Breaking News
Home / කලා / දර්ශන් ධර්මරාජ්ගේ අඛණ්ඩ වතුර දන්සෑල

දර්ශන් ධර්මරාජ්ගේ අඛණ්ඩ වතුර දන්සෑල

වෙසක් පොසොන් සමයේ දී දන්සල් දෙන නළුවන් ඕන තරම් ඉන්නවා. එහෙම නැතත් ඒ කාලවල්වල දී තමන්ට පුළුපුළුවන් හැටියට දාන මාන කරන නළුවනුත් හිඟ නැහැ කියලා කියන්න පුළුවන්.

මේ අතරේ වතුර දන්සලක් දෙන නළුවෙක් අපි හොයා ගත්තා.

ඔහු නිකම්ම නිකDARSHANම් නළුවෙක් නෙවෙයි. හොඳම නළුවා ලෙස අවස්ථා කිහිපයකදීම සම්මානනීය වෙච්ච කෙනෙක්. දර්ශන් ධර්මරාජ් තමයි මේ නළු මහත්තයා. මෙයාගේ වතුර දන්සල වෙසක්, පොසොන් සමයන්ට පමණක් සීමා නොවුණු එකක් වීම විශේෂත්වයක්.

දර්ශන්ගේ ගම රක්වාන වුණත් ඔහුගේ වර්තමාන පදිංචිය කොළඹ. පුංචි බොරැල්ලේ නව මහල් නිවාස සංකීර්ණයේ පහළම තට්ටුවේ නිවසකයි දර්ශන් දැන් ජීවත් වෙන්නෙ.

මේ නිවාස සෑම එකකටම පාහේ පිටතින් වතුර පයිප්පයක් ඉදිකරලා තියෙනවා. දර්ශන්ගෙ නිවසෙත් එහෙමයි. නිවසින් පිටත මේ පයිප්පය තියන හින්දා ඒ අහල පහලින් යන ඕන කෙනෙක් වතුර තිබහ නැතත් අඩුම ගානෙ අත හෝදාගෙන යන එක පුරුද්දක් වෙලා.

මේ හේතුවෙන් නිවෙස්වල අයිතිකරුවන් කරන්නෙ තමන් නිවසින් පිටතට යනවානම් ටැප් ලයින් එක වහලා යන එක. හැබැයි දර්ශන් නම් කවදාවත් එහෙම කරන්නෙ නැතිලු. කාට හෝ වතුර පොදක් දෙන එක පිනක් නිසා දර්ශන් තමන්ගෙ නිවසේ ටැප් එක ඕන කෙනෙකුට විවෘත කරලයි තියෙන්නෙ. මේ බව දන්න අවට කොල්ලෝ කුරුට්ටො හවස ක්‍රීඩා කරලා කෙළින්ම දුවගෙන එන්නෙ දර්ශන්ගෙ වතුර පයිප්පෙ ගාවටලු.

කොහොම හරි මේ කතාව ප්‍රසිද්ධ වෙලා දැන් දර්ශන්ගෙ පයිප්පය පොදු එකක් බවට පත් වෙලා. කොහොම හරි දර්ශන්ගෙ මාසික විදුලි බිල රුපියල් අසූවක් පමණ වෙද්දි වතුර බිල තුන්දහසත් ඉක්මවලාලු.

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *