Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ග්‍රිසියේ අගමෑතිවරයා සිය ධුරයෙන් ඉවත්වී හදිසි පාර්ලිමේන්තු මෑතිවරණයක් කෑදවයි.

ග්‍රිසියේ අගමෑතිවරයා සිය ධුරයෙන් ඉවත්වී හදිසි පාර්ලිමේන්තු මෑතිවරණයක් කෑදවයි.

ග්‍රීක අග්‍රාමාත්‍ය ඇලෙක්සීස් සිප්රාස් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින්  හදිසි මැතිවරණයක් ද කැඳවනු ලැබූ බව  බී.බී.‍සී. ලෝක ‍සේවය පවසයි. මැතිවරණය සැප්තැම්බර් 20 වැනි දින හදිසි මහ මැතිවරණය පැවැත්වෙනුgreece-prime-minister ඇතැයි ද සදහන්.

උග්‍ර ණය අර්බුදයකට මුහුණ පා සිටින ග්‍රීසිය තුන්වන වරටත් යුරෝපා ණය දෙන ආයතනවලින් ණය ලබා ගත් අතර එම තත්ත්වය මත නව මැතිවරණයකට යෑම තම වගකීමක් බව ග්‍රීක අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.

 මහ මැතිවරණයේදී ඇලෙක්සීස් සිප්රාස් වාමාංශික සිරීසා පක්ෂයට නායකත්වය දෙනු ලැබූව ද යුරෝපයෙන් ණය ලබා ගැනීම සඳහා ඔහු හඳුන්වා දුන් වියදම් කප්පාදු කිරීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහුගේ පක්ෂයේ ම සාමාජිකයින්ගෙන් ම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැඩි විරෝධය පළ වී තිබේ.

About SirilakaNews

Check Also

Untitled-1

ලෝකයේ විශාලතම නීති විරෝධී මත් ද්‍රව්‍ය අන්තර්ජාල වෙළෙඳපොළ අත් අඩංගුවට! World’s largest online illegal drug market arrested!

අන්තර්ජාලයේ ප්‍රධාන සෙවුම් යාන්ත්‍රණවලට හසු නොවන පරිදි හොර රහසේ පවත්වාගෙන ගිය ලෝකයේ  විශාලතම නීති විරෝධී ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *