Breaking News
Home / ප්‍රධාන පුවත් / කොළඹ වටරවුම ඉදිකිරිම් අඩුකරන්න රජය කල යෝජනාවට චීනය බෑ කියයි!

කොළඹ වටරවුම ඉදිකිරිම් අඩුකරන්න රජය කල යෝජනාවට චීනය බෑ කියයි!

පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.download9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව වාර්තා වෙයි.

මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි දිග අඩුකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි උස අඩුකිරීම යන යෝජනා මෙහිදී රජය ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත්, මෙම රජයේ යෝජනාවන්ට කොන්ත්‍රාත් සමාගම වන Metallurgical Corporation of China (MCC) සමාගම කැමැත්ත පළර නොමැති නිසා මෙහි ඉදිකිරීම් ප්‍රමාදවී ඇතැයි රජය සඳහන් කරයි. මේ අනුව, මෙම ආයෝජනයේ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ක්‍රමවේදයේ කිසිදු අඩුකිරීමකින් තොරව වැඩ විෂය පථයේ සිදුකළ හැකි වෙනස්කම් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිකිරීම් අධීක්ෂණ උපදේශකවරයා වෙතින් ලබාගෙන ඇතැයි රජය පවසයි.

මෙම කොටස ඉදිකිරීමේදී මෙම අධිවේගී මාර්ග කොටසේ කෙරවලපිටියේ අන්තර් හුවමාරු ස්ථානයක් ඉදිකෙරන බැවින් ඊට ආසන්න දුරකින් පෑලියගොඩ පුත්තලම මාර්ගයේ ඉදිකිරීමට යෝජිත අන්තර් හුවමාරු ස්ථානය ඉවත් කිරීම සහ මෙම කොටසද මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම මෙම වෙනස්කම් වේ.

මෙම වෙනස්කම් වලින් පසුව මෙම කොටසේ කොන්ත්‍රාත් වටිනාකම වන රුපියල් බිලියන 66.69 කokj-620x360 මුදලින් සියයට 14.84 ක් හෙවත් රුපියල් බිලියන 9.9 ක මුදලක් ඉතිරිකර ව්‍යාපෘතිය සිදුකිරීමට රජය අදාල කොන්ත්‍රත් සමගම සමග එකගත්වයක් අපේක්ෂා කල මුත් මින් පෙර රජය එකි සමාගම සමග ගිවිසගත් ගිවිසූම වෙනස් කිරිම අපහසු තත්වයේ පවතින බව ඔවුන් රජයට දන්වා ඈති බව වාර්තා විය.

ඉදිවෙමින් පවතින කොළඹ වටරවුම පාර

 

 

 

 

 

About SirilakaNews

Check Also

images

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුවලබා ඇතිබව අපරාධ පරික්ෂණවලින් හෙළිවේ. Criminal investigations reveal that a group of suicide bombers have been trained.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නැමති අන්තවාදියා ප්‍රහාර එල්ල කිරීම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *