Breaking News
Home / දේශපාලන / ප්‍රසන්න මහ ඈමතිකමින් ඉවත් කිරිමට රාජිත කුමන්ත්‍රණයක

ප්‍රසන්න මහ ඈමතිකමින් ඉවත් කිරිමට රාජිත කුමන්ත්‍රණයක

බස්නාහිර පළාත් මහrajitha ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ඉවත් කිරීම සදහා විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ උත්සාහයක් පවතින බව ආණ්ඩු පක්‍ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇමතිවරයා මේ සදහා මූලිකත්වය ගෙන තිබේ. අවස්ථා ගණනාවකදීම රණතුංග මහතා   බස්නාහිර පළාත් මහ ඇමති ධූරයෙන් ඉවත්් කිරීමට උත්සාහා ගැනුනද පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ සහයෝගය නොමැති වීමෙන් එය අසාර්ථක විය.

මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට රාජිත සේනාරත්න ඇමතිවරයා ඇතුලූ පිරිසක් තීරණය කර ඇත.

ඒ අනුව රාජිත සේනාරත්න ඇමතිවරයා බස්නාහිර පළාතේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් කිහිපදෙනෙකුට  විශේෂ සාකච්ඡවකට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. මෙම විශ්වාසභංගය සදහා එක්සත් ජාතික පක්‍ෂයේද සහයෝගය ලබා ගැනීමට අපේක්ෂිතයි. මෙම ඇමතිවරයා සිය හිතවතුන්ට පවසා ඇත්තේ ඊළග පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කෙසේ හෝ රණතුංග මහතා ඉවත් කරන බවයි.

පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා බවට පත්කළ යුතු යැයි හඩ නගන කණ්ඩායමේ ප‍්‍රබලයෙකු වේ. පළාත් මහ ඇමතිධූරය දරමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහු අනිවාර්්‍යයෙන්ම එම තනතුරෙන් ඉවත් කළ යුතු බව රාජිත සේනාරත්න ඇමතිවරයා සදහන් කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

About SirilakaNews

Check Also

ISIS

ප්‍රහාර වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා! There are serious allegations that the president was responsible for the failure to prevent attacks.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස 359 ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *