Breaking News
Home / ප්‍රධාන පුවත් / මීලග පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් වෙයි.

මීලග පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මීළඟ ඡන්දයෙන් බලයට පත්වන පක්ෂවල හා imagesH1DMJ0RSතේරී පත්වන මන්ත්‍රීවරුන් සියලු දෙනා එක්වී පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස කටයුතු කරන්නට ක්‍රමයක් සකස් කරන බව අධිකරණ හා කම්කරු ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

රටට ඔබින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර ගැනීම සඳහා මීළඟ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක සභාවක් ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද මේ ක්‍රමයට වසරක් දෙකක් ගත විය හැකි බව ද ඇමැතිවරයා කීය.

ව්‍යවස්ථා සංශෝධනයේ සැඟවුණු න්‍යාය පත්‍රයක් නැති බවත් කවුරු බලයට ආවත් නිසි ක්‍රමවේදයක් සකස් කිරීම මඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම යුගයේ අවශ්‍යතාවක් යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. 19 වැනි සංශෝධනයේදී වර්තමාන ජනාධිපතිවරයාට තිබෙන බලතල එලෙසම පවතින බව ද එතුමාගේ පාලන යුගයෙන් පසු ජනාධිපති බලතල සංශෝධනය ක්‍රියාත්මක වන බව ද හෙතෙම පැවැසීය.

About SirilakaNews

Check Also

CG_b7298a7f-9image_story

මෙවර ජනාධිපතිවරණයේ වියදම රුපියල් කෝටි 700 ක්! 700 million rupees for the presidential election!

පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ වියදම රුපියල් කෝටි 700 දක්වා වැඩිවනු ඇතැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *