Breaking News
Home / ජාත්‍යන්තර ප්‍රවෘති / ඈමරිකාව සහ චිනය තම පරස්පර විරෝධතා ගෑන තිරණාත්මක සාකච්ජාවක.

ඈමරිකාව සහ චිනය තම පරස්පර විරෝධතා ගෑන තිරණාත්මක සාකච්ජාවක.

ලෝක ආර්ථික බලවතුන් දෙදෙA boy who is waiting to greet U.S. Secretary of State Clinton at the National Museum makes a face while holding the U.S. and Chinese flags in Beijing1131746684713නා වන ඇමෙරිකාව සහ චීනය අතර ඇති විරසකයන් සමනය කර ගැනිමේ අරමුණ ඇතිව පැවැත්වෙන ප්‍රධාන පෙළේ සාකච්ඡාවක අවසන් සාකච්ඡා පවත්වා ඇත.

දෙපාර්ශ්වය අතර විසඳා ගතයුතු යම් ගැටලු ඇතත් ගැටුම්කාරී තත්ත්වයන් ඇතිනොකරගන්නා බවට දෙපාර්ශ්වය ප්‍රතිඥා දුන් බව වාර්තා වේ.එම සාකච්ඡා වටයේදී වැඩිම අවධානය යොමුවි ඇත්තේ සයිබර් සුරක්ෂිතතාව සහ දකුණු චීන මුහුදේ ස්වාධිනත්වය සම්බන්ධයෙනි.ලොව වානිජ ප්‍රවාහන කටයුතුවලින් 80%ක්ම සිදුවන මුහුදු මාර්ග විවෘතව තැබිය යුතු බවට අමෙරිකන් උප ජනාධිපති ජෝ බයිඩන් මෙහිදි චීනයට ඝෘජුව අනතුරු අඟවා තිබේ.

වගකීමෙන් යුතුව කටයුතු කරන රටවල් ජාත්‍යන්තර නීතිය පිළිපදිමින් බාධාවකින් තොරව වානිජ කටයුතු කරගෙන යාම සඳහා මුහුදු මාර්ග විවෘත කර තැබිමට ඇපකැප වන බව ඔහු අවධාරණය කර තිබේ.දකුණු චීන මුහුදේ චීන ආධිපත්‍ය පතුරුවා හැරීමට එරෙහිව දෙපාර්ශ්වය අතර අවස්ථා කිහිපයකදීම විරසකයන් ඇතිවිය.මේ අතර දකුණු චින මුහුදේ දුපත්වල අයිතිය සම්බන්ධයෙන් චීනය සහ අසල්වැසි රටවල් අතර ඇති ගැටුම් සාමකාමි ලෙස නිරාකරණය කර ගත යුතු බවද බයිඩන් අවධාරණය කර තිබේ.රාජ්‍යතාන්ත්‍රික බවින් තොරව කටයුතු නොකිරීමේ ප්‍රතිඵලය අස්ථාවරත්වය පමණක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදි චීන උප ජනාධිපති වැංයැං චිනය සහ අමෙරිකාව අතර සෑම කරුණක්ම පිළිබඳව එකඟතාවක් නැති බවත් එකී කරුණු පිළිබඳව සම්මුතියකට පැමීණීමට නොහැකිවි ඇති බවත් විවෘතව පිළිගෙන තිබේ.ගැටුම් ඇතිකර ගැනීමෙන් අත්වන්නේ ඝෘනාත්මක ප්‍රතිඵල බවත් එය දෙපාර්ශ්වයටම හානිකර බවත් ඒ නිසා මුළු ලොවටම අත්වන්නේ අනර්ථයක් බවත් උප ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මෙම අවස්ථාවට සමගාමීව චින රාජ්‍ය නිතීඥ යැං ජිචි ගේ නායකත්වය යටතේ 400කින් පමණ සමන්විත චිනයේ ඉහළ පෙළේ ධුත පිරිසක් ජනාධිපති ඹබාමා සහ උප ජනාධිපති බයිඩන් ඇතුළු අමෙරිකන් නියෝජිත පිරිසක් බදාදා හමුවි ඇත.එදින පවත්වා ඇත්තේ දෙරට අතර වාර්ෂිකව පැවැත්වෙන සාකච්ඡාවල හත්වන සාකච්ඡා වටයයි.ශීඝ්‍රයෙන් වෙනස්වන ලෝකයක නව නීති පද්ධතියකට අනුකූලව කටයුතු කිරිමට චීනය සහයෝගය දැක්විය යුතු බව අමෙරිකන් උප ජනාධිපති මෙහිදී පවසා ඇත.

ප්‍රබල තරඟකාරීත්වය යටතේ මත ගැටුම් ඇති වීම ජාත්‍යන්තර සබඳතාවන්හි අනිවාර්ය ලක්ෂණයක් බව ‍ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.අමෙරිකාව සමඟ චීනය විවෘත මනසකින් කටයුතු කරන බවට චීන උප ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දි තිබේ.

සයිබර් අවකාශයේ දෙපාර්ශ්වය පිළිගත් ප්‍රමිතීන් පිළිපැදිය යුතු බව අමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ජේකබ් ලිව් අවධාරණය කර තිබේ.මේ අතර අමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරි පවසා ඇත්තේ ඹ්නැම දෙපාර්ශ්වයක් අතර මත ගැටුම් ඇතිවිය හැති වුවත් ඒවා නියත වශයෙන්ම විසඳාගත හැකි බවයි.මේ අතර ලොව වැඩිම හරිතාගාර වායු විමෝචකයන් දෙදෙනා වන අමෙරිකාව සහ චිනය දෙසැම්බර් මාසයේ පැරීසියේදී පැවැත්විමට නියමිත දේශගුණ විපර්යාසය පිළිබඳ සමුළුවට පෙර හරිතාගාර වායු විමෝචනය අඩුකරීමට ඇපකැපවි කටයුතු කරන බවද ඔහු අනාවරණය කර තිබේ.

About SirilakaNews

Check Also

NAVE

ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට එල්ල කළ ප්‍රහාරයට සෞදි අරාබිය,ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට චෝදනා කරයි. Saudi Arabia and the United States accuse Iran of assault on two oil ships at Gulf Coast.

ඕමාන් ගල්ෆ් කලාපීය මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට පසුගිය දා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *