Breaking News
Home / ක්‍රීඩා / ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය කුමාර් සංගක්කාර ලොව දක්ෂතම පිතිකරු ලෙස නම් කරයි.

ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය කුමාර් සංගක්කාර ලොව දක්ෂතම පිතිකරු ලෙස නම් කරයි.

kumar-sangakkara-in-icc-world-cup-2015අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ජගත් ටෙස්ට් පිටියේ දක්ෂතම ටෙස්ට් පිතිකරු ස්ථානය හොබවන්නේ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරයි.

තුන් ඉරියව් ක්‍රීඩා කෞෂල්‍යකින් හෙබි සංගා පෑවෑති ලෝක කුසළානයේදි මෙන්ම සියළුම ජාත්‍යන්තර ටෙස්ට් තරග වලදි පිතිකරුවෙකු ලෙස දක්වා ඈති දස්කම් ජගත් ක්‍රිකට් කවුන්සිලයේ විනිස්චයට බදුන් විමෙන් පසු ජාත්‍යන්තර තලයේ සියළුම ක්‍රිඩකයන් අභිබවා ඔහු හොදම ටෙස්ට් පිතිකරු ලෙස නම් කර ඈත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ට ටෙස්ට් පිටියේ පස් වෙනි දක්ෂතම පිතිකරු ස්ථානය හිමි වී තිබේ.

පන්දු යවන්නන් අතරින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩේල් ස්ටේන් පළමු ස්ථානයට පත්වෙද්දී, ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සිවුවැනි ස්ථානය දිනා ගෙන තිබේ.

කෙසේ නමුත් ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන්නේ හය වෙනි ස්ථානයයි.

අයිසීසී ශ්‍රේණිගත කිරීමට අනුව, දකුණු අප්‍රිකාව මේ වන විට ලොව දක්ෂතම ටෙස්ට් කණ්ඩායමයි.

About SirilakaNews

Check Also

CRIKAT OLIMPIC

ක්‍රිකට් ක්‍රිඩාව ලොස් ඇන්ජලිස් ඔලිම්පික් යයිද? Cricket to be held in olympic Los Angeles?

ලොව විශාලතම ක‍්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රිකට් ඇතුළත් කිරීමට එම්.සී.සී. ක‍්‍රිකට් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *