Breaking News
Home / කලා / චාල්ස් සහ ඩයනාගේ නළ දරුවා ඈමරිකාවෙන් මතු වෙයි.

චාල්ස් සහ ඩයනාගේ නළ දරුවා ඈමරිකාවෙන් මතු වෙයි.

බ්‍රිතාන්‍යයේDAYANAS DOTAR ඔටුන්න හිමි චාල්ස් කුමරුට සහ පළමු බිරිඳ වූ ඩයනා කුමරියට විලියම් සහ හැරී කුමරුන් දෙදෙනාට  අමතර  ව තවත් දියණියක සිටි බවට අමෙරිකානු සඟරාවක තොරතුරු පළ කර ඇතැයි වාර්තා වේ.

සාරා නම් එම දියණිය මේ වන විට 33 වන වියේ පසුවන බව Globe නමැති අදාළ සඟරාවෙහි දක්වා ඇත.

මෑතක දී විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඩ්ල්ටන් අමෙරිකාවට පැමිණ සාරා හමු වූ බව ද එම සඟරාවෙහි සඳහන් කර තිබේ. මෙම පුවත සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති වුව ද ඊට අදාළ තොරතුරු කිහිපයක් එම සඟරාව හෙළි කර තිබේ.

චාල්ස්ගේ ශුක්‍රානු සෛල සහ ඩයනාගේ ඩිම්බ සෛල එක් කර කළලයක් නිපදවා ඇති අතර එය දැරියක බිහිවන කළලයක් බව හඳුනා ගැනීමෙන් අනතුරු ව එම කළලය විනාශ කිරීමට උපදෙස් දී ඇති බව එහි දක්වා ඇත.

එහෙත්, එම කළලය විනාශ නොකළ වෛද්‍යවරයෙකු එය සිය බිරිඳගේ කුසෙහි තැන්පත් කළ බව එම වාර්තාවෙහි සඳහන් වේ. ඩයනා 19 වැනි වියේ පසුවනවිට මෙම සිද්ධිය සිදු ව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, අදාළ වෛද්‍යවරයාගේ බිරිඳගේ කුසෙහි තැන්පත් කළ කළලයෙන් සාරා නමැති දැරිය බිහි වී තිබේ. ‍විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ හැඟෙන මෙම සිද්ධිය ප්‍රචාරය කිරීමෙන් පසුව එය සාවද්‍ය බවට කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු වී නොමැතිවීම ද විශේෂත්වයකි.

About SirilakaNews

Check Also

samitha

ලෝකයේ ප්‍රථමවතාවට එකම චිත්‍රපටයකදි මවක් සහ දියණියක් සම්මාන ලැබීම! Mother and Daughter In the same movie Award for the first time in the world

මම විතර සතුටෙන් ඉන්න අම්ම කෙනෙක් නැතුව ඇති මම හැමදාමත් නවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා පසුගියදා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *