Breaking News
Home / ප්‍රධාන පුවත් / ශ්‍රී ලංකාවට එන මත් ද්‍රව්‍ය මඩින්න ඉන්දියාවෙන් වෙනම පොලිස් ඒකකයක්!

ශ්‍රී ලංකාවට එන මත් ද්‍රව්‍ය මඩින්න ඉන්දියාවෙන් වෙනම පොලිස් ඒකකයක්!

cocaine-main

ජාත්‍යනතර මත් ද්‍රව්‍ය අපරාධකරුවන් විසින් ශ්‍රී ලංකාව ආසියාවේ මත් ද්‍රව්‍ය කෙන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් ඉන්දියාවේ සහ පකිස්ථානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ
මෙරටට තොග ගනන් මත් ද්‍රව්‍ය ප්‍රවහානය කෙරෙන බව ඉන්දියාව සහ ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලෑබු ඒකාබද්ධ විමර්ශණයකින් අනතුරුව හෙළිවී තිබේ.

දෙරටේ රජයන් විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් එකි ව්‍යසනය වලක්වා ගෑනිම සදහා කල සාකච්ජාවල ප්‍රතිපලයක් ලෙස තමිල්නාඩු පොලිසිය ඒකාබද්ධ ඉන්දිය නාවික හමුදාcrව විසින් විශේෂ මත් ද්‍රව්‍ය නාශක ආරක්ෂක අංශයක් පිහිටුවා ඈති බව ඉන්දියා ටුඩේ පුවත්පත වාර්තා කරයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පොක් සමුද්‍ර මුහුදු කලාපය මුළුමනින්ම ආවරණය වන පරිදි විමර්ශණ කටයුතු කෙරෙන මෙම විශේෂ ඒකකය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාවද සහය ලබා දෙන බව එහි දී වෑඩි දුරටත් සදහන් වෙයි.

තමිල්නාඩු පොලිසිය විසින් පකිස්ථානයේ සහ අෆ්ගනිස්ථානයේ සිට භුමියෙන් කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වල්ක්වාලීම සදහා විශේෂ විමර්ශණයක සිදු කරණ බවද එම පුවත්පත සදහන් කරයි.

මීට අමතරව මත්ද්‍රව්‍ය මර්ධන වෑඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා පොලිසියේ (Narcotics  Bureau) මත්ද්‍රව්‍ය නාශක  නිළධාරින් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිළධාරීන් අතරින් තොරාගත් පිරිසකට විශේෂ පුහුණුවක් ලබාදිමටද ඉන්දිය මධ්‍යම පොලිසිය පියවරගෙන ඈතෑයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කරයි.

542099945ed7e

About SirilakaNews

Check Also

images

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණුවලබා ඇතිබව අපරාධ පරික්ෂණවලින් හෙළිවේ. Criminal investigations reveal that a group of suicide bombers have been trained.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නැමති අන්තවාදියා ප්‍රහාර එල්ල කිරීම ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *