා පුරෝගාමිත්වය දුන් පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා සමඟ කළ කතාබහක් මෙහි පළ වේ.

“සංහිඳියාවේ මාධ්‍ය චාරිකාවේ” අරමුණ කුමක් ද?

උතුරේ සහ දකුණේ මාධ්‍ය සහෝදරත්වය ගොඩ නංවමින් ‘තල්පතයි පන්හිඳයි’ සංකල්පය ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීම මෙයින් බලාපොරොත්තු වනවා. උතුරේ ජනමාධ්‍යවේදීන්, දේශපාලන නායකයන් හා ආගමික නායකයන් හමුවීමේ අවස්ථාව දකුණේ මාධ්‍යවේදීන් හට ලබා දෙනවා. එමෙන් ම පසුගිය අවධියේ මර්දනයට හා භීෂණයට මුහුණ දුන් උතුරේ මාධ්‍යවේදීන් අතරින් තෝරාගත් තිදෙනකු වෙනුවෙන් නිවාස තුනක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමත් මේ වැඩ සටහනට ඇතුළත්. ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ලේක්හවුස් ආයතනය

මේ නිවාස තුන ඉදිකිරීමේ වගකීම ඉටු කරනවා. දශක කිහිපයක් දිග්ගැසුණු යුද්ධය නිසා සිංහල සහ දෙමළ ජාතීන් අතර ඇතිවූ දුරස්ථ බව ඉවත් කළ යුතුයි. ශ්‍රී ලාංකිකයන් හැටියට සහෝදරත්වයෙන් සහජීවනයෙන් ජීවත්වීමේ පසුබිමක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. මෙය එහි මුල් පියවරයි. මේ සඳහා මාධ්‍යවේදීන් සතු ව ඇත්තේ පුළුල් වගකීමක්. සංහිඳියාවේ වැදගත්කම පිළිබඳ වූ වටිනා අදහස සමාජ විඥානයට කා වැද්දීමේ හැකියාව තිබෙන්නේ ජනමාධ්‍යයටයි. ඒ අනුව මෙයsil-03-27-gayantha1ඓතිහාසික අවස්ථාවක්.

සිංහල සහ දෙමළ ජාතීන් දෙකෙහි භාෂා හා සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කරන අතර ම අන්තර් සංස්කෘතික ළැදියාවන් හඳුනා ගැනීම හා වර්ධනය කිරීම රටේ ඉදිරි ගමනට තීරණාත්මකව බලපානවා. නිදහස ලැබීමෙන් පසු ව ජාතික එක්සත්කම තහවුරු කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට අපේ රට අසමත් වුණා.

රටවැසියාට පාලකයා වග කියන යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කර ගන්න බැරි වුණා. සමාජ අසාධාරණය, විෂම කොට සැලකීම යනාදී අයහපත් ලක්ෂණ සමාජයේ වර්ධනය වුණා. මේ නිසා, තරුණ නැගිටීම් කිහිපයක් ඇති වුණා. විශාල වශයෙන් ජීවිත හානි සිදු වුණා. බුද්ධිමතුන් රට හැර යන තත්ත්වයක් නිර්මාණය වුණා.

සිදු ව ඇති විනාශය දකින විට නැවත එවැනි ශෝචනීය තත්ත්වයක් ඇති විය යුතු නැහැ. එනිසා අපගේ වගකීම විය යුත්තේ නිදහස අර්ථවත් කරමින් ජාතික එක්සත්කම තහවුරු කෙරෙන රටක් නිර්මාණය කිරීමයි. මේ මොහොත අත්හළ හොත් නැවත එවැනි අවස්ථාවක් ලැබේ යැයි සිතිය නොහැකි යි.

එකිනෙකාට සතුරු පාර්ශ්ව දෙකක් හැටියට මිස එක රටක ජීවත්වන සහෝදරයන් ලෙස ඔවුනොවුන් හඳුනා ගැනීමේ අවස්ථාව සිංහල හා දෙමළ තරුණයන්ට නොලැබී ඇති බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC) ද අවධාරණය කරනවා.

එහෙත්, කනගාටුදායක කරුණ වන්නේ පශ්චාත් යුද සමයෙහි අනිවාර්යයෙන් ම විය යුතු ව තිබූ බිඳුණු හදවත් සුවපත් කිරීමේ වගකීම ඉටු නොකිරීමයි. ජනවාරි 8 දේශපාලන පෙරළියෙන් එම වගකීම ඉටු කිරීමේ ජනතා කැමැත්ත අපට ලබා දුන්නා. අප එතෙක් දුටුවේ දෙවැනි පෙළ රටවැසියන් හැටියට ජීවත්වීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවට බල කෙරෙන පරිසරයක්. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා. ජනමාධ්‍ය ඇමැතිවරයෙක් උතුරේ සංචාරයක යෙදෙන්නේ වසර 15කට පසුවයි. ජනමාධ්‍යය, සංහිඳියා පිළිවෙතින් කෙතරම් දුරස් කර තිබුණා ද යන්න එයින් ම පැහැදිලි වෙනවා.

ජනවාරි 8 වැනි දා සිදු වූ දේශපාලන පෙරළිය පිළිබඳ හැඟීමක් නොමැති ඇතැම් ජනමාධ්‍ය වර්තමානයේදීත් ජාතිවාදයට හා ආගම්වාදයට ගිනි පිඹිමින් සමාජ අර්බුද උත්සන්න කිරීමෙහි යෙදෙන බව පෙනෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා රජය මැදිහත් වීමක් කරනවා ද?

එය ජනමාධ්‍ය සංස්කෘතියේ පරිහානි ලක්ෂණයක්. සමහර දේශපාලන බලවේග බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය හා ආගම්වාදය අඩයාළමක් කර ගැනීමේ පුරුද්දක් එදා සිට ම පැවතුණා. එහෙත්, අප එම දේශපාලනය තරයේ ප්‍රතික්ෂේප කරනවා. එබඳු පසුගාමී බලවේග විසින් හසුරුවනු ලබන ජනමාධ්‍ය සමාජයේ ඉදිරි ගමනට බාධාවක්. එහෙත්,

අපේ ආණ්ඩුව ජනමාධ්‍යයට බලපෑම් කරන්නේ නැහැ. දියුණු ජනමාධ්‍ය සංස්කෘතියක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ අනෙකුත් පහසුකම් ලබා දීම වැදගත් බව මා සිතනවා. එහෙත් අපට පහර දෙන ජනමාධ්‍ය ආයතනයකට වුණත් පහර දීමේ දුෂ්ට පිළිවෙතක් අප අනුගමනය කරන්නේ නෑ. නමුත් පසුගිය අවධිය මතක් කළොත්, ජනමාධ්‍ය ආයතනවලට මහ දවාලේ පහර දුන්නා. ගිනි තැබුවා. ජනමාධ්‍යවේදීන් ඝාතනය කළා. අතපය කැඩුවා. මෙරටෙහි යහතින් ජීවත්විය නොහැකි තත්ත්වයක් ඇති කළා.

තමන්ට හීලෑ ජනමාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට වරදාන දුන්නා. මේ තත්ත්වය ම අවසානයේ පාරාවළල්ලක් වූ බව අමතක නොකළ යුතුයි. පාලකයන් විවේචනය කිරීමේ නිදහස වර්තමානයේ ජනමාධ්‍යවේදීන්ට ලැබී තිබෙනවා. ඒ නිදහස අයුතු අන්දමින් භාවිත කරන අවස්ථා තිබෙන්න පුළුවන්. නමුත් අප එයින් කුපිත වන්නේ නැහැ. ජනමාධ්‍ය සංස්කෘතිය දියුණු වන විට වඩාත් නිවැරැදි හා අගතිගාමී නොවූ වාර්තාකරණයක් සඳහා මඟ පෑදෙන බව මා විශ්වාස කරනවා.

තොරතුරු දැන ගැනීමේ පනත ජනතාවගේ පැත්තෙන් කෙතරම් වැදගත් වේ ද?

මෙහි වැදගත්කම පිළිබඳ පුළුල් අවබෝධයක් ඇති බව පෙනෙන්නේ නැහැ. මෙය ජනප්‍රිය මාතෘකාවක් ද නොවේ. එහෙත් මෙය රට තුළ විශාල පරිවර්තනයක් ඇති කිරීමට බලපානවා. තොරතුරු දැන ගැනීමේ පනත, වඩාත් වැදගත් වන්නේ රට වැසියාටයි. නිවැරැදි තොරතුරු රටවැසියාට නො ලැබීම දූෂණයට හා වංචාවට මඟ පාදනවා. භීතියේ පාලනය වෙනුවට නීතියේ පාලනය හෙවත් යහපාලනය සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කළ යුතුයි.

මෙය සියලු පළාත් සභාවලින් අනුමත කිරීමෙන් පසුව කථානායකවරයාට බාර දුන්නා. ඇතැම් පළාත් සභාවලින් සංශෝධන කිහිපයක් ද යෝජනා කර තිබෙනවා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ව වැදගත් කතිකාවක් දියත් වේ යැයි අප සිතනවා. රට තුළ දූෂණය, නාස්තිය අවම කර යහපාලනය ඇති කිරීම සඳහා මේ පනත අතිශයින් වැදගත් වන

About SirilakaNews

Check Also

z_p01-No-threat-1

ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

ආණ්ඩුව පස්කු ඉරිදා සිදුවු ඛේදවාචකය සමග රටේ ජනතාවගෙන් එලලවන චෝදනා හමුවේ අන්ද මන්ද වී සීටී. ...