Breaking News
Home / ක්‍රීඩා / බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියතුල ආරවුල්!

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියතුල ආරවුල්!

 cba426729d6aa61a4e3b6dc165a8bb08

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව පෙරේදා සිල්හෙට් සුපර් ස්ටාර් කණ්ඩායම සහ චිතගොන් වයිකින්ස් කණ්ඩායම අතර පැවැති තරගය ආරම්භ කිරීමට පෙර සිල්හෙට් කණ්ඩායමට එක්ව සිටින එංගලන්ත ක්‍රීඩකයන් දෙපළක් වන රවි බොපාරා සහ ජෝශ් කොබ් යන ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමට එක්කර ගැනීම පිළිබඳව චිතගොන් කණ්ඩායම විරෝධය දැක්වීම හේතුවෙන් තරගය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී ආරම්භ කොට ඇත.

විදෙස් ක්‍රීඩකයන් මෙවැනි තරගාවලියකට සහභාගිවීමේදී සෑම ක්‍රීඩකයකුටම අදාළ තරගාවලියට සහභාවීම සඳහා තම රටේ ක්‍රිකට් ආයතනයේ විරෝධයක් නොමැති බවට ලබාදෙන සහතිකය (එන්.ඕ.සී.) තිබිය යුතු වන නමුත් බොපාරා සහ කොබ් යන ක්‍රීඩකයන් දෙදෙනාට අදාළ සහතිකය (එන්.ඕ.සී.) ලබාගැනීමට ප්‍රමාද වීම හේතුවෙන් සිල්හෙට් කණ්ඩායම සහාභාගිවූ ප්‍රථම තරගය වූ පෙරේදා තරගයේදී ක්‍රීඩා නොකර සිටීමට සිදුවූයේ ප්‍රතිවාදීන්ගේ ප්‍රතිවිරෝධය හේතුවෙනි.
අදාළ සහතිකය නොලැබීම හේතුවෙන් තරගයේ කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ සිල්හෙට් කණ්ඩායමට බොපාරා සහ කොබ් දෙදෙනා ඇතුළත් කර නොතිබූ අතර කාසිය වාසිය උරගා බලා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි චිතගොන් කණ්ඩායමේ තිලකරත්න ඩිල්ෂාන් සහ නායක තමීම් ඉක්බාල් පිටියට පිවිසෙද්දී බොපාරා සහ කොබ් යන ක්‍රීඩකයන් දෙදෙනාද පන්දු රැකීම සඳහා පිටියට පිවිස සිටිනු දක්නට ලැබ තිබේ.

එම අවස්ථාවේදී ආපසු හැරී ක්‍රීඩාගාරය වෙත ගමන් කළ චිතගොන් නායකයා සහ තිලකරත්න ඩිල්ෂාන් කාසිය වාසිය උරගා බැලීමට පෙර තමන් වෙත ලබාදුන් කණ්ඩායමේ නොසිටි බොපාරා සහ කොබ් පන්දු රැකීමට පිටියට පිවිසීම පිළිබඳව තම විරෝධය පළකර තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් පසුව ක්‍රීඩාපිටිය තුළ යම් උණුසුම් වචන හුවමරුවක් ඇති වූ බවද වාර්තා වන අතර මේ හේතුවෙන් එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනා කණ්ඩායමෙන් ඉවත් කර තරගය තරගය ආරම්භ කරන විට පැයක පමණ කාලයක් ප්‍රමාදවී තිබිණි.

කෙසේ වෙතත් වාර්තා වන අන්දමට තරගයේ කාසිය වාසිය උරගා බැලීමෙන් මොහොතකට පසුව අදාළ එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනාට අවශ්‍ය එන්.ඕ.ස. ලැබී ඇති අතර ඔවුන් එම තරගය ක්‍රීඩා කරවීමට තරගාවලියේ තාක්ෂණික කමිටුව එකඟවීම හේතුවෙන් ඔවුන් තරගයට කැඳවා තිබේ. නමුත් චිතගොන් නායකයාගේ විරෝධය හේතුවෙන් ඔවුන් ඉවත් කර තරගය ආරම්භ කිරීමට සිදුවිය.
බී.පී.එල්. තරගාවලිය ආරම්භවීමට ප්‍රථම ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 17ක් ඇරයුම් ලැබූවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ යුතු එන්.ඕ.සී. අනුමැතිය ලබාදී තිබුණේ ක්‍රීඩකයන් 6 දෙනකුට පමණි.

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *