Breaking News
Home / ප්‍රධාන පුවත් / හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳ ව්‍යාකූල තත්වයක්!

හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳ ව්‍යාකූල තත්වයක්!

හිටපු ජනාධිපති මහින්ද mahinda-with-maithripala-sirisenaරාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ හටගත් ව්‍යාකූල තත්වය හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය යලිත් වරක් වෙනස් වී ඇත්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

19 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී සඳුදා සවස් යාමයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

කෙසේ නමුත් සඳුදා රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පෙන්වාදෙන ආරංචි මාර්ග , 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අඟහරුවාදා උදෑසන ඉදිරිපත් කරන්නේ දැයි එහිදී තීරණය කෙරෙනු ඈතෑයි ද පෑවසෙයි.

මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ඇතුලත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ එකට ඉදිරිපත් කරන්නේ නම් පමණක් 19 වැනි සංශෝධනයට පක්ෂව සිය ඡන්දය භාවිත කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට තිබේන බව සිරිලකට වාර්තා වෙයි.

About SirilakaNews

Check Also

Untitled-1

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් හමුවේ. Thousands of dead LTTE cadres Rediscovers in Canada

මියගිය කොටි දහසකට වැඩි පිරිසක් කැනඩාවේ ටොරොන්ටෝ  නුවර ජිවත්වන බව හෙළිවි ඇතැයි එරට  නිව් ටොරෙන්ටෝ පුවත්පත ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *