Breaking News
Home / කලා / ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල එච්.ආර් ජොතිපාලගේ බාල දියණිය සිය පියා ගෑන කරන අවර්ජනය.

ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල එච්.ආර් ජොතිපාලගේ බාල දියණිය සිය පියා ගෑන කරන අවර්ජනය.

මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී..
සිත මගේ පිදු හැටී
සිහිවේ නොනැවතී….

මේ ගී ඔහු ගැයුවේ කාටවත් නොවේ. ජීවත්ව සිටි කාලයේ අවුරුදු තිස්‌තුනක්‌ පුරා ඔහු ගී ගැයුවේ අපටය. වයස අවුරුදු පනස්‌ දෙකේදී සදහටම දෙනෙත් පියාගත් ඔහු ඉන් පසුවද අද දක්‌වා අවුරුදු විසි අටක්‌ ගීjots4 ගැයුවේ, හෙටH-R-Jothipala දිනයෙ ගී ගයන්නේ අප උදෙසාය.

දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නාසේ මට ළං වෙලා
සුපුරුදු සුවඳයි ඔබ ළ`ග රැ`දුනේ
කවුරුන්දෝ මේ රූපිකා

අපේ සිනමාවට ඔහු නැතිවම බැරිවිය. ගුවන් විදුලියට, ප්‍රසංග වේදිකාවට ඔහු නැතිවම බැරි විය. අදද එසේමය. ප්‍රසංග වේදිකාවේ ඔහුගේ ගී අනුන් ගයන්නේද  චිත්‍රපටවලට ඔහුගේ පැරණී ගී එක්‌ කරන්නේද ඒ නිසාය. මිය ගොස්‌ වසර විසි අටක්‌ ගිය පසුවත් ඔහු සිහි කරන්නේ ඒ නිසාය.

හෙට්‌ටියාරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල. එහෙමත් නැතිනම් හදවත රත්තරන් වූ ජෝතිපාල අප කවුරුත් දන්නා එච්. ආර්. ජෝතිපාල අපෙන් වියෝවී පසුගිය හත්වැනිදාට පුරා වසර විසිඅටකි.

එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගුණ සිහිකරමින් ඔහු අනුස්‌මරණය කරමින් පෙර වසරවලදී මෙන්ම මෙවරද සමරු ප්‍රසංග පැවැත්වේ. එච්. ආර්. ජෝතිපාල පදනම විසින් මරදාන ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පවත්වන “අමරණීය ජෝති” ගී ප්‍රසංගය මේ සියලු ප්‍රසංග අතරින් විශේෂිතය.

චූටි දොණි තරහා වෙලා
පුංචි දැසේ කඳුළු සලා
රනින් මාල ගේනවා කියා
අම්මා දුව රවටලා
චූටි දොණි තරහා වෙලා

“අමරණීය ජෝති” ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ එය ජෝතිපාලගේ ආදරණීය චූටි දොණි විසින් සංවිධානය කරන නිසාය. ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල එච්. ආර්. ජෝතිපාල පදනමේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය. ආදරණීය පියා ගැන පවුලේ බාලම දියණිය හඬ අවදි කළාය.

ඔබේ පියාට අදත් අපේ රටේ තිබෙන පිළිගැනීම ගැන ඔබ සතුටු වෙනවද?

ඇත්තටම ජීවත්ව සිටි ජෝතිපාලට වඩා මියගිය ජෝතිපාල වඩාත් බලවත්. අවුරුදු විසිඅටකට පෙර ජීවත්ව සිටිද්දී මගේ තාත්තාව අගය නොකළ ආචාර්ය මහාචාර්යවරුද, විද්වතුන්, ප්‍රභූවරු අද එල්විස්‌ ප්‍රෙස්‌ලිට සමාන කරමින් තාත්තාගේ දස්‌කම් අගය කරනවා. ඉස්‌සර නම් තාත්තාට හොඳටම බැන්නා. තාත්තා ඕනෑවට වඩා කෑ ගැහුවේ නෑ. ක්‍රියාවෙන් එයාගේ දස්‌කම් ඔප්පු කළා, එයා තමයි ලංකාවේ අදටත් ඉන්න නියම ජනප්‍රිය සුපර් ස්‌ටාර් කියලා. එහෙම නැත්නම් මියගිහින් අවුරුදු විසිඅටකට පසුවත් සැමරුම් උත්සව පවත්වාවිද.

තාත්තා ගැන ඔබ කතා කරන්නේ හරිම ආඩම්බරයෙන්…?

නැතුව මගේ තාත්තා හොඳ ගතිගුණ තියෙන, මානුෂීය හදවතක්‌ තිබුණ කෙනෙක්‌. විශ්වාස කරයිද දන්නේ නෑ එච්. ආර්. ජෝතිපාල පදනමේ ඉන්නවා වයස අවුරුදු පහළොවක ළමයෙක්‌ සාමාජිකත්වය අරගෙන. ඒ කියන්නේ තාත්තා නැතිවෙලාත් අවුරුදු ගණනාවකට පස්‌සේ ඉපදුණු දරුවෙක්‌. අපේ තාත්තාගේ ගතිගුණ දෙමව්පියන්ගෙන් අහලා තමයි මේ දරුවා සාමාජිකත්වය ගන්න කැමැති වෙලා තියෙන්නේ. අපේ තාත්තා වගේ හොඳ මිනිස්‌සු යහපත් ලෙස ජීවත්ව ඉඳලා මිය ගියත් හිතෙන්නේ නෑ ඔහු වියෝවෙලා කියලා. තාත්තා නැති අඩුව පුරවන්න කිසිම කෙනෙක්‌ මෙතෙක්‌ එතැනට ආවේ නෑ. තාත්තා නැති අඩුව දැනෙන්නේ ඒ නිසායි.

ඔබ පවුලේ බාලයා. අනෙක්‌ අය?

ලොකු අක්‌කා වරුණි විලෝමිණී ජෝතිපාල. දෙවැනි අක්‌කා අයෝනිහිකා රෙජිනා ජෝතිපාල. තුන්වැනියා ශාමලා එස්‌තර් ජෝතිපාල. මම ක්‍රිෂ්ණි නර්මදා ජෝතිපාල. අම්මා බ්ලොසම් වින්ටර්. කැනඩාවේ අක්‌කලා දෙන්නෙක්‌ එක්‌ක තමයි අම්ම ජීවත් වෙන්නේ. අම්මට දැන් හරිම වයසයි.

ඔබට අක්‌කලාට නම් දැම්මේ අම්මාද නැත්නම් තාත්තාද?

අම්මයි තාත්තයි දෙන්නම. මුල්නම තාත්තාගේ. දෙවැනි නම අම්මාගේ.

තාත්තා ඔබලාට හොඳින් සැලකුවද?

අනේ ඔව්. ජීවත්ව සිටිද්දී කළ සියලුම යුතුකම් තාත්තා මියගිය පසුත් අප වෙනුවෙන් සිද්ධ කරනවා. ඕනෑම තැනකට ගියොත් කිසිම කරදරයක්‌ නැතිව අපිට ඕනෑම වැඩක්‌ ඉක්‌මනින් කරගන්න පුළුවන්. ඒ ජෝතිපාලගේ දුව නිසා. ජෝතිපාල කියන්නේ හොඳ තාත්තා කෙනෙක්‌. පාරේ යද්දී නාවර පෙරාගෙන ඉන්නා දරුවෙක්‌ දැක්‌කත් ගිහින් හිස අත ගානවා. ඉතින් පිට දරුවන්ට. එහෙම නම් තමන්ගේ දරුවන්ට කවදාවත් තාත්තා අපි හතර දෙනාට නම කියලා දුවේ කියලා ආමන්ත්‍රණය කළේ නෑ. අපිට තාත්තා නිතරම ඇමතුවේ පුතේ කියලා.

ඒ ඔහුට පුතෙක්‌ නැති නිසාද?

වෙන්ට ඇති. අපේ දෙවැනි අක්‌කා විතරයි තාත්තා මිය යන විට විවාහ වෙලා හිටියේ. දෙවැනි අක්‌කට පුතෙක්‌ ලැබුණා. පුතෙක්‌ නැති තාත්තා හරිම ආසාවුණා, මුණුපුරාව දැක්‌කාම. තාත්තා පුතාව වඩාගෙන සතුටු වුණා. පුතාගේ පළමු උපන් දිනය යෙදී තිබුණේ සැප්තැම්බර් මාසයේ. හොඳට උපන් දිනය සමරමු කියලා තාත්තා යෝජනා කළා. ඒත් තාත්තාට පුංචි පුතාගේ උපන් දිනය සමරන්න බැරි වුණා. ඊට මාස දෙකකට කලින් ජුලි 7 දා තාත්තා වියෝ වුණා.

තාත්තා වියෝ වෙද්දී ඔබ පාසල් සිසුවියක්‌?

නෑ. මම පාසලෙන් ඉවත් වුණා විතරයි. මම පුංචි කාලේ ඉඳලා රැකියා කළා. ජපානයෙත් වැඩ කළා. ලංකාවට ඇවිත් විවාහ වුණා. දැන් මට අවුරුදු හතක දරුවෙක්‌ ඉන්නවා.

එච්. ආර්. ජෝතිපාලගේ දරුවන් හතර දෙනාගෙන් එක්‌ අයෙකුවත් ගී නොගයන්නේ ඇයි?

ගීත අහන්නත් කවුරුහරි ඉන්න එපායෑ. දැන් හැමෝම ගී ගයනවානේ. අපි සිංදු අහනවා විතරයි. අපිට සිංදු කියන්න පුළුවන්. ඒත් අහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනනේ. ගී කියනවා ගී ගයනවා සුගායනය කරනවා කියලා කොටස්‌ තුනක්‌ තියෙනවනේ. ජෝතිපාලගේ දියණියන් විදිහට අපි හතර දෙනාටත් ගී කියන්න පුළුවන්. ඒත් ගායනා කරන්න සුගායනය කරන්න බෑ.

ඔබලාට සහෝදරයෙක්‌ සිටියානම්?

ඔව්. අපිට අයියා කෙනෙක්‌ හරි මල්ලී කෙනෙක්‌ හරි හිටියානම් ගීත ගායනා කරයි. ඒත් එච්. ආර්. ජෝතිපාලගේ මට්‌ටමෙන් කිසිම කෙනෙකුට ගී ගයන්න බෑ. අපේ තාත්තා ගීතයක්‌ ගැයුවාම එතැන උපරිමය තියෙනවා. කිසිම කෙනෙකුට ඉන් එහාට යමක්‌ ඉතිරි කරලා නෑ. අනෙක තාත්තලාගේ ගීත පුතාලා කියනවා වුණත් ඒවා සාර්ථක වෙලා නෑ. සෑම ගායකයෙකුටම තමන්ගේම කියලා අනන්‍යතාවක්‌ තියෙනවානේ.

ඔබ සිව්දෙනා ගීත ක්‍ෂේත්‍රයට එකතුකර ගන්න තාත්තා තුළ අදහසක්‌ තිබුණෙත් නැද්ද?

නෑ. මේ ක්‍ෂේත්‍රයට අපි කිසිම කෙනෙක්‌ එනවට තාත්තා කැමති වුණේ නෑ.

ඒ කාලේ අක්‌කලා නාට්‍ය රඟපෑවා. තාත්තා ඒකට කැමති වුණෙත් නෑ. ගැහැනු ළමයි රෑට සංදර්ශනවලට යනවාට තාත්තා කැමති වුණේ නෑ. තාත්තා අපිට කිව්වේ හොඳට ඉගෙන ගෙන ගෙන හොඳ රැකියා කරන්න කියලා තමයි තාත්තා අපිට කිව්වේ. අම්මත් එහෙමයි.

ඇයි ජෝතිපාල පදනමට ඔබ සම්බන්ධ වුණේ?

ජෝති මිතුරු සමාජය සහ ගුණසමරු පදනම නමින් සංවිධාන දෙකක්‌ තිබුණා. මේ දෙකට එකතු කරලා තමයි එච්. ආර්. ජෝතිපාල පදනම හැදුවේ. හුඟ දෙනෙක්‌ ඉල්ලීම් කළා. මට මේ පදනමේ මූලිකත්වය ගන්න කියලා පවුලේ කෙනෙක්‌ නිසා. 2010 ඉඳලා අපි තාත්තා අනුස්‌මරණය කරමින් “අමරණීය ජෝති ගීත ප්‍රසංගය කරනවා. ඒ හැරෙන්න අපි පින්කම් වැඩ කරනවා. හීල්දානය දෙනවා. නැති බැරි අයට උදව් කරනවා.

ජෝති උපහාර ප්‍රසංග දෙක තුනක්‌ම තියෙනවානේ?

පසුගිය කාලේ මුදල් සොයා ගැනීමේ අරමුණින් හැමෝම ජෝති උපහාර ප්‍රසංග කළා. තාත්තාගේ ගීත කියන්න විවිධ අයට දීලා මුදල් ගත්තා. ජෝති අනුස්‌මරණ ප්‍රසංග හරිම කරදරයක්‌ වුණා. ඒ නිසාම තමයි අපි මේ පදනම මගින් ප්‍රසංගයක්‌ කරන්න පටන් ගත්තේ.

මේ ප්‍රසංගයේදී ගී ගයන්නේ කව්ද?

තාත්තාගේම කට හඬින් ගී අහන්න බොහෝ අය කැමතියි. ඒ නිසා තාත්තා ගැයූ චිත්‍රපට ගීත අටකට නළු නිළියන් නර්තනාංග ඉදිරිපත් කරනවා. ඒ ඇරෙන්න ප්‍රවීණ ගායක ගායිකාවන් තාත්තා ගැයූ ගීත මේ ප්‍රසංගයේදී ගායනා කරනවා. හැම වසරේම ශාලාව පිරී ඉතිරී යනවා. කුලරත්න ශාලාවේ පහළ මාලය කොටසක්‌ නළු නිළියන්ට සහ මාධ්‍යවේදීන්ට වෙන් කරනවා. අනෙක්‌ කොටස පදනමේ අයට. මේ ආරාධිතයන්ට හැරෙන්න ඉහළ මාලය තමයි රසිකයන්ට වෙන්කර තිබෙන්නේ. එච්. ආර්. ජෝතිපාල නම් සල්ලි හොයන උල්පතක්‌. ඒ නිසා බොහෝ දෙනා තාත්තාගේ නම විකුණලා උපහාර ප්‍රසංග කරනවා. හරිම කනගාටුයි. මිනිස්‌සු බනින්නේ තාත්තාට මැරිලත් ප්‍රසංග කරලා සල්ලි එකතු කරනවා කියලා තාත්තට බනින අයත් ඉන්නවා. ඒක නිසාමයි අපි මේ ප්‍රසංගය නොමිලේ පවත්වන්නේ. අපිට නෙස්‌ලේ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දෙනවා.

ඔබේ පියාගේ ගීත අලුත් අය ගයනවා ඔබ ඒකටත් විරුද්ධද?

ඉස්‌සරනම් හරියට කේන්ති ගියා. ඒත් දැන් හිතෙනවා තාත්තාගේ ගීත කවුරු ගායනා කළත් ජෝතිපාල හඬ යටපත් කරන්න බෑනේ කියලා. නවකයෝ විතරක්‌ නොවේ රූකාන්ත වැනි ප්‍රවීණයින් පවා තාත්තාගේ ගීත ගැයුවා. ඒත් ඒවා ටික කාලයයි. තාත්තාගේ ගීත උඩට එනවා. තව අවුරුදු සීයක්‌ ගියත් තාත්තාග් ගීත පවතිනවා. සමහරු ඉතින් තාත්තාගේ ගී ගයලා සල්ලි හම්බ කරනවා. ඒ පින අයිති වන්නේ තාත්තටනේ. තාත්තාගේ ගීත වෙන අය ගැයීම නිසා පැරැණි ගීත තව තවත් අලුත් වෙනාව.

තාත්තා ගැයූ ගී අදත් ඇහෙද්දී ඔබට දැනෙන සතුට…?

තාත්තා ජීවත්ව සිටිද්දීත් ඒ ගී අපිට ඇහුණා. දැන් තාත්තා නැතිවෙලා අවුරුදු විසිඅටයි. අදත් ඒ ගී ඇහෙනවා. තාත්තා අවුරුදු 52 ක්‌ ජීවත් වුණා. ඒ කාලයෙහි අවුරුදු තිස්‌ තුනක්‌ම ගී ගැයුවා. ජීවිතයෙන් භාගෙට වඩා වැඩි කාලයක්‌ තාත්තා ගත කළේ ගීයත් සමගින්. මගේ තාත්තා එච්. ආර්. ජෝතිපාල වීම ගැන හරිම අහිංසක සතුටක්‌ දැනෙනවා. මම අක්‌කලා ජෝතිගේ දියණියන් වීම ආඩම්බරයක්‌… වාසනාවක්‌.

අන්තර් ජාලයේ පලවු තොරතුරු ඈසුරෙනි.

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *