Breaking News
Home / ප්‍රධාන පුවත් / ගල් අගුරුවලිනුත් ගසා කයි!

ගල් අගුරුවලිනුත් ගසා කයි!

ලංකා විදුලිබල මණ්‌ඩලය සඳහා ගල්අඟුරු විවෘත වෙළෙඳපොළෙන් මිලදී නොගෙන විදේශීය සමාගමකින් මිලට ගැනීම නිසාUntitled-1

රටට රුපියල් මිලියන 2248 ක පමණ පාඩුවක්‌ සිදුවන බව විදුලි බල මණ්‌ඩලය අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

විදුලිබල මණ්‌ඩලයට අයත් නොරොච්චෝලේ බලාගාරය සඳහා ලබන වසරේ (2016) සැප්තැම්බර් මාසය තෙක්‌ අවශ්‍ය ගල් අඟුරු අදියර දෙකක්‌ යටතේ විදේශීය සමාගමකින් මිලට ගැනීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ද ඉදිරිපත් කොට තිබේ. ඇමැතිවරයා පවා නොමග යවමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සිදු කළ මෙම ගනුදෙනුව මගින් අදාළ පාඩුව සිදුවන බවද ඉහත ආරංචිමාර්ග පවසයි.

විවෘත වෙළෙඳපොළෙන් ගල් අඟුරු මෙටි්‍රක්‌ ටොන් එකක්‌ ඇමරිකානු ඩොලර් 51.29 බැගින් අවසන් වරට මිලදී ගෙන ඇති අතර ගල්අඟුරු මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබියදීත් ගල් අඟුරු මෙටි්‍රක්‌ ටොන් එකක්‌ ඩොලර් 51.96 ක්‌ ගෙවා මිලදී ගැනීමට සිදු වෙයි.

ඉදිරි වසර දක්‌වා අවශ්‍ය වන ගල්අඟුරු අදියර දෙකක්‌ යටතේ මිලදී ගැනෙන අතර පළමු අදියරින් ඉහත මිලට ගැනීමෙන් රුපියල් මිලියන 38 ක්‌ද දෙවැනි අදියර යටතේ ඩොලර් 58 බැගින් මිලට ගැනීමෙන් රුපියල් මිලියන 2210 ක්‌ද ලෙස මණ්‌ඩලයට පාඩු වන බව වාර්තාවේ.

මෙම ගනුදෙනුවේ විශාලතම වංචාව වන්නේ දෙවැනි අදියර යටතේ සිදු කරන මිලදී ගැනීමෙන් වන අතර එමගින් ගල්අඟුරු මෙටි්‍රක්‌ ටොන් එකකින් ඩොලර් 6.71 ක පාඩුවක්‌ සිදුවේ. එම අදියරින් මෙටි්‍රක්‌ ටොන් 230400 ක්‌ මිලට ගැනීමට නියමිතය.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *