Breaking News
Home / ක්‍රීඩා / ජගත් ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ක්‍රිකට් හිමි රටවලට වාර්ෂිකව මිලියන 1.25ක් බැගින් වසර 8කට අරමුදල්

ජගත් ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ක්‍රිකට් හිමි රටවලට වාර්ෂිකව මිලියන 1.25ක් බැගින් වසර 8කට අරමුදල්

ශ්‍රී ලංකාව ඇතුළු ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ ටෙස්ට් තත්ත්වය හිමි රටවල් හතක ක්‍රිකට් මණ්ඩලවලට ලබන වසර් ජනවාරියේ සිට අමෙරිකානු ඩොලර් මිලියන 1.25ක මුදලක් බැගින් වාර්ෂිකව ලැබෙනු ඇත.images (2)

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මේ මුදල ගෙවනු ලබන්නේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රිකට් ඔස්ට්‍රේලියා හා එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය පසුගිය වසරේදී ජගත් ක්‍රිකට් කවුන්සලයේ මහ බලවතුන් ලෙස පත්වීමේදී නිවේදනය කරනු ලැබූ ටෙස්ට් ක්‍රිකට් අරමුදලේ කොටසක් වශයෙනි.

මේ අනුව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය හැරුනු විට පූර්ණ ටෙස්ට් තත්ත්වය හිමි ඉතිරි ක්‍රිකට් මණ්ඩල හතට ඉදිරි අට වසර ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන දහයක් බැගින් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබා දෙනු ඇත. අමෙරිකානු ඩොලර් 600,000ක පළමු ටෙස්ට් ක්‍රිකට් අරමුදලේ ගෙවීම් ජනවාරි මස මුලදී සිදු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය සැලසුම් කර තිබේ. ඉන්පසුව, ජූලි මාසයේදී තවත් ඩොලර් 650,000ක මුදලක් පූර්ණ ටෙස්ට් තත්ත්වය හිමි සාමාජික ක්‍රිකට් මණ්ඩලවලට ගෙවනු ඇත. brian-lara-international-cricket-18අර්ධවාර්ෂික මේ රටාවට අනුව වසර 2023 තෙක් ගෙවීම් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහ බලවතුන් තිදෙනාට පිටින් සිටින පූර්ණ ටෙස්ට් තත්ත්වය හිමි රටවල ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව උනන්දු කරවීම හා ඊට සහාය දැක්වීම මේ ටෙස්ට් ක්‍රිකට් අරමුදලේ ඉලක්කය බව ජගත් ක්‍රිකට් කවුන්සලය මුලින්ම නිවේදනය කළේය. එහෙත් ක්‍රිකට් මණ්ඩල, 2023 වසර දක්වා දෙරටක් අතර ක්‍රිකට් සංචාර සඳහා ගිවිසුම්වලට දැනටමත් එළැඹ සිටින බැවින් ටෙස්ට් ක්‍රිකට් අරමුදලේ දීමනා උපයෝගී කරගෙන සිය ටෙස්ට් තරග වැඩසටහන් වැඩිකර ගැනීමට ලැබී තිබෙන්නේ සීමිත අවකාශයක් බව පෙනෙන්නට තිබේ.

අනෙක් අතින්, මේ මුදල් වඩත්ම යොදා ගනු ඇත්තේ පාඩු ලබන තරග සංචාර ප්‍රතිරක්ෂණය කිරීමට බව පෙනී යයි. උදාහරණයක් වශයෙන්, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා එංගලන්තය යන මහ බලවතුන් සහ පාකිස්තානය හැරෙන්නට අනෙක් සියළුම රටවල් සමග කෙරෙන ටෙස්ට් සංචාරවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදලින් පාඩු සිදුවේ. මෑතකදී දිවයිනට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වැනි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගාවලියන්හි සිදුවන පාඩුව පියවා ගැනීමට ටෙස්ට් ක්‍රිකට් අරමුදල උපකාරී වනු ඇත. කොදෙව් සංචාරය සඳහා ඩොලර් 648,000ක පමණ මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වියදම් වී ඇති බවට ගණන් බලා තිබේ.

පසුගිය වසරේ ජනවාරි හා පෙබරවාරියේදී ජගත් ක්‍රිකට් කවුන්සලයේ බලය අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව විසින් අනෙකුත් ක්‍රිකට් මණ්ඩලවල සහාය ලබා ගැනීමේ උත්සාහයේදී කුඩා රටවල ක්‍රිකට් මණ්ඩලවලට ඉදිරිපත් කෙරුණු දිරදීමනා අතර ප්‍රධානතම එකක් වූයේ මේ ටෙස්ට් ක්‍රිකට් අරමුදලයි.

කෙසේ වෙතත්, මේ මුදල් පාවිච්චි කරන ආකාරය පිළිබඳව හෝ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව උනන්දු කරවීමේ අරමුණ වෙනුවෙන් ඒ ඒ ක්‍රිකට් මණ්ඩල වගකිව යුතු ආකාරය පිළිබඳව හෝ ජගත් ක්‍රිකට් කවුන්සලය මෙතෙක් නිවේදනය කර නැත

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *