Breaking News
Home / ක්‍රීඩා / ක්‍රිඩා සංශෝධිත කරුණු පනතක් ලෙස ගැසට් නොකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පවසයි.

ක්‍රිඩා සංශෝධිත කරුණු පනතක් ලෙස ගැසට් නොකරන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර පවසයි.

 Untitled-2

ක්‍රීඩා පනතේ සංශෝධනය විය යුතු නීති රෙගුලාසි  කෙටුම්පත් කර අවසන් කරන බවත්, සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය ලැබුණු පසු  එම රෙගුලාසි ගැසට් කරන බවත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා පවසයි.

නීති කෙටුම්පත් සම්පාදකයන් විසින් සංශෝධනය කරගෙන යනු ලබන ක්‍රීඩා පනත පිළිබඳව විමසීමකදී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම අදහස් දක්වා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම අනාවරණය කර සිටියේ, කෙටුම්පත් කරනු ලබන නව සංශෝධන ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ජාතික ක්‍රීඩා සංගම්වලට යොමුකර ඔවුන්ගේ නිර්දේශ අනුව ගැසට් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

“ක්‍රීඩා පනතේ සංශෝධනය විය යුතු නීති රෙගුලාසි සංශෝධිත කමිටුවක් මගින් මේ වනවිට සාකච්ඡා කරමින් පවතිනවා. එම සාකච්ඡා අවසන් අදියරේ තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා  එහි අවසන් කෙටුම්පත ජාතික ඔලිම්පික් කමිටුව, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ජාතික ක්‍රීඩා සංගම්වලට යොමුකරන්න. ඔවුන්ගේ ප්‍රතිචාර අනුව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා” යැයි ඔහු පැවැසීය.

මෙහිදී රුවන්චන්ද්‍ර මහතා අනාවරණය කර සිටියේ, සංශෝධිත කරුණු පනතක් ලෙස ගැසට් නොකරන බවත්, එය හුදෙක් නීති රෙගුලාසි ලෙස ගැසට් කරන බවත්ය. කෙසේ නමුත් ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදකගේ හා නීතිපතිගේ අනුමැතිය ලබාගත යුතු බවද ඔහු පවසා සිටියේය.

“නව සංශෝධන පනතක් ලෙස නෙමෙයි, රෙගුලාසි ලෙසයි ගැසට් කරන්නේ. කෙසේ නමුත් ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදකගේ හා නීතිපතිගේ අනුමැතිය ලබාගත යුතුයි. එය අපට ඉතා ඉක්මනින් ලබාගැනීමට හැකිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉන්පසු දෙසැම්බර් 31 වැනිදාට පෙර නව රෙගුලාසි ගැසට් පත්‍රයේ පළකරනවා” යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ක්‍රීඩා සංගම්හි ප්‍රධාන නිලතලවල සිවුවසරේ නීතිය වසර අටක් දක්වා දීර්ඝ කිරීම පසුගිය කාලයේ යම් කථාබහක් ඇතිකළ අතර, එම නීතියේ අවසන් තීරණය පිළිබඳව කරුණු දැක්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, “සිවුවසරේ නීතිය වසර අටක් දක්වා දීර්ඝ කිරීම ගැන අපි (කමිටුව) සාකච්ඡා කර තිබෙනවා. ප්‍රධාන නිලතලවල වාර දෙකක් (වසර 08) අදාළ තනතුරේ රැඳී සිටිය හැකියි කියලා අපි පිළිඅරගෙන තියෙන්නේ. ඒ අනුව අයෙකුට නොකඩවා දෙවරක් අදාළ තනතුරේ කටයුතු කළ හැකියි. කෙසේ නමුත් එම නතතුරේ දෙවරක් කටයුතු කර නැවත තරග කරනවා නම් ඔහු එක් වාරයක් අතහැරලා නැවත ඉදිරිපත් විය යුතුයි” යැයි පැවසීය.

 

About SirilakaNews

Check Also

ASFDHC

ජගත් ක්‍රිකට් කිරුළ අභියස ශ්‍රී ලංකාවට අසාධාරණයක්! An injustice to Sri Lanka in the wake of the World Cup

ජගත් ක්‍රිකට් කුසලානය ඇතුළු තමන් මෙහෙයවන සියලු ක්‍රිකට් ශූරතාවලි සඳහා තණතීරු භාරකරුවන් සමඟ ක්‍රියාකිරීමට ස්වාධීන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *