Breaking News
Home / කලා / ‘ආදරණීය කතාවක්’ පිළිබද සරළ විචාරයක්!

‘ආදරණීය කතාවක්’ පිළිබද සරළ විචාරයක්!

 download (1)ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයක් ලෙස රිදී තිරයට එන ආදරණීය කතාවක් චිත්‍රපටයෙහි විශේෂ දර්ශනයක් කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්විණි.

ආදරණීයයන්ට ආදරණීය ආරාධනයක් ලෙස තේමාගත කොට ඇති චිත්‍රපටය වැඩි පිරිවැයක් සහිතව නිෂ්පාදනය කර ඇති බවක් බැලූ බැල්මටම පෙනෙයි. එහෙත් චිත්‍රපටය තුළ අධික ලෙස යොදා තිබූ සන්නාම ප්‍රචාරණයන් මියුසික් වීඩියෝවක ගතිලක්ෂණ පෙන්නුම් කළ බව සඳහන් කළ යුතුමය.

එහෙත් ආදරණීයයන්ට වඩා සාධනීය රසාස්වාදනයක් වනු ඇතැයි හඟවන චිත්‍රපටයක් ලෙස එය දැක්විය හැකිය.

 චිත්‍රපටයට පිවිසීමක් ලෙස සංස්කරණ කටයුත්ත සම්බන්ධයෙන් සඳහන් කළ යුත්තක් ඇත. බිමල් ජයකොඩිගේ චරිතයෙහි හඬ සහ රුව එකිනෙක මත නොපිහිටීම, ගීත තුළද එම සමතුලිත බව නොපිහිටීම වැනි අසමතුලිතතා හැරුණු කොට චිත්‍රපටයේ වර්ණ සංකලනයන් ගුණාත්මක මට්ටමක පැවතුණු බව සඳහන් කළ යුතුය. චිත්‍රපටයේ කැමරාකරණය සහ ආලෝකකරණය විශිෂ්ට මට්ටමක පැවතුණු බවද මෙහිලා සඳහන් කළ යුතුය. රංගනයේ සැමදා සුපුරුදු හැකියාවන් තබාගෙන බිමල් ජයකොඩි කැපී පෙනුණද, හේමාල් සිය හැකියාවන් වඩවාගන්නා බව දැකීම සිංහල සිනමාවේ ඉදිරිය වෙනුවෙන් ගුණාත්මක සාක්ෂියක් විය. අරුණි රාජපක්ෂ සහ උදාරි වර්ණකුලසූරියගේ රංගනයන් සම්බන්ධයෙන්ද මින් පෙර මෙම කාරණා

images දැකිය හැකි විය.

සිංහල සිනමාවට මෑතක එළඹුණු චිත්‍රපට කිහිපයකම මෙයාකාරයේ කතා තේමා දකින්නට හැකිවිය. තරුණයෙකු සහ පෙම්වතියන් දෙදෙනෙකු හෝ තරුණියක IMG_9922 IMG_9893සහ පෙම්වතුන් දෙදෙනෙකු සහිත අදාළ තරුණියගේ හෝ තරුණයාගේ නිදන්ගත රෝගයක හදිසි මතුවීමක් සහිත කතා අපට දැකිය හැකි විය‍. චන්ද්‍රන් රත්නම්ගේ මේ වගේ ආදරයක් සහ නාලක විතානගේ නිර්මාණය කළ අනිත්‍යා වැනි චිත්‍රපටද මෙවන් ආරකම ගමන්ගත් බව ඔබ අප මෙන්ම ඔවුන්ද දන්නා බව පිළිගත යුතුය. මෙම රැල්ල එකෙකු අනෙකා කොපි කිරීමක්ද, එසේත් නොමැතිනම් සියල්ලන් එක ලෙස සිතීමක්ද යන්න තීරණය කිරීම ප්‍රේක්ෂක ඔබට බාරය.

ඒ වෙනුවෙන් ඔබ ආදරණීය කතාවක් නැරඹිය යුතුය. උක්ත සඳහන් කළ  දෑ පැවතුණද ආදරණීය කතාවක් යනු අවසානය තෙක් අලස බවකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයකි.චිත්‍රපටයේ ගීත වැඩි සංඛ්‍යාවක් අන්තර්ගත වීම නිසා චිත්‍රපටය මඳක් දුර ඇදුණු බව සඳහන් කළ යුතුය. එය චිත්‍රපටයට යම් බොලිවුඩමය හැඟීමක් ලබා දෙයි. එසේ වුවද අයෙකුට මෙය ගායකයෙකු සහ ගායනය සම්බන්ධ කතා තේමාවක ඇදෙන නිසා එසේ විය නොහැකිදැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එක් එක් පුද්ගලයාගේ රුචි අරුචි කම් අනුව එය තීරණය වුවද කසුන් කල්හාර ජයවර්ධන සහ කුෂානි සඳරේඛාගේ ගායනයේ සුවිශේෂත්වය හැරෙන්නට එම ගීත නිරන්තර වාදනය වීම ප්‍රේක්ෂකයා චිත්‍රපටය කෙරෙන් බැහැර කරවන සුලුය.

අනෙකුත් නළු නිළියන්ද සාර්ථක රංගනයක නියැළෙන අතර, සුළු චරිත කිහිපයක අධි රංගනයන් හැරුණු කොට චිත්‍රපටය සාර්ථක ලෙස නිමවී ඇති බව පැහැදිලිය. ආදරණීය කතාවක් සම්බන්ධ ඔබේ මතය ලබාදීමට නුදුරේදීම ප්‍රේක්ෂක ඔබට ඉඩ ලැබෙනු ඇත.

 

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *