Breaking News
Home / ක්‍රීඩා / සුපිරිතම රුවල් ඔරු ශූරිය ඉතාලියේ ඇලෙසැන්ඩ්‍රා සෙන්සිනිය

සුපිරිතම රුවල් ඔරු ශූරිය ඉතාලියේ ඇලෙසැන්ඩ්‍රා සෙන්සිනිය

රුවල් ඔරු ලොව ජනප්‍රියතම ක්‍රීඩාවකි. එහි අන්තර්ජාතික පරිපාලනමය කටයුතු සිදු කරනු ලබන්නේ අන්තර්ජාතික රුවල් ඔරු සම්මේලනය විසිනි. එහි වාර්ෂික සමුළුව පසුගියදා පැවැත්වූයේ චීනයේ සන්යා නුවරදීය. එහිදී ඉතා වැදගත් සිදුවීමක් සිදුවූයේය. එනම් මෙම ක්‍රීඩාවට සම්බන්ධ සුපිරිතම ශූර ශූරියන් සත් දෙනෙක් මේ ක්‍රීඩාවේ විශිෂ්ටතමයන් අතරට තෝරා ගැනීමයි. එම පිරිස අතර සිටි එකම ශූරිය වූයේ ඉතාලියේ ඇලෙසැන්ඩ්‍රා සෙන්සිනිය.

45 හැවිරිදි ඇය දස්කම් දක්වා තිබුණේ රුවල් ඔරු ක්‍රීඩාවේ එක් ඉසව්වක් වන රළ මත ලිස්සා යාම හෙවත් වින්ඩ්සර්ෆිං තුළිනි. එහිදී සිදුවන්නේ පුවරුවක රැඳවූ රුවලක ආධාරයෙන් රළ මත යෑමය. ඊට සුළඟත් අවශ්‍යය. ඇලෙසැන්ඩ්‍රා මෙම ඉසව්වෙන් ඔලිම්පික්, ලෝක ශූරතා සහ යුරෝපීය ශූරතාවලියන්හිදී හිමිකර ගත් මුළු පදක්කම් ගණන 19 කි.

ඇය ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් සතරකදීම පදක්කම් හිමි කර ගත්තාය. ඒ 2000 – රන්, 2008 – රිදී පදක්කම බැගින් සහ 1996, 2004 දී ලෝකඩ පදක්කම බැගිනි. මීට අමතරව ලෝක ශූරතාවලියන්හිදි ඇය හිමිකර ගත් මුළු පදක්කම් ගණන 08 කි. ඊට 2000, 04, 06 සහ 08 දී රන් 04, 1997, 02, 10 දි රිදී 03 සහ 2012 දී ලෝකඩ පදක්කමකි. යුරෝපීය ශූරතාවලියන්හිදී ඇයට රන් 03, රිදී 02 සහ ලෝකඩ පදක්කම් 02 බැගිනි.

ඇලෙසැන්ඩ්‍රා 1970 වසරේ ජනවාරි මස 26 වැනිදා උපත ලැබුවේ ග්‍රොසෙටෝ නුවරදීය. ඇය අඩි 5 අඟල් 07 ක් උසැතිය. ඇය සතුව තවත් සුවිශේෂී වාර්තාවක් තිබේ. එනම් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ සාර්ථකම රුවල් ඔරු ක්‍රීඩිකාව වීමයි. 2011 වසරේ අන්තර්ජාතික රුවල් ඔරු සම්මේලනයේ වාර්ෂික ක්‍රීඩිකාව වූයේත් ඇයමයි.

අන්තර්ජාතික රුවල් ඔරු සම්මේලනය ප්‍රථම වරට මෙම ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතමයන් තෝරා ගැනීම සිදු කරනු ලැබුවේ 2007 වසරේදීය. ඒ එම සම්මේලනයේ සියවස් සැමරුම වෙනුවෙනි. ඔලින් ස්ටෙෆාන්ස්, එලෙන් මැකාතර්, පෝල් එල්ව්ස්ට්‍රෝම්, බාබරා කෙන්ඩෝල්, එරික් ටබාර්ලි සහ ශ්‍රීමත් රොබින් නොක්ස් ජොන්ස්ටන් ඊට අයත්ය. මෙවර ඇලෙසැන්ඩ්‍රාට අමතරව ඩෙනිස් කොනර්, හැරල්ඩ් වැන්ඩර්බිල්ට්, ශ්‍රීමත් පීටර් බ්ලේක්, බඩී මෙල්ගෙස්, වැලෙන්ටිං මැන්කින් සහ ටොර්බෙන් ග්‍රායෙල් ද විශිෂ්ටතමයන් අතරට තෝරා ගත්හ.

About SirilakaNews

Check Also

ASFDHC

ජගත් ක්‍රිකට් කිරුළ අභියස ශ්‍රී ලංකාවට අසාධාරණයක්! An injustice to Sri Lanka in the wake of the World Cup

ජගත් ක්‍රිකට් කුසලානය ඇතුළු තමන් මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *