Breaking News
Home / නිදහස් පන්හිද / 2050 මිනිසුන්ට හැදු ආණ්ඩුවේ අයවැය

2050 මිනිසුන්ට හැදු ආණ්ඩුවේ අයවැය

ඉතිහාසයේ අර්බුදකාරීම අයවැය මෙවර ආණ්ඩුව විසින් ඉදිsuicide_2439218fරිපත්කල අයවැය බව ඒ පිළිබද මේවන විට ඊට එරෙහිව එල්ල වන විවේචන සහ එකී විවේචන හරහා ප්‍රකාශිත අයවැය අවස්ථා කිපයකදීම ආණ්ඩුවට කරන්නට  සිදුවු සංශෝධන හරහා පෙනෙන්නට තිබෙයි. 
එල්ලවන විවිධ විරෝධතා හමුවේ සංශෝධන වන වාර ගණනද වැඩිවීම හරහා අවසානයේ වර්ථමාන යහපාළන ආණ්ඩුව අයවැය පුස්සක් බවට පත්වෙතෑයි දේශපාලන විචාරකයෝ අදහස් පල කරයි.
මේ අතර අය වැය පිළිබද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ක ලේ 2015 තම ආණ්ඩුව ඉදිරිපත්කල අයවැය තුල වු සාධනීය ප්‍රථිපල මෙරට ජනතාවට අත්විදින්නට ලැබෙන්නේ වර්ෂ 2050 බවයි.

මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකවේ ජනතාව නිදහසින් වසර හැත්තැවකට ආසන්න වන තුරු අඛණ්ඩව භුක්ති විදින වරප්‍රසාද රාශියක් ඉවත්කිරිමට ක්‍රියාකරමින් නොනැවතී ඉන් එහාට යමින් ජනතාව මත අධික බදුබර පටවමින් අග්‍රාමාත්‍යවරයා තවත් වසර තිස්පහකට එහා ජිවත්වෙන මිනිසුන් පිළිබද සිතා වර්ථමානයේ අයවැය ඉදිරිපත් කිරිම සැබැවින්ම ඔවුන්ගේ පිළිවෙත් සහ සිතිවිළි පිළිබද රටේ ජනතාවට මනා අවබෝධයක් ලබා  දෙයි.

දියුණු රටවල සහ එකි සමහර රටවල් ආර්ථිකමය වශයෙන් ප්‍රගතිය කරා ගිය අතීත ක්‍රමෝපායන් අපේ රටට ආදේශ කිරිමට උත්සහ කිරිම හරහා බහුතර මධ්‍යම පාන්තික ජනතාව සහමුලින්ම අමතක කොට දමා මෙම අයවැය ඉදිරිපත් කොට ඇති බව ගම්‍ය වෙයි. 

පැවති ආණ්ඩුව පෙරළාදමා එකී ආණ්ඩුව නොදුන් ජනතා සහන අපේක්ෂාවෙන් වත්මන් ආණ්ඩුව පත්කරගත් මෙරට ජිවත්වන මැද පන්තියේ ජනතාව ඔවුහු අනාදිමත් කාලයක් අත්විදි රාජ්‍යසේවයේ වරප්‍රසාද පවා (විශ්‍රාම වැටුම වෑනි විශේෂිත )පැය විසි හතරෙන් අවසන් කිරිමට අයවැය හරහා  වත්මන් ආණ්ඩුව සුදානම් වීම අතිශය ඛේදජනක දේශපාලන අත්වෑරෑද්දක් ලෙස ක්ෂණිකව ජනතාව අතරට යන බව දේශපාලනයේ මනා අත්දෑකිම් විරළ අගමැතිවරයාට අවබෝධ නොවුයේ මන්ද යැයි ප්‍රශ්න කිරිමෙන් තොර එකි බැරෑරුම් තීරණ ජාත්‍යන්තරයේ නියමයන් බව වටහාගැනිමේ පහසුව  2050 කතාවේ සංෂිප්තය විමසිලිමත් දේශපාලන අවබෝධය මතින් බැලිමෙන් පෙන්වාදෙයි.

අනාගතය සුඛිත මුදිතවිම රටකට සිදුවිය යුතු අනිවාර්ය සිද්ධාන්තයකි.ඊට කිසිදු විවාදයක් නැති මුත් වර්ථමානය තුල ගිනිගෙන ඇති අපේ රටේ මිනිසුන්ගේ සමාජීය  අධ්‍යාත්මික දේශපාලන ආර්ථික ප්‍රශ්නවලට ජිවත්වන කාලයතුලදි නොවි මරණයෙන් පසු පිළිතුරු සොයා දෙන්නට ගරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ යහපාළන ආණ්ඩුව 2015 අයවැය හරහා ජනතාව මත ඇතිකර ඈත්තේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ මනසික තත්වයකි.

About SirilakaNews

Check Also

jgcnbbv,j

නිව්ටන්ගේ පළමු නියමයේ පවතින සාවද්‍ය කරුණු NASA ආයතනයේ දුරස්ථ විද්‍යාඥ ආචාර්ය ගිරසී විජේසූරිය හෙළිකරයි! Newton’s first term about the False was revealed by NASA physicist Dr. Girci Wijesuriya.

ආචාර්ය ගිරසී විජේසූරිය වන ඇය ‘‘නාසා ආයතනයේ දුරස්ථ විද්‍යාඥවරියක ලෙස කටයුතු කරයි.” ‘‘භෞතික හා තාරකා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *