Breaking News
Home / කලා / ජපනයේ පඹයන්ට ප්‍රසිද්ධ ගමක්

ජපනයේ පඹයන්ට ප්‍රසිද්ධ ගමක්

සුකිමි අයානෝ පළමු වරට පිදුරුවලින් පඹයකු සැදුවේ මීට වසර 13 කට පෙරය. සිය ගෙවත්තේ pic-1ධාන්‍ය අහුලා කන කුරුල්ලන් බියකර පලවා හැරීම ඇගේ අරමුණ විය. ඇය එසේ සෑදු ජීවමාන ප්‍රමාණයේ පඹයා බොහෝ සෙයින් ඇගේ පියාට සමාන වූයේය. ඉන්පසු සුකිමි දිගටම පඹයන් සෑදුවාය. එදා ඇය ආරම්භ කළ පඹයන් සෑදීම නතර කිරීමට ඇයට හැකිවුයේ නැත. ඇය අනතුරුව දිගින් දිගටම පඹයන් සෑදුවාය.

දකුණු ජපානයේ කුඩා ගම්මානයක් වන නාගෝරෝ අද සුකිමිගේ පඹයන් නිසා බැබළෙන්නේය. ඇය අතින් නිම වන විවිධ හැඩයන්ගෙන් යුතු පඹයන් අද ඒ ගම්මානයේ වැසියන්ගේ එදිනෙදා ජිවිත සමඟ ද බැඳී පවත්නේය.

සුකිමි ජීවත්වන නගෝරෝ ගම්මානයේ නිවෙස්, කුඹුරු යාය, ගොවිපොළවල්, ගස්ගල්, මංමාවත් පමණක් නොව ජනයාගෙන් පිරුණු බස් නැවතුම්පොළවල ද පඹයෝ අරක් ගෙන සිටිති. කිසිදාක බසයක් නොනැවැත්වුවද පඹයන් බස් නැවතුම්පොළවලට වී බලා සිටින්නේ බසයක් නවත්වාවිදැයි දැඩි බලාපොරොත්තු සහගතවය.

‘මේ මුළු ගමේම ජනගහනය 35 යි. ඒත් මෙහි පඹයන් 150 ක් පමණ සිටිනවා’ යැයි සුකිමි පවසන්නීය.

ජපානයේ ගම්බද පිහිටි අනෙකුත් ගම්මාන මෙන් නගාරෝ ගමේ ද තරුණ තරුණියෝ රැකියා සොයා නගර කරා පියමං කර සිටිති. ගමේ ඉතිරිව සිටිනුයේ විශ්‍රාමිකයන් පමණි. සුකිමි එහි සිටින වැඩිහිටි ජනතාව අතරින් ළාබාලතම පදිංචිකාරියයි. ඇගේ වයස අවුරුදු 65 කි.

ගමේ පාසල වසා දැමුණේ 2012 වසරේදී එහි සිටි අවසන් සිසුන් දෙදෙනා ද ඉහළට සමත් වීමෙනි. නමුත් දැන් පාසලේ සිසුන් වෙනුවට සිටිනුයේ සුකිමිගේ පඹයන්ය. පාසලේ පන්ති කාමර පුරා බංකු පුටුවල වාඩිවී සිටින පඹ සිසුහු අගේට පාඩමෙහි යෙදෙති. පඹ ගුරුවරු සිසුන් හික්මවා ගනිමින් අකුරු කියා දෙති. කොරිඩෝර හා පාසල් මිදුලේ ද පඹ සිසුන්ය. පඹ ගුරුවරුන් සිසුන්ට උගන්වද්දී ටයිකෝට් හැඳි විදුහල්පතිවරයා පන්ති කාමර අධීක්ෂණය කරයි.

සුකිමි විසින් වසර ගණනක් මුළුල්ලේ සාදන ලද පඹයන් 350 කට අධික සංඛ්‍යාවක් එහි වෙයි. පත්තර හා පැරැණි රෙදි කැබලි ඇතුළට පුරවා සාදන ලද මේ පඹයන් ලෑලි පුවරු මත අපූරුවට සිටුවා ඇත්තේය. එළිමහනේ රඳවා ඇති පඹයන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වීමට ප්ලාස්ටික් දවටනවලින් වසා දැමීමට සුකිමි වග බලා ගන්නීය. යම් කිසි ලෙසකින් හානි වූ පඹයන් වෙනුවට අලුතින් පඹයන් සිටුවීම ද සුකිමි විසින් කරනු ලබයි.

ඇතැම් අවස්ථාවල සුකිමි ඇනවුම් සඳහා ද පඹයන් සාදයි. ගමෙන් නගරයට සංක්‍රමණය වූ ගමේ නව පරපුරේ ඇත්තන්ගේ සහ මියගිය අයගේ ස්වරූපයට නෑකම් කියන ඒ පඹයෝ ඔවුන්ගේ නෑසියන්ට සිය සමීපතමයන්ගේ මතකයන් අලුත් කරති.

නගෝරෝ ගමට එන පාර දෙපස සිටුවා ඇති පඹයන් දෙදෙනා සංචාරකයනට අපූරුවට ගමට එන මඟ පෙන්වතිි. ඒ පඹයන් දෙදෙනා ළඟින්ම සිටුවා ඇති පුවරුවේ ‘පඹයන්ගේ ගම්මානය’ යනුවෙන් සඳහන් පුවරුවකි.

එලෙස මඟ සොයාගෙන ගමට එන සංචාරකයනට සුකිමි සිය නිර්මාණ පෙන්වන්නේ ඉතා සතුටිනි. සෑම උදෑසනකම ඇය ගම වටා රවුමක් යන්නේ ගම පුරා සිටුවා ඇති පඹයන්ට ‘සුබ උදෑසනක්’ පතමින් ඒවායේ කැඩී බිඳී ඇති තැන් සකසමිනි.

About SirilakaNews

Check Also

Muthu-Tharanga

ඇය මුතු නම් තරංගාවක් විය! was a wave of pearls

වසූදා, සඳගොම්මන් රෑ, සිදන්ගනා, ඉහිරුණු කිරි, මැදගෙදර ඇතුඵ ටෙලි සිත්තම් රැුසකදීත් පේ‍්‍රම පාරමී, සෙව්වන්දි සහ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *