Breaking News
Home / දේශපාලන / මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වාභාවික මරණයක්!මහාචාර්ය සරත් විජේසුරිය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වාභාවික මරණයක්!මහාචාර්ය සරත් විජේසුරිය.

 Untitled-2

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් හැටියට විග්‍රහ කරනු ලබන්නේ නීතියේ රැහැනින් බේරීමට අවශ්‍ය භික්ෂූන් කීප දෙනකු විසින් වන බව සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු මචාර්ය සරත් විජේසුරිය කියා සිටියේ ‘ සෝභිත හිමි අපවත් වීම ඝාතනයක් හැටියට විග්‍රහ කරනු ලැබීම යටි අරමුණු මත නිර්මාණය කරන ලද ප්‍රවාදයක්’ වන බවයි.

උඩුවේ ධම්මාලෝක, මුරුත්තෙට්ටුවේ ආනන්ද සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන්  සහභාගී වූ මාධ්‍ය හමුවක දී උන්වහන්සේලා කියා සිටියේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම ඝාතනයක් වන අතර ඊට බල පෑ හේතු පිළිබඳව කරුණු තමන් සතු බවයි.

මාධ්‍ය හමුවේ දී ප්‍රකාශයක්‌ කළ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය ‘සෝභිත හිමියන් එවැනි ඉරණමකට ගොදුරු වීනම් උන්වහන්සේගේ අභාවය වඩාත් දැනෙන පුද්ගලයන් වශයෙන් උන්වහන්සේ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පාරට බසින්නේ ජීවිතයෙන් කැප වන්නේ තමන් වන’ බවයි කියා සිටියේ.

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් ආදාහනය කරනු ලැබීමට පෙර මෙම එකම භික්ෂූන් වහන්සේ නමක් වත් ආදාහනය කිරීම නතර කරන ලෙස හෝ මෙවැනි ඝාතන කතාවක් සිදු නොකළ බවයි මහාචාර්ය සරත් විජේසූරිය පෙන්වා දුන්නේ.

එම අභාවය සම්බන්ධයෙන් යම්කිසි තොරතුරු තමන් සතුව ඇත්නම් ඒවා ඉදිරිපත් කොට සත්‍යය හෙළිදරව් කිරීමේ සදාචාරාමය අයිතියක් ධම්මාලෝක හිමියන් වෙත පැවරෙන බවත් මහාචාර්යවරයා පවසයි.

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ඉහත කී මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඝාතනයක් සිදු කොට ඇත්නම් සෝභිත හිමි අභාවය සිදු වී මෙතරම් කලක් බලා සිටියේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළේය.

‘එවැනි තොරතුරු ඇත්නම් ඒවා සඟවා ගෙන සිටීමත් වරදක්’ වන බවයි සමන් රත්නප්‍රිය කියා සිටින්නේ.

තවදුරටත් අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය සඳහන් කළේ ‘සෝභිත හිමියන් ඝාතනය කිරීමේ උවමනාවක් වීනම් ඒ උවමනාව වූයේ උන්වහන්සේ එරෙහි වූ දේශපාලන කණ්ඩායම තුළ වන’ බවයි.

උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් තමන් රජයට දැනුම් දී ඇති බවත් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය පවසයි.

About SirilakaNews

Check Also

_109088161_20191003_135446

එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි සම්මතවූ යෝජනා.Resolutions of the United National Party At the special convention

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස එම පක්ෂයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *