Home / සෞඛ්‍ය / හෘදයාබාධ තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක්

හෘදයාබාධ තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක්

හෘදයේ හට ගන්නා වේදනාව ඇතිවcolesterol-alimentosන්නේ හෘදයාබාධයක් හෙත්වෙන්ද යන්න තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක් පර්යේෂකයන් විසි150802050716_blood_test_london_2012_640x360_gettyන් සොයා ගෙන තිබේ.

හෘදයේ වේදනාවක් හට ගත් විට රෝහල් කරා ඇදී යන වැඩි පිරිසකට එමගින් පහසුවෙන් තම රෝගී තත්වය නිශ්චය කර ගැනීමට හැකි වෙයි.

මෙම නව පරීක්ෂණය සොයා ගෙන ඇත්තේ ස්කොට්ලන්ත සහ ඇමරිකා එක්සත් ජනපද පර්යේෂකයන් විසින්.

නව ක්‍රමය සොයා ගෙන ඇත්තේ දැනට භාවිතයේ පවතින ලේ පරීක්ෂණයක් ඉතා සියුම් ලෙස වැඩි දියුණු කිරීමෙන්.

හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාවේ දී ලේ වල ඉහල මට්ටමකින් පවතින ට්‍රොපොනින්(troponin) නමැති ප්‍රෝටීන අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණය මගින් හැකියාව ලැබේ.

මෙය ඉතා සියුම් පරීක්ෂණයක් වන අතර අඩු අවදානමක් පවතින රෝගීන් හඳුනා ගෙන ඔවුන් ඉතා ඉක්මනින් රෝහල් වලින් නිදහස් කිරීමට හැකියාව ලැබෙන බවයි පර්යේෂකයන් පවසන්නේ.

ලාන්සට් (Lancet) වෛද්‍ය සඟරාවේ තම සොයා ගැනීම පිළිබඳව තොරතුරු අනාවරණය කරන විද්‍යාඥයන් සඳහන් කළේ නව පරීක්ෂණය මගින් අනවශ්‍ය ලෙස රොගීන් රෝහල් වලට ඇතුළත් කිරීම අඩු කළ හැකි බවත් සෞඛ්‍ය සේවා සපයන්නට සැලකිය යුතු ලෙස වියදම් කපා හැරීමටද හැකියාව ලැබෙන බවයි.

About SirilakaNews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *