Home / ඉතිහාසය සහ සංස්කෘතික / දඹුලුත් ගිහින් තලගොයින් මරන් ඒම?

දඹුලුත් ගිහින් තලගොයින් මරන් ඒම?

සාක්ෂරතාව ඇති සමාජයක් වුවද ජනශ්‍රැතිය imagesකිසි විටෙකත් ලේඛනගත විය යුතු නැතැයි විලියම් ආර්. චාස්කොම් (William – R. Chaskom) නමැති මානව විද්‍යාඥයා පවසා ඇත.

මා හට ඔහු සිහිපත් වුණේ “දඹුලුත් ගිහින් තලගොයින් මරන් එනවා…” යන කියමන ගැන ලියන්න මුල පුරනවාත් සමඟමය. සත්තකින්ම මෙම ජනවහර නිර්මාණය වූ ආකාරය පැහැදිලිවම දන්නා කෙනෙක් නැත. ඒ නිසාම මේ ගැන විවිධ මතිමතාන්තර තිබේ.

විලියම් ආර්. චාස්කොම් මානව විද්‍යාඥයා මොනවා කීවත් දඹුලුත් ගිහින් තලගොයින් මරන් එනවා යන කතාව ලේඛනගතවී තිබුණානම් මීට අදාළව විවිධ මතිමතාන්තර ගොඩනැ‍ඟෙන්නේ නැත.

දඹුලුත් ගිහින් තලගොයින් මරාගෙන එන සරල කතාවක් මේ කියමනේ බැලු බැල්මට පෙනෙන්නට තිබේ. එහෙත් එම කතාව සමඟ කිසිසේත්ම එකඟ විය නොහැකි යැයි බොහෝ දෙනා තර්ක කරති. දඹුලුත් වැඳගෙන එම ප්‍රදේශයේ තල වැපිරීමේ යෙදී සිටින ගොවීන් ද බලාගෙන එන්න යන අදහසක් මෙම කියමනේ ගැබ්ව ඇතැයි සමහරු පවසති.

දඹුලු වන්දනාවේ යෑම අවුරුද්දේ හැමදාම කෙරුණකි. තල වැපිරීමට නියමිත කාලයක් තිබේ. මේ නිසා දඹුලු වන්දනාවේ යෑමත්, තල වැපිරීමත් අතර කිසිදු සම්බන්ධයක් නැතැයි තවත් සමහරු තර්ක කරති.

එහෙත් හේතු සාධක සහිත, බොහෝ දුරට පිළිගත හැකි කතාවක් මෙම ජනවහර සම්බන්ධයෙන් අසන්නට ලැබිණි.

අනුරාධපුර රාජධානිය පැවැති සමයේ දඹුල්ල ප්‍රදේශය අද මෙන්ම තල වගාවට ප්‍රසිද්ධය. කෙසේ වෙතත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තල වගා කිරීමට ගොවියෝ බැඳී සිටියහ. ඒ රාජ අණ නිසාය. තමන්ට අවශ්‍ය දෙයක් වගා කරගන්නට ඉඩ නොදී තලම වපුරන ලෙසට පුරුද්දක් වශයෙන් රජු කළ නියෝගය ගොවීන්ට ලොකු කරච්චලයක් හා හිසරදයක් විය.

රජ්ජුරුවන්ට ඕනෑ දේ හැමදාමත් එහෙම කරන්ඩ පුළුවන් ද? යන මතය නාඋලට ආසන්න ගමක විප්ලවකාරී පිරිසක් අතර ගොඩනැඟුණේ ටිකෙන් ටිකය.

එම විප්ලවකාරී ගොවියෝ බීජ තල වපුරන්නට පෙර ගිනි කබලක් දමා හොඳට කරවෙනතුරු බැද්දෝය. එම බීජ එක ඇටයක් පැළ නොවුණත් අනෙක් ගොවියන්ගේ තල වගාව අතිශයින් සාර්ථක විය. මේ ගැන රජ්ජුරුවන්ට හොඳටම කේන්තිය. තල පැළ නොවූ හේතුව පරීක්ෂා කරන්නැයි එතුමා ඇමැතිවරුන්ට නියෝග කළේය. තල පැළ නොවුණු හේතුව ඇමැතිවරු රජතුමාට දන්වා සිටියහ.

වහාම දඹුලු ගිහින් තල ගොවියන් අල්ලාගෙන එන්නයැයි රජතුමා නියෝග කළේය. එම නියෝගය අද දඹුලුත් ගිහින් තලගොයිත් මරන් එනවා යන ලෙසින් වෙනස් වී ඇතැයි ගැමියෝ පවසති.

රජ අණට පිටුපෑ විප්ලවකාරීන් විසූ ගමට දඹුල්ලේ සිට සැතපුම් දහසක් පමණ දුරය. එම ගම් ප්‍රදේශයේ තලපිටිය නමින් වෙන්වූ බිම්කඩක් අදත් පවතී. උදහසට පත් රජතුමා එම ගම්මානය ගත්තරුන් ජීවත්වන ගමක් ලෙස ප්‍රකාශයට පත් කළේය. ගමේ නම ලියන එක හරි නැහැනේ නේද?

ලෙනදොර විහාර මළුවේ බ්‍රාහ්මණ බෝධිය

ලෙනදොරගම මැදින් සන්නාසියෙක් ගමනක් යමින් සිටියේය. පාත්‍රයක රෝපණය කළ පුංචි බෝ පැළයක් ද සන්නාසියා අත විය. ඔහු දැන් හොඳටම විඩාබරය. මඳක් විඩා හැර යා යුතු යැයි සිතූ සන්නාසියා ඒ සඳහා තෝරාගත්තේ ලෙනදොර විහාර මළුවය.

රැය පහන් කළේත් එම විහාර මළුවේය. පසු දා මුවකට දොවාගෙන යළි ගමන අරඹන්නට සූදානම් වී පාත්‍රය අතට ගන්නට සැරසුණේය. එහෙත් එය කළ නොහැකි විය. පාත්‍රය පසාරු කරගෙන බෝ පැළය මුල් ඇද තිබුණේය.

මේ පින් බිමෙන් මේ බෝ පැළය ගලවන්න හොඳ නැහැ යැයි සිතූ සන්නාසියා බෝ පැළය එතැනම පැළවෙන්නට ඉඩ දී යන්නට ගියේය.

මේ බෝධින් වහන්සේ අදත් හඳුන්වන්නේ බ්‍රාහ්මණ බෝධිය නමිනි. සැදැහැතියෝ බ්‍රාහ්මණ බෝධියට පුද පූජා පවත්වති. මළුවේ ඇති අනෙක් බෝධින් වහන්සේගේ බෝපත් හැලෙන කාලයට බ්‍රාහ්මණ බෝධිය දලුලයි. අනෙක් බෝධින් වහන්සේ දලු ලද්දී බ්‍රාහ්මණ බෝධියේ බෝපත් හැලෙයි.

බ්‍රාහ්මණ බෝධියට අරක්ගත් නා රජිඳකු ද සිටින බව ගැමියෝ පවසති.

ලෙනදොර ශ්‍රී මලියදේව පිරිවෙන් විහාරාධිපති අපවත් වී වදාළ අතිපූජ්‍ය වෑගම පඤ්ඤානන්ද හිමියෝ බ්‍රාහ්මණ බෝධිය සම්බන්ධයෙන් ගී පෙළෙක් රචනා කළහ.

ගැමියෝ ලී කෙළි සෙල්ලම් කරන්න එම ගී පෙළ යොදා ගත්හ.

ලෙනදොර කැන්දවලගෙදර හීන්බණ්ඩා මහතා එම ගී පෙළ අප ඉදිරියේ ගායනා කළේය. (ඔහුත්, ස්වාමීන් වහන්සේත් දැන් ජීවතුන් අතර නැත්තාහ

අන්තර්ජාලය ඈසුරෙනි.

About SirilakaNews

Check Also

151007145910_sylvain_margaine_a_512x288_sylvainmargaine

යුරෝපා ඉතිහාසයේ අතහෑර දෑමුණු තෑන්වල කාච සටහන්…….

ප්‍රංශ ජාතික ජායාරූප ශිල්පියෙක් වන සිල්වියන් මාර්ගේන් විසින් 1998 සිට මේ දක්වා ගන්නා ලද ජායාරූප ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *