Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන 

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන 

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සඳහා වූ තරුණ නායකත්ව වැඩසටහනෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පසුගියදා බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබා ගත්හ.

ලන්ඩනයේදී එලෙස සම්මාන දිනා ගත්තේ කාවින්ද්‍යා තෙන්නකෝන් සහ තේජිත සෞභාග්‍ය එදිරිසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය.
සමාජ අරමුණක් සහිත ව්‍යාපෘතියක් දැරණියගල සහ ඒ අවට ගම්මාන 5 අඩු ආදායම් පවුල් ඉලක්ක කොට දියත් කර ඇති බව කාවින්ද්‍යා පෙන්වා දී තිබේ.

තමන් වෙසෙන ජන කොට්ඨාසවල ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කළ මෙහෙය හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ තරුණියන් 60 දෙනකු මෙසේ සම්මාන ලැබීමට සුදුසුකම් ලබා ගත්හ.

සිය බ්‍රිතාන්‍ය සංචාරයේදී ඔවුහු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද මුණ ගැසී තිබේ.

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *