Breaking News
Home / දේශපාලන / විදේශ විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යළි අවධාරණය කරයි!

විදේශ විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යළි අවධාරණය කරයි!

 index

යුධ අපරාධ චෝදනා සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳ යම් අධිකරණ තීන්දුවක් ගැනීමට සිදු වුවහොත් ඒ සඳහා විදේශ විනිසුරුවරුන්ගේ සහාය ලබා නොගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යළි අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරුන් කෙරෙහි තමාගේ පූර්ණ විශ්වාසය තබා ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධානත්වයෙන් සිකුරාදා වාද්දුවේ පැවති ජාතික නීති සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්.

යුද්ධයේ දී මානව හිමිකම් කඩ වූ බවට ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විභාග කිරීමේ ක්‍රියාවලිය විමසා බැලීම පිණිස විදෙස් විනිසුරන් හෝ අධිකරණ ක්‍රියාවලියක හෝ මැදිහත් වීමක් හෝ, විශේෂඥයන් ‘ආනයනය’ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි මීට ඉහතදී බීබීසී සිංහල සේවය හා පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබූ ඉහත කී ප්‍රකාශය විදේශ රටවල විවේචනයට පවා ලක් වී තිබිණ.

රජය අධිකරණයේ ස්වාධීනත්වය සහ නිදහස තහවුරු කරමින් කටයුතු කරන අවස්ථාවක අධිකරණය අභ්‍යන්තරයේ ද එකී ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා විය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

About SirilakaNews

Check Also

z_p01-No-threat-1

ජනාධිපතිවරයාගේ ක්ෂණික නියෝගයෙන් පාර්ලිමේන්තු කාරක සභා සජීවී විකාශණය නතර වු හැටි! Parliament selection committee live telecast stopped from the Presidents immediate order.

ආණ්ඩුව පස්කු ඉරිදා සිදුවු ඛේදවාචකය සමග රටේ ජනතාවගෙන් එලලවන චෝදනා හමුවේ අන්ද මන්ද වී සීටී. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *