Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඈමරිකාව ඉරානය සමග ඈතිකරගත් න්‍යෂ්ඨික ගිවිසුම ඓතිහාසික වෑරෑද්දක්! ඊශ්‍රයලය කියයි.

ඈමරිකාව ඉරානය සමග ඈතිකරගත් න්‍යෂ්ඨික ගිවිසුම ඓතිහාසික වෑරෑද්දක්! ඊශ්‍රයලය කියයි.

Israeli soldiers stand near a display of M302 rockets found aboard the Klos C ship at a navy base in Eilatඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ඉරානය හා ලෝක බලවතුන් අතරඇතිවූ එකගතාවයට ඊශ‍්‍රායලය බැඳී නොසිටින බව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇතැයි වාර්තා වේ.

වියානාහි ඇති කරගත් එකගතාවය පිළිබඳ විමසූ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ ලැබී ඇති වාර්තාවලට අනුව මෙම ගිවිසුම ලෝකයට අදාළව ඓතිහාසික අත්වැරදීමක් බවයි.

මෙමගින් අන් බොහෝ රාජ්‍යයන් මෙන්ම ඊශ‍්‍රායලයද අනතුරේ හෙළන බව නෙතන්යාහු පවසා තිබේ.

ඊශ‍්‍රායලය විනාශ කිරීම සඳහා ඉරානය කටයුතු කරමින් සිටින බැවින් තම ආරක්‍ෂාව සලසා ගැනීමේ අයිතිය හා වගකීම ඊශ‍්‍රායලය සතු වන බවද ඔහු සඳහන් කර ඇත. ඊශ‍්‍රායල අගමැතිවරයා අවධාරණය කර ඇත්තේ ඉරානයට මිලිටරි න්‍යෂ්ටිකහැකියාවක් වර්ධනය කරගැනීම සඳහා කිසිවිටක ඉඩ නොතබන බවයි.SWITZERLAND-IRAN-NUCLEAR-POLITICS

න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම සඳහා ඉරානයට අවකාශ සැලසෙන හෙයින් වැළැක්විය හැකිව තිබූ සියලූ කලාපයන්එකගතාවය හරහා නිදහස් කර us-army-withdrewal-iraqඇති බව පවසා ඇති නෙතන්යාහු ගිවිසුමකට අත්සන් කිරීමේ ආශාව අන් සියල්ලටම වඩා බලවත්ව ඇති බව පවසා තිබේ.

පසුගිය කාලසීමාව පුරා ඉරාන න්‍යෂ්ටික එකගතාවයක් ඇතිකරගැනීම වැළැක්වීම සඳහා බෙන්ජමින් නෙතන්යාහු වෙහෙසවූ අතර ඇතිකරගත් එකගතාවය ඇමරිකානු කොංග‍්‍රසය තුළ පරාජය කිරීම සඳහාද ඊශ‍්‍රායලය උත්සහ දරනු ඇතැයි පැවසේ.

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *