Breaking News
Home / ක්‍රීඩා / ජගත් පාපන්දු සංගමයේ ඉහළ නිළයන් තහනමට.

ජගත් පාපන්දු සංගමයේ ඉහළ නිළයන් තහනමට.

ලෝක පාපන්දු සම්මේලනයේ ඉහලම තනතුරුUntitled-2 තුන දැරූ දැවැන්තයන්ගේ වැඩ තහනම් කර ඇත.

දින අනූවකට බල පැවැත්වෙන පරිදි මෙම තාවකාලික වැඩ තහනමට ලක්ව ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර්, උප සභාපති මයිකල් ප්ලටිනි සහ මහලේකම් ජෙරොම් වාල්ක් යන තිදෙනායි.

මෙම තිදෙනාට එරෙහිව ගොනු කර ඇති වංචා සහ දූෂණ චෝදනා තවමත් විභාග වෙමින් පවතී.තමන් කිසිදු වරදක් සිදු කර නැති බව පවසන මෙම තිදෙනා සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇත.

එමෙන්ම ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) හිටපු උප සභාපතිවරයාට ද වසර හයක තහනමක් පනවා තිබේ.

මෙම වැඩ තහනම පනවා ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයේ අචාර ධර්ම පිලිබඳ කමිටුව විසිනි.

FIFA සභාපති සෙප් බ්ලැටර් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට පසුගිය දා ප්‍රකාශයට පත් කර තිබුණි.

ඉන් අනතුරුව ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති තනතුරට වත්මන් උප සභාපතිවරයා සහ හිටපු උප සභාපතිවරයා තරඟ වදිනු ඇති බවට විශ්වාසයක් පවතී.

About SirilakaNews

Check Also

zjbvadsjlbvd

අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම.Sri Lanka Women’s Cricket Team led by Chamari Athapaththu

ප්‍රවේගකාරී පිතිකාරිනියක වන චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම නොවැම්බර් මස පළමු වන දින ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *