Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / චීන සන්නද්ධ හමුදා නිරන්තර යුද අභ්‍යාසවල.

චීන සන්නද්ධ හමුදා නිරන්තර යුද අභ්‍යාසවල.

දකුණු චීන මුහුදේ දෙවන දුපත්xin_47208041210479842655543පෙ ළට තම දේශසීමාවේ සිට ප්‍රහාර එල්ල කළහැකි දිගුදුර උපාය මාර්ගික බෝම්බයක් සංවර්ධනය කිරිමේ අවශ්‍යතාව එරට ආරක්ෂක විශේෂඥයන් විසින් ආරක්ෂක බලධාරීන්ගේ රැස්විමකදි පෙන්වා දී ඇතැයි රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.පසුගිය අවුරුදු කිහිපය තුළ චීන රජය විසින් ස්වකීය හමුදා ශක්තිය වැඩිදියුණු කරමින් සිටී.

මේ අනුව නාවික හමුදාව විශාල වශයෙන් ව්‍යාප්ත කර ඇති අතර ගුවන් යානා ඇතුළු යුද ආම්පන්න රැගෙන ගිය හැකි ගුවන් යානයක් ද නිපදවා ඇත.මේ අතර සම්මෙරීන් සංඛ්‍යාව මෙන්ම සාමාන්‍ය නෞකා සංඛ්‍යාව වැඩි කිරිමට ද පියවර ගෙන තිබේ.මෑතදී පවත්වන ලද ආරක්ෂක බලධාරීන්ගේ රැස්වීමේදි උපාය මාර්ගික බළකාය වශයෙන් නම්කර ඇත්තේ ගුවන් හමුදාවයි.

යෝජිත උපායමාර්ගික දිගු දුර ගුවන් බෝම්බය නිපදවීමෙන් අනතුරුව පැසිෆික් සාගරයේ ඈත එපිට ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරිමේ හැකියාව ලැබේ.දකුණු චීන මුහුදේ දෙවන දුපත්පෙළ වශයෙන් සලකනු ලබන්නේ මරියනාස් ,කැරොලින්ස්,ඇන්ඩර්සන් ගුවන් කඳවුර පිහිටා ඇති අෙමමරිකාව සතු ගුවාම් ප්‍රදේශයද ඇතුළත් දුපත් පෙළයි.

party3නැෙඟනහිර සහ දකුණු චීන මුහුදේ දුපත්වල අයිතිය chinese-armyසම්බන්ධයෙන් ජපානය, පිලිපීනය ඇතුළු ආසියාතික අසල්වැසි රටවල් සහ චීනය අතර විටින් විට අර්බුදකාරි තත්ත්වයක් ඉස්මතු වී තිබේ.

චීනයේ නව ආරක්ෂක උපායමාර්ගික ක්‍රියාපටිපාටිය දකුණු චීන මුහුදු කලාපයේ දැනට සිටින බලවතා වන ඇමෙරිකාවේ කනස්සල්ලට හේතුවි ඇතැයි වාර්තා වේ.

චීනය අපේක්ෂා කරන ආකාරයේ දිගු දුර බෝම්බයක් නිෂ්පාදනය කිරීම තාක්ෂණික වශයෙන් අසිරු කාර්යයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

About SirilakaNews

Check Also

Untitled-1

ලොව වියදම් වැඩිම නගර ප්‍රංශයේ පැරිස්‌ නගරය, හොංකොං සහ සිංගප්පූරුවයි! The world most expensive cities are Paris, France, Hong Kong and Singapore.

ලොව වියදම් වැඩිම නගර ලෙස ප්‍රංශයේ පැරිස්‌ නගරයත්, හොංකොං සහ සිංගප්පූරුවත් සමීක්‍ෂණය මගින් තෝරාගෙන තිබේ. ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *