Breaking News
Home / පුවත් / දේවාලගම් පනතට දේවාලකරුවෝ දොස් නගති.

දේවාලගම් පනතට දේවාලකරුවෝ දොස් නගති.

බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් විහාimages151018092727_devala_act_512x288_bbc_nocreditර දේවාලගම් පනත සංශෝධනයේ දී තමන්ගේ අදහස් ද විමසා එකි සංශෝධන ක්‍රියාත්මක කරන්නැ’යි ලංකාවේ රජ සමයේ පටන් පැවත එන දේවාලවල රාජකාරි කරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.

1931දි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඇති කරන ලද අංක 19 දරණ විහාර දේවාලගම් පනතින් පාරම්පරික රාජකාරි කරුවන් අමතක කර දමා ඇතැයි සමස්ත ලංකා ඓතිහාසික දේවාලවල පාරම්පරික නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අනුරාධ අදිකාරම් පවසයි.

එවැනි දේවාල තිස් දෙකක් ලංකාව පුරා පිහිටා ඇත.

කපු, මොහොට්ටාල, විදානෙ ලේකම්, කංකානම් වැනි තනතුරු මේ පාරම්පරික නිලධාරීන් බව සංගමයේ සභාපති ජයතිලක දේවගිරි පැහැදිලි කලේය.

විහාර දේවාලගම් පනත සෘජුවම තමන්ට බලපාන්නේ දේවාලවල පරිපාලනයන්, දෙවියන් ඇදහීමේ රාජකාරි කටයුතු ආදිය තමන් විසින් සිදු කරන නිසා බවයි සභාපතිවරයා පැවසුවේ.

මේ තත්වය හමුවේ තමන්ගෙන් විමසීමක් නොකර පනත සංශෝධනය නොකරන ඉල්ලීමක් කරන්න තීරණය කළ බවද ජයතිලක දේවගිරි සභාපතිවරයා සඳහන් කලේ ය.

තම අදහස් නොවිමසා කරන නව සංශෝධනයන් තුළ පාරම්පරිකව පැවත එන දේවාල නැත්තටම නැතිව අනුරාධපුර යුගයේ නටබුන් ලෙස අනාගත පරපුරට දකින්නට ඉඩ ඇති බවට සභාපතිවරයා බිය පළ කරයි.

ඒ නිසා මෙම විහාර දේවාලගම පනත සංශෝධනයේ විෂ්ණු නාථ ඇම්බැක්කේ ඇතුළු දේවාලවල ඇතුල් කට්ටලේ රාජකාරී කරුවන්ගේ අදහස් විමසීමකින් තොරව නොකරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

About SirilakaNews

Check Also

mbhgchcggj

හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ලබා දී තිබූ නිල නිවාස මෙතෙක් ලබා දී නෑ! 19 former ministers have not yet been given official quarters for their tenure

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කීප වරක් දැනුම් දුන්නද හිටපු අමාත්‍යවරු 19 දෙනකුට ඔවුන්ගේ ධුර කාලය සඳහා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *