Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / හොංකොං පාළනය චිනය සමග මත ගෑටුමක්.

හොංකොං පාළනය චිනය සමග මත ගෑටුමක්.

හොංකොංහි මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව චීනය ඉදිරිපත් කළ යෝජනාවක් හොංකොං මන්ත්‍රණ සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
බ්‍රිතාන්‍යයේ කොලනියක් ලෙස පැවැති හොංකොං රාජ්‍යය චීනයට පවරාදීමෙන් පසු 2017 වසරේදී මැතිවරණයක් හරහා එරට නායකයා තෝරාපත් කර ගැනීමට අදාළ යෝජනාවක් චීනය විසින් ඉදිරිපත් කර තිබුණි.Hong-Kong

එහෙත් හොංකොං ජනතාවට තම නායකයා ලෙස තෝරාගත හැක්කේ චීන පරිපාලනය විසින් අනුමත කළ නම් ලැයිස්තුවක අයෙකු බවට කොන්දේසියක් පනවා තිබීම හොංකොං ජනතාවගේ ද විරෝධතාවට හේතු වුණි.

 ඡන්ද විමසීමේදී චීනයේ යෝජනාවට වි banner_hkccරුද්ධව මන්ත්‍රණ සභාවේ ඡන්ද 28 ක් හිමි වූ අතර ඊට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 08 ක් පමණයි.

චීනයට පක්ෂපාති මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේදී සභාගැබෙන් පිටව ගොස් ඇත.

මන්ත්‍රණ සභාවේ තීරණය පිළිබඳ හොංකොං ජනතාව සතුට පළ කර ඇති අතර වත්මන් පාලකයාගේ අදහස වී ඇත්තේ මන්ත්‍රණ සභාව ජනතා අදහස්වලට පිටුපා කටයුතු කර ඇති බවයි.

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *